Thursday, December 29, 2016

යහපාලනය: ඇත්තටම සිදුවන්නේ කුමක්ද?

හපාලන ආණ්ඩුව පත්කිරීමට උරදුන් බොහෝ අයට බොහෝ බලාපොරොත්තු තිබුණි. ඒ බලාපොරොත්තු බොහෝ සෙයින් ආත්මාර්ථකාමී ඒවා නොවිය. බහුතරයක් බලාපොරොත්තු වුයේ යහපත් හෙට දවසකි. කුඩා පිරිසක් සාක්කු පුරවා ගැනීමට තැත් කලත් බහුතර පිරිසකගේ බලාපොරොත්තු යහපත් ඒවා විය. මහින්ද රාජපක්ෂ බලයට පැමිණියේ නරක (ආත්මාර්ථකාමී) බලාපොරොත්තු ඇතිවය. බලයට පැමිණි පසු ඔහු ඒවා ක්‍රියාවේ යෙදවිය. නමුත් යහපාලනවාදීන් පැමිණියේ හොද දේ කිරීම සඳහාය. නමුත් සිදුවුවේ ආපතික ලෙස ප්‍රතිවිරුද්ධ දෙයකි.  එසේ වන්නේ ඇයි යන්නට ඇති න්‍යායික පිළිතුර කවරේද? මෙම ගැටලුවට පිළිතුරු නැතිව කුමන දෙයක් කලත් පලක් වේද? සත්‍ය ම ගැටලුව නම් 'නරක අය පැමිණ නරක දේ කිරීම නොව හොඳ අය පැමිණ නරක දේ කිරීමය'. විසිවන සියවසේ සමාජවාදයට සිදුවුවේ මෙයයි.... 




Wednesday, December 21, 2016

ඇත්තටම පාලිත ට පිස්සුද?

නැවතත් පාලිත තෙවරප්පෙරුම නාටකය තවත් වටයකින් පටන් ගෙන ඇත. මෙවර එය පරිසර ප්‍රශනයක හැඩය ගනී. නැවතත් ඔහු තම 'ශරීරය' මැදිහත් කර ඇත. එතුලින් ඔහු දිනපතා පුවත් මවයි. කැපී පෙනෙයි. ප්‍රශ්නයේ ස්වබාවය කේවල නොවී ගෝලීය වන හෙයින් සිදුවන මගුලක් නැත. ඔහු පිස්සෙකු ලෙස නම්කිරීම පහසු වුවත් ඔහුගේ ශරීරය හරහා අපට පෙන්නුම් කරන්නේ නැවතත් සමස්ත ක්‍රමයේ නොහැකියාවයි. ගැටළු වලට විසදුම් නොමැති බවයි... 






Tuesday, December 13, 2016

ශරීර දේශපාලනය, විපරීත ජනමාධ්‍ය සහ නාවුක හමුදාපති

ලාංකික විමුක්ති අරගල වල මිනී කඳු දැක ඇති මා සාමාන්‍යයෙන් යුධ හමුදා හෝ ඔවුන්ගේ වීරත්වය ගැන කතා කිරීමට ආචාර ධාර්මිකව මැලි වෙමි. නමුත් වීරත්වය යන්න මා ප්‍රතික්ෂේප නොකරමි. අද දවසේ වඩාත්ම අවශ්‍ය ධෛර්ය සම්පන්න පිතෘ මුලිකත්වයක් බවත් ඉඳුරා පිලිගනිමි.  පවත්නා හිස් බව (void) විණිවිද යෑම සඳහා එම නිර්භීත බව අවශ්‍ය වේ. මිනිසුන්ගේ අපේක්ෂා භංගත්වය (angst) කෝපයක් (anger) බවටත් එම කේන්තිය ප්‍රචණ්ඩත්වයක් (riot) බවටත් පත්වීමට වැඩි කාලයක් ගත වන්නේ නැති බව සෑම අයෙක්ම වටහා ගත යුතුය. බ්‍රිතාන්‍ය යෙන්, ඇමෙරිකාවෙන් මෙන්ම යුරෝපයෙන් අප උගත යුතු පාඩම එයයි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම වෙනුවෙන් ගෙවන මිළ ඉතා විශාල විය හැක.  

නාවික හමුදාවේ හම්බන්තොට සිද්ධිය (event) අපට එම ප්‍රශ්නය දෙස බැලීමට නව මානයක් අත්කර දෙයි. යම් සිද්ධියක් හෝ ව්‍යාපෘතියක් නිශ්චිත සිරවීමකට (deadlock) ලක්වී සිටිනම් එයින් අපව ගලවා ගැනීම සඳහා ශරීර දේශපාලනයක් (body politics) අවශ්‍ය වේ. නාවුක හමුදාපති වරයා විසින් කරනු ලබන්නේ එම ශරීර දේශපාලනයයි. අනෙක් අතට පද්ධතිය තුළ සැඟවී ඇති 'සත්‍යය' වාර්තා කිරීම සඳහා වර්තාකරුවන්ට ද දෙනලද සීමා ඉක්මවා යාමට සිදුවේ. කුළුගැන්වීම මත ලාබය සොයන එම මාධ්‍ය ආයතන ඉල්ලා සිටින්නේද 'උල්ලංඝනය ම' (transgression itself) වන අතර මෙම උල්ලංඝනය ස්නෝඩන් හෝ අසාන්ජ් ගෙන් වෙනස්වේ. සැවොම තම පැවැත්ම සහතික කර ගන්නේ සංකේතිය පිළිවෙලට ඔබ්බෙන් ස්ථානගත වෙමිනි. ඩොනල්ඩ් ට්‍රුම්ප් සිය ජයග්‍රහණය සනාථ කරගත්තේද එම මඟම යමිනි. පහත ලියුම්කරුට අනුව නාවුක හමුදාපතිවරයා 'බළලුන් ලවා කොස් ඇට බාවන්නේ නැත'.  එය සත්‍යයකි. වෙන කෙනෙක් දමා 'වැඩේ' කරවනවා වෙනුවට ඔහු තම ශරීරය ම නිරාවරණය කරයි. මෙම අභිනය (gesture) තුළ ද පාලිත තෙවරප්පෙරුම වර්ගයේ ම හිස්ටරික බවක් ඇත. නමුත් හිස්ටරිකයා විපරිත අයෙකුට වඩා සැමවිට ම රැඩිකල් වේ. මෙම සිද්ධිය තුලින් මතුවන වර්තමාන යහපාලනයේ පිතෘමුලික නොහැකියාව පිලිබද ලියුම්කරුගේ නිරීක්ෂණනය ද ඉතා වැදගත්ය.  


-----------------------------------------------------------------------------------------------------------------------

නිල් බළකා ගොබිලන්ට 'පාඩමක් ඉගැන්වු' නැව්පතියා 

(ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියේ පළවූ විශේෂාංගයකි)

කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු නාමල්ගේ නිල් බළකා ගොබිලන්ට අමතක නොවන ‘නාවික පාඩමක්’ නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි.
වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන ‘සද්දන්ත රැවුල්කාරයා’ දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. ‘අදනම් බඩුම තමයි’ යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය.
මුහුදු කොටි බියෙන් හැකිලවු :
මීට වසර පහළොවකට විස්සකට ප්‍රථම මේ හා සමාන දසුන් මම අනන්තවත් දැක ඇත්තෙමි. එවකට එම දසුන කොටි සංවිධානයේ ඇමතුම් ජාලය ක්ෂණිකව කළඹවන්නක්ම විය.. සත්‍යවශයෙන්ම එසේ නම කියැවූ සැණින් මුහුදු කොටි ජාලය කැළඹවිය හැකි නාවික නිළධාරීන් නාවික හමුදාව තුල සිටියේ අතලොස්සකි.. වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න යනු ඒ අතලොස්ස අතරිනුත් වඩාත් බිය ජනිත කරවන සුළු රණකාමියෙකි.
ඔහුගේ ඉහත කි දසුන කොටි බියෙන් හැකිලවුවා හා සේම සිය සගයින් රණකාමිත්වයෙන් ඔද නැංවීමටද එක හා සමත්වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. කාලෙකට පසු ඊයේ සිදුවීමෙන් එවන් ආශ්වාදයක් මාද ලද්දෙමි.
යහතින් ගෙදර යාමට වාසනාවන්ත වීම :
උද්ඝෝෂකයින්ට පහර දුන්නා, මාධ්‍ය වේදීන්ට තර්ජනය කරා, මේකද අපේ මාධ්‍ය නිදහස.. මේ සියල්ල බොරු විකාර වේ.. උඹලාගේ උද්ගෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් කන් කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් උඹලම තියාගනිල්ලා.. වරායකට ඇතුළුවූ වෙනත් රටක යුධ නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි.
වසර තිහක අතීතය තුල ලෝකයේ දරුණුම මුහුදු ත්‍රස්ත සංවිධානය ගලග්‍රහණයෙන් ගෙන මුහුදේ බල පරාක්‍රමය පැතිරවූ නාවික හමුදාවකට එරෙහිව අත එසවුවහොත් එහි ප්‍රතිවිපාක ඔබ අත් විඳිය යුතුමය..
එයිනුත්.. ඒ හමුදාව මෙහෙයවන්නේ ‘රවී විජේගුණරත්න’ නම්.. මට කිව හැක්කේ ඊයෙ යහතින් ගෙදර යාමට තරම් නුඹලා වාසනාවන්ත වූ බව පමණි.
බටහිර ක්‍රියාදාම චිත්‍රපටය :
කලකට ඉහත ආසාවෙන් නැරඹු ‘Rules of Engagement’ බටහිර ක්‍රියාදාම චිත්‍රපටය ඊයෙ මට සිහිවිය.. යේමනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලා තානාපතිවරයා හා පවුල ප්‍රාණ ඇපයට ගෙන සිටි අවිගත් යේමන් කැරලි කරුවන් හා සටන්කොට තානාපතිවරයා හා පවුල ආරක්ෂිතව ඉවත් කර ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙන මැරයින් කමාන්ඩෝ නිළධාරියා ඉන් අනතුරුව ‘සිවිල් ජනතාවට වෙඩි තැබීමේ වරදට’ හමුදා අධිකරණයකට යොමු කරයි..
ඔහුට පක්ෂව ඇති සියලු වීඩියෝ සාක්ෂි විනාශ කර එදිරිව ඇති සාක්ෂි පමණක් ඉදිරිපත් කරමින් පිරිසක් කැත දේශපාලන ක්‍රීඩාවක නිරත වෙද්දී ඔහු වෙනුවෙන් ඉදිරිපත්වන්නේ වියට්නාම් සටනේදී ඔහු සමඟම සටන් කල ඔහුගේම සගයෙක් වේ.
අවිගත් කුඩා දරුවන් හා කාන්තාවන් (මෙහි කුඩා දරුවන් හා කාන්තාවන් අවි දරා සිටින cctv දර්ශන හිතා මතා විනාශ කරනු ලබයි) පහර දීමට අණ දීමේදී ඔහු භාවිතා කරන වචන එනම් “Waste the bloody motherfuckers” යන්න ඔහුට එරෙහිව එල්ල කරන ප්‍රධානම චෝදනාවකි.
මේ තර්කය ගේන නීතිඥයා හෝ තර්කය ගේන උසාවිය අදාළ සිදුවීම වූ අවස්ථාවේ එහි සිටියානම්? ‘එන්න, යන්න, අමර මල් නෙලන්න, ඔයා මෙයා, නරක සමනළයා..’ කියා යුද්ද කරන භාෂාවක් ලොවේ නැත.. අවසානයේ ඔහුට එදිරිව සාක්ෂියට ගෙන එන හිටපු වියට්නාම හමුදා ප්‍රධානියාගෙන් විත්තියේ නීතිඥයා අසන එකම ප්‍රශ්ණය ‘ඔබ එම අවස්ථාවට මුහුණ දුන්නානම් ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? යන්නෙන් නඩුව අවසන් වේ..
‘දෙකයි පණහේ’ වැඩ ඔහු ළඟ නැත :
හම්බන්තොට සිදුවීම සම්භන්දව නැගෙන එක ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ මෙය නාවික හමුදාපති වරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුද යන්නයි.. පිළිතුර ඉතා පැහැදිලිය.. ඔහු ‘රවී විජේගුණරත්න’යි.. නාවික හමුදාවේ රවී විජේගුණරත්නලා දෙන්නෙක් නැත. ඉන්නා එකම රවී විජේගුණරත්න යනු එවන් නිලධාරියෙකි.
බළලුන් ලවා කොස් ඇට බාවාගෙන විකුණා ලාබය ලබා ගන්නා ‘දෙකයි පණහේ’ වැඩ ඔහු ළඟ නැත. මිට වසර විසිපහකට පමණ පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ යාත්‍රා බලගණය හඳුන්වා දීමේදී එහි පුරෝගාමිත්වය ගත් විශේෂ යාත්‍රා බලගණයේ මුල්ම නිලධාරී කණ්ඩායමේ ඔහු සිටියේය.
යුද්ධය අති දරුණුවටම ඇවිලුණු වසර දෙදාහ ආසන්න කාලයේ විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරියා වුයේ ඔහුයි..
එකල විශේෂ යාත්‍රා බලගණය සහභාගී වූ සියලු මෙහෙයුම් මුහුදේ වෝටර් ජෙට් යාත්‍රාවක සිට ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවිය. නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද?
විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුයි :
මෙහි මා දකින අනෙක් විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුව ආ දවසේ සිට ‘මට FCID යන්න වෙයි’ ‘මගේ නිළයට කෙලවෙයි’ කියා ලියවිල්ලකටවත් අත්සන් තැබීමට ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙක්වත් මැලිවෙද්දී මේ ගැටළුවට විසඳුම් සෙවීමට ඔහුම ඉදිරිපත් වීමයි.
මෙවන් අවස්ථාවල ‘ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම’ කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යන්න මේ අහන ප්‍රශ්න වලින්ම තෙරේ. නමුත් එය රවී විජේගුණරත්න නම් ‘නායකයාගේ’ හැටියක් නොවේ.. ඔහු ඉදිරිපෙළ සිට නායකත්වය දෙන්නෙකි.. ඒ ගැන ඔහුට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුමය.
තේරෙන භාෂාවකින් කියා දීම :
ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් පරණ ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස ‘වල් බූරු අන්දමින්’ භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි.
වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත.
ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට ‘මාධ්‍ය නිදහස’ දෙන්නේ නැත. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි.
ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි.
එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට ‘නිවුස්’ කිරීමට ඉඩ නොදිය යුතුයි.
අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි.
මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි..
යහපාලන රජයට කශේරුකාවක් :
අවසානයට සඳහන් කල යුත්තේ යහපාලන රජයට මෙතෙක් නොතිබූ කශේරුකාවක් ඊයේ හම්බන්තොටදී නාවික හමුදාවෙන් ලැබුණු බවයි.. නීල කාස හොරු බළකායේ කඩාකප්පල්කාරී උද්ඝෝෂණ නඩයට පාඩමක් කියා දීමට හම්බන්තොට තරම් ගැලපෙන වෙනත් තැනක් සොයා ගත නොහැකිය..
තමන් මෙතෙක් රජ කල හම්බන්තොට වැල්ල දිගේ දෙපයට වැඳ වැඳ දුවන්නත් එහිම වැටී දුක කියා හඬා වැලපෙන්නටත් මෙතරම් ඉක්මණට සිදුවේයැයි ‘නාමල්ගේ කොල්ලෝ’ හිතන්නත් නැතිය.
ඒත් උන් ඊයේ නයාට පහර ගසා පොල්ල වරද්දා ගත්හ. ඒ මෙහෙයුමට අණදුන් නාවික හමුදාවේ ඒ ‘සද්දන්ත රැවුල්කාරයාට’ මාගේ ආචාරය!
(slguardian.org -කලාහිත විසිනි)


Thursday, December 8, 2016

Google Sex: පශ්චාත් යුගයක බටහිර ශරීර දේශපාලනය


ගුගල් සෙවුම් යන්ත්‍රය හරහා සෙක්ස් සෙවීම සම්බන්දයෙන් ලංකාව අංක එකට ආයෙත් ඇවිල්ල කියල මාධ්‍ය වල පලවෙලා තියෙනවා දැක්ක. අන් බොහෝ දේ වලදී පරස්පතා ඇති ජනමාධ්‍ය මෙම සිද්දිය එකාවන්ව එක්සිත්ව වඩාත්ම වාස්තවික සහ අනුභූතික ලෙස වාර්තා කළ බව නම් හොදින් පෙනුන දෙයක්. එසේ වුවේ ඇයි? හැමෝම ලැබුවේ අප ගැනම වූ අසුන්දර කාලකන්ණි විනෝදයක්ද? නැත්නම් අපගේ යටත් විජිත දුක හඬගා කීමක්ද? දැන් ඔට්ටුයි ඔන්න මේ තත්වය විග්‍රහ කරලා අර්ථකථනය කරලා අපට දෙන්නේ වාමාංශිකයෝ ටිකක්. දැන් කියයි 'යථ', 'ක්ෂිතිය', 'ගැහැණිය', 'ආශාව', 'හැඟවුම', 'පතුළ', 'ජිජැක්', අරක, මේක වගේ වචන ටිකක්. ලංකාවේ ඉන්නේ පුදුම වාමාංශිකයෝ ජාතියක්. ඒ අය කරන්නේ මිනිස් ආශාව (අයිතිය) සහ සුරාකෑම (අහිමිකිරීම) අතර පරතරය සොයාගන්නවා වෙනුවට මිනිසුන් ආශා කරන එක විවේචනය කරන එක. රටේ එක කොටසක ස්වභාවදර්මය එක්ක හැප්පෙන මිනිස්සුන්ගේ ආශාවට පතුරු යන්න ගහන එක. ඒ ගහන එකට දේශපාලනය කියල කියන එක (ඒකටම හරියන බුර්ෂුවා චිත්තර පටි කාරයෝ ටික). වේදනාව ම සතුට කියල (pain is pleasure) න්‍යාය කිව්වට සිය ගණන් වල් අලි, වල් ඌරො, වල් හරක්, මී හරක්, ගෙවතු සම්පුර්ණයෙන් ආල පාලු කරන රිළව්, ලක්ෂ ගණනක් වූ දඩාවතේ යන බල්ලෝ එක්ක හැප්පෙන මිනිස්සු ආස නැද්ද ඊට වඩා හොඳ ජිවිතයකට? මේ මිනිස්සුන්ගේ කේන්තිය එක්ක පරිසරවේදීන්ට පැත්තේ යන්න බෑ. කොළඹ ඉන්න වාමාංශිකයෝ මේවා ගැන දන්නෙවත් නෑ. ඇත්තම මිනිස් ප්‍රශ්න ගැන ඒ අය දැනුම්වත් නෑ. දැනුවත් වෙන්න ඕනෙත් නෑ ඒ අයට, මොකද ජිවත් වෙන්න ඕන තරම් දියුණු විදි ඒ අයට තියෙන නිසා. පුදුම මාවෝවාදීන් තමයි මේ අය. මේ වගේ නොතකා හැරීමක් (negligence) සමග මහින්ද රාජපක්ෂ නෙවෙයි ඊටත් වඩා නාසිවාදී ප්‍රවණතාවයක් ආවත් පුදුම වෙන්න දෙයක් නෑ. 

මෙහෙ බුර්ෂුවා ලොක්කෝ හිතාගෙන හිටියේ හිලරි ක්ලින්ටන් එයි කියල. එතකොට තව හොදට ගේම දෙන්නම් කියල. අන්තිමට උනේ ඇත්ත ප්‍රශ්න එක්ක මිනිස්සු දේවල් කණපිට පෙරළුව.  කවුරුවත් නොහිතපු ට්‍රුම්ප් ආව. මේක ඕනිම තැනකට අදාලයි. බොරුවට මිනිසුන්ට බනින්න එපා කියල මකුස (Herbert Marcuse) කිව්වේ ඒක තමයි. ඊලග මැතිවරණයෙන් මේ පාලකයින් ගෙදර ගියොත් විචාරකයෝ පතුරු අරියි මිනිස්සුන්ගේ මේ විදියට. 'කොහොමත් බහුතරය හැමදාම විචක්ෂණ නැහැ' කියල කියයි සැකයක් නැතුව. මිනිස්සුන්ගේ පැත්තෙන් මොකක් හරි ලියුවොත් එකට කියන්නේ 'ජනතා වාදය' කියල. නැත්නම් 'ජනප්‍රියවාදය' කියල. නියම කට්ටියක් මේ අය. ජිජැක් කියන විදියට ගත්තහම ධනවාදයට බැහැ මිනිස්සුන්ට ඇත්ත නිදහස දෙන්න. උන්ට පණ නැහැ වෙළඳපල තර්කය ඉක්මවා වැඩ කරන්න. දෙන්න පුළුවන් කෙමන තමයි මේ දීල තියෙන බුර්ෂුවා පවුල සහ එකට බද්ධ කෙරුව සුබසාදක වැඩ පිළිවෙල. හැම දෙයක්ම පවුල ලගින් ඉවරයි. ඇත්ත නිදහසක් නැති මේ ක්‍රමය තුලින්ම මුලධර්මවාදය මතු වෙන්නේ ඒකයි. එවන් තත්ත්වයකදී ඉස්මතු වෙන්නේ විපරිත වූ පුර්ණ නිදහසක් ලබා දෙන බවට වන ව්‍යාජ පොරොන්දුව. සිරියාවේ තියෙන්නේ මේ වගේ දෙයක්. මිනී මරන්න දෙනවා, ස්ත්‍රීන් දුෂණය කරන්න පුළුවන්. සිගරට් බොන්න පුළුවන්. මහපාරේ ඕනිම විදියකට එලවන්න පුළුවන් හරියට Mad Max චිත්‍රපටියේ වගේ. 

හරි විදියට ගත්තොත් අපේ අය අර්ථකතනය කරන විදියට ඉන්ටනෙට් එකේ වැඩිපුර sex හොයන්න තිබුනේ නිදහසක් නෑ කියන, මුස්ලිම් අය වැඩිපුර ඉන්න, ගෑණු අය පර්දා දමාගෙන ඉන්න, ජනගහනයත් ගොඩක් වැඩි කාතාන්කුඩියේ. නමුත් අපට එය මුණගැසුනේ (encountered) බෞද්ධ හෝමාගම අවටින්. ගොඩක් මුලදර්මවාදීන් ඉන්නේ සිරියාවේවත් ඇෆ්ගනිස්තානේවත් නෙවි ඇමෙරිකාවේ කියල ජිජැක් හිනාවෙන්නේ ඒකයි. සත්‍ය මර්දනය තියෙන්නේ ධනවායේ කේන්ද්‍රය තුළම යි. ඉන් පිටත නොවේ.  ඒ අර්ථයෙන් මේ sex සෙවීම ම මිනිස් නිදහස අරමුණු කරගත්ත විමුක්ති ව්‍යාපාරයකට භාවිතයට ගතහැකි විශාල වීභවයක්.   

ඉහත google sex සිදුවීම හරහා කියවෙන එකම දෙය නම් සැබෑ සම්බන්දතා වෙනුවට තත්‍යසමාන ලිංගිකත්වය ඉස්මත්තට ඇවිල්ල කියන එක අයෙත් ඔප්පු වෙලා. වර්චුවල් එක ප්‍රබලයි කියන්නේ ඇත්ත සම්බන්දතා අඩුයි කියන එකයි. අනෙකාට කිට්ටු වෙන්නේ නැහැ මේ යුගයේ මොකද අසල්වැසියාට බයයි (fear of neighbor). තමා ආදරය කරන කෙනාට ගොඩක් සමීප වෙන්න බයයි (fear of over-proximity) අද කාලේ අය. මේක අලුතෙන් කියන්න ඕනි දෙයක් නොවුනට යටත් විජිත යුගයේ ඉදන් කරතියාගෙන ආව වික්ටෝරියන් සදාචාරය කොච්චර අපේ ජිවිත ගිලගෙනද කියන එක මේකෙන් පේනවා. අපිට ශුද්ධවාදය දීල උන්ගේ ලිංගිකත්වය, ශ්‍රුන්ගාර සාහිත්‍යය උන් වෙනස් කර ගත්ත. අපි තාම පරණ එක කරතියාගෙන යනව. උන් වෙනස් කරගත්ත එක දිහා අපි අසාවෙන් බලාගෙන ඉන්නවා. අපේ සල්ලි ටිකට කෙල වෙනවා ඩේට හැටියට. වක්‍රව උන් පොහොසත් වෙනවා මදිවට උන්මයි තාමත් අපේ ස්වාමිවරු... අවිඥානික විදියට ආයෙත් පරණ ස්වාමි සේවක චක්‍රයමයි. කැප්පෙටිපොල වීරයෙක් ලෙස නම් කරපුදාම තමයි මේ සෙක්ස් නිව්ස් එකත් ආවේ. හරිම විරුද්ධාභාශයක් උනාට හිතා ගන්න බැරි දෙයක් නෙවෙයි. හිතාගන්න බැරි දෙය නම් යටත් විජිත සදාචාරය ගැන වම්මුන්ගේ නිහැඩියාව. ඒ අය වික්ටෝරියානුවන්ටත් වඩා වික්ටෝරියානුවන්...  

එක අතකට බටහිර ශරීර දෙස බලාගෙන හෝ (බොහෝ විට අපේ අය ශෘංගාර සිනමාව ලෙස බලන්නේ ආසියාතික ශරීර තියෙන සිනමා පට) අපේ අය තවම ‘ආශා කරනව’ (desiring) කියන එක වැදගත් දෙයක් මොකද ආශාව මියගියා කියන්නේ තවදුරටත් එවන් කෙනෙකුගෙන් සමාජ දේශපාලනිකව වැඩක් නැහැ කියන එක.  සමාජ පරිණාමය පැත්තෙන් ගත්තාම අවශ්‍ය වෙන්නේ ආශා කළහැකි ශරීර.  කොහොමටත් වඩා අනුරාගික නිර්ධන පංතියේ අය.  උදාහරණ හැටියට ‘ටයිටැනික්’ එකේ රෝස්ගෙ මියගිය ආත්මය නැවත පුබුදුවන්න පුළුවන් වුනේ සාමාන්‍ය කම්කරු පංතියේ ජැක්ට.  ඒ අනුරාගික ආදරය ඇතුලෙ ජැක්ට තමන්ගෙ ජිවිතය කැපකරනව කියන එක මහ ලොකු දෙයක් වුනේ නැහැ.  ආශාව කෙළවර තියෙන්නේ ඇත්තටම මරණය කියල අපිට එක අතකට කියන්න පුළුවන්. ආශාව මුදුන්පත් වෙනවා නම් මැරුණත් මොකද..එවරස්ට් නැගල ඉවර උනාට පස්සේ මැරුණත් මොකද...තොපේ සදාචාරය ඇතුළේ ඉන්නවට වැඩිය ඒක හොඳයි. 

‘ආශාව ප්‍රහීණ කරන්න’, 'ආශාවෙ කෙළවර කිසිදෙයක් නැහැ. තියෙන්නෙ දුක විතරයි' කියල උදේ හවස බණ කියන මේ වගේ රටක මිනිස්සු එක අතකට නිල් චිත්‍රපටයක් හරි බලල තමන්ගේ ආශාව හඹායන එක හොඳයි කියල හිතෙනව. එකම දෙය නම් බටහිර අපට ලිංගිකත්වය හරහා රැගෙන එන යක්‍ෂයා වෙතට වැටීම වලක්වා ගන්න එක. ඒ කියන්නේ අපගේ අධ්‍යාත්මික ජීවිතය (spiritual life) මරා දමා නොගෙන ආශාවට ඇදවැටෙන එක.  මෙතන දී තමයි ඔය කියන ආගමට විශාල කාර්යයක් කරන්න තියෙන්නෙ.  මට හිතෙන හැටියට තාමත් අපට තියෙන්නේ පුර්ව ධනවාදී යුගයේ තිබුණ බෞද්ධ කතිකාවෙ ම දිගුවක්. ධනවාදී යුගය ආරම්භ වුනාට පස්සේ ක්‍රිස්තියානිය කළා වගේ බුද්ධාගමත් ධනවාදයට පසුව වෙනස් විය යුතුයි. නව යුගයට සරිලන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි (හැබැයි එතකොට මේ ආගමික ස්වරුපය වෙනස් විය හැකියි). රුසියාව චෝදනා ලබල තියෙනවා තම ක්‍රීඩිකාවන්ට පුරුෂ DNA ශරීර ගත කරලා තියෙනව කියල පසුගිය ඔලිම්පික් වලදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව. චීනය ජීව විද්‍යාව උඩු යටිකුරු කරනවා - මිනිස් කොලෝන නිපදවනවා - සුපිරි මිනිසා නිෂ්පාදනය වෙනුවෙන්. මේකයි අද තාක්ෂණය සහ මිනිසා අතර සම්බන්දය. දර්ශනය සහ ආචාර දර්මය නැවත කියවන්න සිදුවෙලා තියෙන යුගයක් මේක. නව ලෞකිකකරණ ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගත්තෙ නැත්නම් වෙන්නෙ අද ජනප්‍රිය වෙලා තියෙන බටහිර-බුද්ධාගමේ ම දිගුවක් ලෙස ඉදිරියටත් එය නරුමවාදී (cynical) වෙන එක. ඒ කියන්නේ බෞද්ධාගම ඉස්මුදුනෙ තියාගත්ත නගරයක් වෙන මහරගම කොට්ඨාශය ලඟම තියෙන හෝමාගම සහ නුගේගොඩ වැඩියෙන්ම sex හොයන කොට ශබ්ද විකාශන වලින් බටහිර විරෝධය ගොඩනඟන තවත් සෝම හාමුදුරු කොනෙකුට විශාල ඉඩක් මේ ප්‍රදේශයේ ගොඩනැගෙන එක.

ඇත්තටම වර්චුවල් එකේ තියෙන්නේ මොනවද? වෙන මොනවත් නෙවි අතිරික්ත ලෙස ශ්‍රුන්ගාරකරණය කරන ලද ස්ත්‍රී පුරුෂ ශරීර. නව පශ්චාත්-ධනවාදය ක්‍රියාත්මක වෙන්නෙ මෙම ශරීර දේශපාලන (body politics) හරහා නම් අපේ රටවල වගේ වෙන්නෙ ශරීර පුජා කරල ධනවාදයට විරුද්ධ වෙන එක.  ඒක අපි දැන් අරගල තුනක් ඔස්සේ අත්දැකල තියෙනව.  තවදුරටත් ධනවාදයට පුජා කරන්න අප ජීවිත තියෙනවද කියන එක දැන් බලයේ ඉන්න මෝඩ ධනේශ්වර පාලකයෝ හිතන්න ඕන. ඒක හිතන්නේ කොහොමද උන් දන්නෙ නෑ ආශාව කියන්නෙ මොකක් ද කියල වත්. උන් මියගිහින් බොහොම කල්. ඒ උනාට මැරුණා කියල දන්නේ  නෑ (ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් වල වගේ නිකම් අහසේ ඇවිදිනවා). තමාගේ අනේකත්වය වන ස්ත්‍රියට වැඩියෙන්ම බය ලංකාවේ බුර්ෂුවා කියන දේශපාලඥයො.  ඒ නිසා ස්ත්‍රියගේ ආත්මීය අගාධට වැටෙන්නෙ නැතුව ඒ අය කරන්නෙ සමාන ලිංගිකයින් සොයා න එක. මේ යුගයෙ එක මෝස්තරයක් ඒක.  LGBT එක හිලරි ක්ලින්ටන්ට සල්ලි පොම්ප කෙරුවත් එකෙන් වැඩක් වුනේ නෑ.  ම කියන්නෙ ඒ අයට දේශපාලනයක් නෑ කියල නෙවෙයි.  විමුක්ති අරගලයක දි අපිට ඔවුන් එලවල දාන්න උවමනා නෑ.  නමුත් ඔවුන් මේ ධනවාදය තුල අනන්‍යතා අරගලයක ඉන්න අය.  ඔවුන්ව බහිස්කරණය හෝ අවමානුෂිකකරණය කිරීම අපට අවශ්‍ය නැහැ. නමුත් ප්‍රධාන පරස්පරතාවය ඒක නෙවෙයි.  ඔවුන්ගේ අරගලය විසින් කරන්නේ ප්‍රධාන පරස්පරතාවය පස්සට දාල (පංති විෂමතාවය), වෙනත් ප්‍රශ්න ඉස්මත්තට ගෙනල්ල, දේශපාලනය සුවිශේෂයන්ගේ විපරීත බව නැමැති තත්වයට ගොදුරු කිරීම.

මේ යුගයේ අප සොයා යන්නේ පරිපුර්ණ බව.  අප වෙත සැමවිටම වෙළඳපල ප්‍රතිඥා දෙන්නේ අපට පරිපුර්ණ (perfection) බවට පත්වීමට ඔවුන් සහය වන බවයි.  එනයින් අද අපට ආදරය කිරීමට අවශ්‍ය වන්නේ පරිපුර්ණ අයෙකු නමුත් එවන් අයෙක් බාහිර ලෝකයේ නොපවතී.  නමුත් සැබෑ ආදරය ඇතිවන්නේ යම් කිසි දුර්වල බවක්, දුර්ගුණයක්, කැත බවක් ඇති අයෙක් සමගයි.  මනෝ විශ්ලේෂණය තුල ඇති එකම පාඩම නම් මෙම ආශාවේ හේතුව ඉහත අවලස්සන බව මත රඳා පැවතීමයි.  ඒ නිසා පරිපුර්ණ බව යනු වෙළඳපල තර්කණයක් වන අතර සැබෑ යථහි පරස්පරතාවය තුල මනුෂ්‍ය සම්බන්දතා පිහිටන්නේ ඉහත අ-පරිපුර්ණ බව තුලයි. ඒ නිසා ඇඳවැටීම තුල ඇත්තේ අනපේක්‍ෂිත අපරිපුර්ණ (contingent imperfection) බවය.  එය කලින් සකස් කර නැති - Pre-programmed කර නැති තත්වයකි. අපට මහමඟ මුණගැසෙන යුවතියක් තුල ඇත්තේ මෙම පුර්ණ නොවන බවයි.  පුරෝකථනය කළ නොහැකි බවයි. නමුත් එය තුලට ඇඳ වැටිම තුලින් අපට කිසිදා නැවත ආපසු හැරිය නොහැකි ලෙස සුවිශේෂ මොහොතක් උදාවේ. නමුත් සමලිංගිකයෙක් සොයායන්නේ පරිපුර්ණ සම්බදයක් සඳහා පරිපුර්ණ අනෙකෙකි.  

අන්තිමට මෙහෙම කියමු. වාමාංශිකයින් හැටියට ඇත්ත ප්‍රශ්න ගැන සංවේදී වෙමු. හාර්ඩ් සහ නෙග්රි ට අනුව බටහිර 'ශරීර දේශපාලනය' (body politics) ඉස්සර ක්‍රියාත්මක වුනේ යටත් කිරීම හා ප්‍රචණ්ඩ බව හරහා. නමුත් දැන් ක්‍රියාත්මක වෙන්නේ ලිංගිකත්වය හරහා. මම හිතන විදියට මේ දෙවෙනි එක වඩා ප්‍රචණ්ඩයි. ඒ කියන්නේ අනෙකාට බය නිසා හස්ත මෛතුන්‍යය (masturbation) දේශපාලනික කරලා තියෙන පශ්චාත් - දේශපාලනික යුගයක් මේක. තව දුරටත් කිව්වොත් අනෙකා නැහැ ඉන්නේ තමා පමණයි... තමාගේ ආත්ම මුලිකත්වය සමග කරන සෙල්ලමක් විතරයි තත්‍යසමාන ලිංගිකත්වය (එක දෙයක් පවතින්නේ තව දෙයක් නැති නිසා; ඉන්ටෙර්නෙට් එකේ සෙක්ස් බලන්නේ ඇත්තටම ජිවිතේ සෙක්ස් නැති නිසා හෝ තිබුනත් ඒ තුළ අතිරික්ත ප්‍රමෝදයක් නැති නිසා). ඒ විදියට ගත්තම ඉතින් මේක බෞද්ධ රටක් කියන්නේ ආත්මය ප්‍රමුඛ වුන රටක් කියන එකයි. එහෙම තැනක පසු-ධනවාදයේ ආත්ම මුලික තත්වයන් නියමෙට නැගල යනවා.  

කියවන්න:
http://www.lacan.com/symptom/?page_id=247

https://www.youtube.com/watch?v=7xYO-VMZUGo

'ආශාවට ආශා කරමු; මාව ස්පර්ශ කරන්න; මට ඔබේ ආදරය අනවශ්‍යයි' - ඩෙෆ් ලෙපර්ඩ් (Def Leppard) ගායක කණ්ඩායම ගායනා කරන පහත ගීතයට සවන් දෙන්න. මේක අහල වැඩිම වුනොත් ජිජැක් මෙහෙම කියයි, 'මේ නම් සත්‍ය සම්බන්දතාවයන්ට බය කට්ටියක්'. මම කියන්නේ ඒකට කමක් නෑ කියල.