Tuesday, January 22, 2019

නීර්භීතයින් සදාකාලික වනු ඇත!!

නිර්භිතයින් සදාකාලික වනු ඇත Fearless lives forever!
'මගේ ලෝකයෙන් පසු ලෝකය' ලියවෙන සන්දර්භය වනාහී ක්ෂිතිමය එකකි. ඒ ලංකාවේ සිංහල බෞද්ධ මහජනයා දෙමළ අනෙකා ගේ මරණය අබියස කිරිබත් කෑ යුගයක් පසු කිරීමේ ක්ෂිතියයි. අප දන්නා අහිංසක බුද්ධාගම යක්ෂයෙක් ලෙස විපරිණාමය වීම අපේ පැත්තෙන් අධ්‍යයනය කළ යුතු යමක් විය. එම බෞද්ධ අහිංසක බව විසින් මීට පෙර පවා විප්ලව දෙකක් පොළොවටම චප්ප කර දමා තිබුණ සන්දර්භයක් තුළ ඒ පීඩනයට ලක් වුවන් තුළින් පවා මේ අධ්‍යයන වගකීම ඉටු වුවේ නැත. මෙවන් දෙයක් අමාරුවෙන් කරද්දී පවා වමේ ම පාර්ශව වෙතින් අප වෙත ප්‍රක්ෂේපණය කලේ කුණුහරප වීම තවත් දෛවෝපගත බුද්ධාගමේ  සංවර්ධනයක් විය. අපේ ව්‍යායාමය පරිපුර්ණ යැයි අප නොකියමු (පරිපුර්ණ බව අවසන් වන්නේ සමස්තතාවය තුලින් ය). කිසිවක් නොතිබීම වෙනුවට පවතින දෙය රෝග ලක්ෂණයක් බව ද අපි දනිමු. දැන් ඉතින් අවම වශයෙන් රෝග ලක්ෂණයක් හෝ ඇත. එයින් අදහස් කරන්නේ රෝග ලක්ෂණය ඔබ දන්නේ නම් සායනික ඇඳ මත තැබීමට දෙයක් දැන් ඇති බවය. මෙතෙක් එය (රෝග ලක්ෂණයක්) වත් පැවතුනේ නැත. ශුන්‍යතාවයට නලින් බිය වුවාට අප බිය නැත. ශුන්‍යතාවයෙන් (නිවනින්) ගැලවීමට ඔහුට සිංහල අනන්‍යතාව අවශ්‍ය වේ. නමුත් මෙලොවට විසි කර දමා ඇති අපට ශුන්‍යතාවය යනු අලුත් දෙයක් නොවේ. නිවන ඇත්තේ සියල්ල අතහැරීමට අප සුදානම් වන තැනය. අප තුළ කිසිවක් නැති බව පිළිගැනීමට ධෛර්යක් තිබිය යුතුය. නීර්භීත බවක් තිබිය යුතුය. අනෙකා තුළ කිසිවක් නොමැති බව දැන දැනත් ඔහුව හෝ ඇයව වැළඳ ගැනීමට නම් ඊටත් වඩා ධෛර්යක් තිබිය යුතුය. එනම් කොකා කෝලා බිමට නීර්භීත බවක් අවශ්‍ය ය. කොකා කෝලා යනු ඒ ශුන්‍යතාවයේ නමයි. පිටත ඇතුලත යන දෙකම හිස් ය. ඉතිං (වී වෙනුවට) රෝස මල (ශුන්‍යතාවය) ඇත්තේ මෙතැනය. ඔව් මෙතන නටන්න!   

ජනවාරි 29 දා 3.00 ට මහවැලියට එන්න.

Thursday, January 17, 2019

ප්‍රාග්ධනයට එරෙහි විප්ලවය ඇත්තේ තව බොහෝ දුරිණි

බටහිර දර්ශන ඉතිහාසය යනු පාර භෞතිකයන් ගේ ඉතිහාසයක් වන බව ඩෙරීඩා පෙන්වා දෙයි. එසේ නම් 'සත්‍යය' ගොඩ නැගෙන්නේ සහ පවතින්නේ කතිකාවක් ලෙසය යන්න ඔහුගේ විග්‍රහයයි. මිනිස් විෂයේ පැවැත්ම තුල ඇතිවන්නාවූ ආපතික භාවයන් ආරක්ෂා කර දෙන්නේ සහ අර්ථවත් කර දෙන්නේ ඉහත කතිකාවන් තුළින් ය. ඒ නිසා ඉහත කතිකාවන් අහෝසි වී ගිය නිමේෂයක බාහිර ගවේෂි බටහිර ආත්මයේ පැවැත්ම අර්බුදයට යනු ඇති බව ඩෙරීඩා ගේ මතයයි. වෙනත් විදියකින් කිවහොත් පැවැත්මේ නිශ්ශබ්ද බව වෙත (දෙවියන් විසින් අප මෙළොවට විසිකර දැමූ ලෝකයේ ෂෙලිනියානු නිශ්ශබ්ද බව) පාර අනුභූතික අර්ථයක් ගෙන එන්නේ දර්ශනය ඔස්සේ ය. කාබනික ලෝකයේ අතරමං වී සත්‍ය ය සොයා යන බටහිර මිනිසා ට එවිට පමණක් පැවැත්මේ වෙනස (difference) හඳුනා ගත හැකි වනු ඇත. විසංයෝජනයේ සහ බුදු දහමේ ඇති සමානකම නම් ඉහත 'කතිකාමය සත්‍යය' (discursive truth) නිමේෂයෙන් නිමේෂය අහෝසි කර දැමීමයි. ලෝකය පැවැත්මක් ලෙස ගැනීම ද නොපැවැත්මක් ලෙස ගැනීම ද යන දෙකම බුදුන් ප්‍රතික්ෂේප කරයි. බුදුන් ගේ ඉගැන්වීම වන්නේ පැවැත්මක් ලෙස අප ලෝකය දෙස බලන ස්ථානයත් නොපැවැත්මක් ලෙස බලන ස්ථානයත් වනාහී අපගේ ලෝකය දැකීමට ඇති ආශාව මත තීරණය වන දෙයක් යන්නය (පසුව කරතානි හරහා ජිජැක් මෙය 'අසමතුලිත දැක්මේ ස්ථානය' ලෙස නම් කරයි)මකුළු දැලක් මෙන් භාෂාව ඔස්සේ වියා ඇති ඉහත කතිකාවන් යනු අචින්ත්‍ය සංඛ්‍යාවකි (infinitum). ඒ සෑම එකක්ම එක මත එක පැටලී ඇත. දහසක් වූ සංඥාවන් සහ හැඟවුම් ඒ විසින් ජනනය කරනු ලබයි. විමුක්තිය ගවේෂණය කරන්නා (subject of liberation) අචින්ත්‍ය සංඛ්‍යාවක් වන ඉහත කතිකා කුළු දැලේ නොපැටලී (කතිකා අන්තයන් ගේ නොපැටලී) මැදුම් පිළිවෙත ඔස්සේ (කිසිවක නො ඇලවෙමින්) තම විමුක්ති අධිෂ්ඨානය වන සත්‍ය දැක්ම (right view) හමු වනතුරු ගමන් කළ යුතු බව බුදුන් වහන්සේ කච්චායන සුත්‍රයේ පෙන්වා දෙයි. එසේම මේ පශ්චාත් නුතන ඝෝෂාකාරී-අවතාර යුගයේ දේශපාලන විමුක්තිය සොයා යන්නෙක් වසඟය තුළ නොපැටලී - වෙනත් විදියකින් කිවහොත් රෝහිත රාජපක්ෂ ගේ 'අල්පේච්ච පසු නුතන විවාහයෙන්' ඇස ගිනිකණා නොගෙන - තම අරමුණ කරා ගමන් කිරීම පිණිස කල යුත්තේ කුමක්ද යන්න පැහැදිළි කර දීම මෙම ළිපි පෙළේ අරමුණයි. අනෙක් අතට පසු නූතන 'වසඟකාරී බාධාව' යනුවෙන් හඳුනා ගන්නා දෙය ම (රාහුලයෙක්, යශෝදරා සහ නේරංජනාව) විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ තරණය කළ යුතු අතිරික්තයක් (traversable excess) වන බවද අප ඒ අතරතුර මතක තබා ගත යුතුය. අහිමි වස්තුව මඟින් ම අපගේ විමුක්ති ගමනේ නිෂ්ටාව (අතිරික්තය) තීරණය කරන බව ලකාන් පවසන්නේ ඉහත න්‍යායික අවබෝධය නිසාය. ස්ටවූරකාකිස් විසින් 'නිශේදනය' වශයෙන් සලකුණු කරන මෙම අහිමි වස්තුව (මාක්සියානු මනෝ රාජිකය) - නැත්නම් නොකලහැක්ක (the impossible) - විසින් අපව තව තවත් ඒ අහිමි දෙයට ම බන්ධන ගත කරයි. මෙය මෙලන්කොලික තත්වයකි. එසේ වුවද විෂය යන්න ඉස්මතු වන්නේ ද මෙම අනුරාගික බන්ධනය තුලින් ම ය යන්න විමුක්තිය සොයන්නන් වශයෙන් අප අවබෝධ කරගත යුතු වෙමු. විමුක්තිය ඇත්තේ අහිමි වූ දෙය තරණය කිරීම සහ එසේ තරණය කරනු වස් එයට ඇද වැටීම තුලින් ම ය. මේ අඳුරු බිංගෙය පසු වුවද ඇතැම් විට අපට හමුවනු ඇත්තේ ශුන්‍යතාවය පමණක් වනු ඇත. ඒ ශුන්‍යතාවය මුණගැසෙන තුරු නොකඩවා ගමන් කිරීම යනු ඇන්ටිගනියානු විප්ලවීය ක්‍රියාවක් බවට ජිජැක් වරනඟයි. නොහැකියාවේ සිරගතව සිටින අපට (deadlock of impossibility) තිබෙන එකම අස්වැසිල්ල මනෝ විශ්ලේෂණය වන්නේ මේ ආකාරයට ය.   
  
Lexington Steel (photo credit Evil Angel):  අප ජිවත් වන මේ යුගය යනු දෙහිඅත්තකණ්ඩියේ කොල්ලන් සහ කෙල්ලන් ජොනී සින් හෝ නිකි බෙන්ස් ලා ගේ ලිංගික වික්‍රමාන්විත (erotic adventures) තම හෝටල් කාමර ඇඳන් මත රඟ දැක්වීම ට පටන් ගත්තා පමණ ක් වූ කාලයක් ය. යන්තම් රුපියල් දහ දාහක පමණ (ඩොලර් වලින් නම් ඩොලර් පනහකි) සල්ලියක් අතගාන්න පටන් ගත් ඔවුන්ට දැන් අපේ නුතන බෞද්ධ සද්භාව කතා හෝ නලින් ද සිල්වා හෝ ජිජැක් අධ්‍යයනය හෝ ඇසෙන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ හැකිනම් ඇමෙරිකාවේ කැලිෆෝනියා සානුවට යාමට ය. ඒ යන අතර තුරේ කරණිය මෙත්ත සුත්‍රය හෝ රතන සුත්‍රය ඇසෙනවා නම් තවත් ඔවුන්ගේ ගැම්ම වැඩි වනු ඇත. ආරක්ෂාව ට හෙණ රාජ තෛලය බින්දුවක් සහිත සුරයක් ඇත්නම් වඩාත් හොඳය. ජිජැක් කියන අයුරින් අප හිතනවාටත් වඩා ප්‍රාග්ධනයට හා ගෝලීය කේන්ද්‍රය ට ආකර්ෂණය වී ඇති මේ නව පරම්පරාව විසින් සිදු කිරීමට නියමිත ප්‍රාග්ධනයට එරෙහි විප්ලවය ඇත්තේ තව සෑහෙන පමණ දුරිණි. The Independent පුවත් පතට අනුව එක් නිල් චිත්‍රපට පෙනී සිටීමක් සඳහා එක් නිළියකට ගෙවන සාමාන්‍ය මුදල ඩොලර් 1000 කි (රුපියල් වලින් එය ලක්ෂ දෙකකට කිට්ටු ය - හරියට ම 181646.44 කි). Ben English වැනි නළුවෙක් වසරකට ඩොලර් ලක්ෂ හතරක් පමණ සොයයි (රුපියල් වලින් 72658577.35 කි) . ජොනී සින් ගේ සමස්ත වත්කම් වල වටිනාකම ආසන්න වශයෙන් මිලියන තුනක් යැයි කියනු ලැබේ (රුපියල් වලින් 5449393300.88 කි). ප්‍රාග්ධනය යනු එයයි. ඇමෙරිකාවේ දී නම් නියම ප්‍රමිතියේ හැම් බර්ගර් එකක් වත් මිලදී ගත නොහැකි අපේ හිඟන මාසික වේතනයට සාපේක්ෂව ප්‍රාග්ධනය වැඩ කරන්නේ එසේය. ජොනී සින් ගේ මීළඟ ලිංගික වික්‍රමාන්විතය රූපගත කරන්නේ අභ්‍යවකාශයේ ය. ඒ සඳහා ගණන් හදා ඇති පිරිවැය ඩොලර් මිලියන 3.4 කි (රුපියල් කර ගැනීමට Google Money Converter ය පාවිච්චි කරන්න). අපි ඉතින් 'සියල්ල අනිත්‍යය' යන බුදු බණ පදය අසමින් සැනහෙමු!!

එසේ නම් මනෝ විශ්ලේෂණයේ ද සහය ඇතිව 'විමුක්ති විෂය' (නොහොත් සත්‍ය ලෙස විමුක්තිය සොයා යන්නෙක් - subject of liberation who seeks true emancipation) මෙම පසු නූතන යුගයේ කළ යුත්තේ කුමක්ද? එය පැහැදිළි කර ගැනිමේදී එවන් විමුක්ති විෂයක් විසින් උත්සාහ ගත යුත්තේ විමුක්තිය සඳහා ඇති බාධාවන් ලෙස හඳුනා ගන්නා බාහිර සාධක (බුර්ෂුවා යුධ යාන්ත්‍රනය හෝ ප්‍රචාරණය) මෙන්ම අභ්‍යන්තර (ආත්මීය) සාධක යන දෙකම ගැන සැලකිලිමත් වීමට ය. තවත් වැදගත් දෙයක් කිව යුතුය. එනම් මෙම ළිපි ලියනු ලබන්නේ නිශ්චිත සමාජ පරිවර්තනීය සන්දර්භයක් තුළ වන බැවින් මෙම ලිපි වල එන න්‍යායික කරුණු වෙනත් සන්දර්භ වලදී භාවිතා කිරීමෙන් අනවශ්‍ය ගැටළු ඇතිවිය හැක යන්නය. සත්‍ය විමුක්තිය යනු බුර්ෂුවා විමුක්තිය නොවේ යන්න අප භාවිතා කල යුතු වන්නේ වමේ දේශපාලනය පොහොසත් කල යුතු අර්ථයෙන් මිස හුදෙක් රනිල් හෝ වෙනත් කෙනෙක් විවේචනය කිරීමේ උපකරණයක් ලෙස නොවේ. මාක්ස් විසින් න්‍යාය ගත කල ප්‍රාග්ධනය පිළිබද කරුණ තවදුරටත් වලංගු කරුණක් ලෙස අප හඳුනා ගන්නා අතරතුර ම ප්‍රාග්ධනය ඈත දුෂ්කර ප්‍රදේශ වලට ගමන් කරන්නේ දැන් යන කරුණ සිහිපත් කරගත හොත් (ජේ. ආර්. ගේ ව්‍යාපෘතියේ ප්‍රථිපල අපට හඳුනා ගැනීමට ලැබෙන්නේ දැන් ය යන ප්‍රවාදය තුල) වමේ ව්‍යාපාරයට විශාල කාර්යයක් මේ වනවිට තව දුරටත් ශේෂව ඇත යන්න අප අවබෝධ කර ගත යුතුය. මෙම නව තත්වය තුළ වමේ දේශපාලනය විසින් පුරවා ගත යුතු දැනුමේ හිඩැසක් (lack of knowledge) පවතින අතර අනෙක් අතින් දැනුම සමඟ අතිරික්ත සම්බන්ධයක් (excessive attachment) පැවැත්වීම ද සත්‍ය අරගලයෙන් අප නොමඟ යාම පිණිස හේතු වේ (උදාහරණ ලෙස බාහිර ලෝකය පවතී ද නැද්ද හෝ ප්‍රපංච අතර සමපේක්ෂකත්වය වැනී ඇකඩමික මාතෘකා ගැන සිහිපත් කරන්න). උදාහරණ වශයෙන් මේ දැන් තමා වෙතට යම් ප්‍රාග්ධනයක් පැමිණෙන මොහොතේ ත්‍රි රෝද රථයක් හෝ ස්කූටි පෙප් එකක් මිළට ගෙන මේ දක්වා සැතපුම් ගණන් පයින් නගරයට (මේවා නගර නොවේ) පැමිණි මිනිසුන් දැන් එම සැතපුම් දහය  විනාඩි දහයෙන් ඒමට පටන් ගත්තා පමණය. බස් රථයක් ඇහැට දැක නොතිබූ කෝපායි, පලෙයි වැනි ප්‍රදේශ වල මිනිසුන් ලේලන්ඩ් බසයක් දුටුවා පමණය. වසර තිහක් මොබයිල් දුරකථනයක් හෝ කේබල් රූපවාහිනියක් දැක නොතිබූ යාපනේ වැසියන් මේ දැන් බටහිර මාදිලියේ දෙමළ චිත්‍රපටයක් බලන්න සුදානම් වුණා පමණය (ආවා කල්ලිය යනු මේ චිත්‍රපට වල ඇති දේවල් තම යාපන විදී යථාර්තයේ රඟ දක්වන තරුණයින් පිරිසකි). සබ් වූෆර් එකකින් සිංදු අසා නොතිබූ මිනිසුන් යාපනේ අළුතෙන් දමා ඇති සොෆ්ට් ලොජික් සාප්පුවෙන් දැන් මේ කැසට් එකක් ගත්තා පමණය.  තමා මෙතෙක් දැක නොතිබූ ජොනී සින් ගේ නිල් චිත්‍රපටි දසුනක් තම මොබයිල් දුර කතනයෙන් හෝ අර සොෆ්ට් ලොජික් සාප්පු වෙන් ම ගත් ලැප් ටොප් යන්තරයෙන් බැලීමට පටන් ගත්තා පමණය. මේ ඔවුන්ට පන්ති අරගලය ගැන දේශනා පැවැත්විය යුතු මොහොත නොවේ. නූතන බුදු දහම ගැන අපගේ කතා හෝ ජිජැක් ගැන අප කියන කතා ඔවුන්ට ඇසීමට කාලයක් නැත. මැදවච්චියේ සිට කොළඹ බලා මරණිය වේගයෙන් ලේලන්ඩ් බස් රථයක් හෝ වෙනත් වාහනයක් හෝ කොළඹට එළවන ඔවුන් ජොනී සින් ගේ ලිංගික වික්‍රමාන්විත මේ නරඹන්නේ තම වසර තුන් දහසක් වත් පැරණි ශිෂ්ටාචාරයේ ම මුල් වතාවට ය. ඒ සියල්ල දැක ගැනීමට ඔවුන්ට හැකිව තිබෙන්නේ ප්‍රාග්ධනයේ ගෝලීය ආගමනය නිසාවෙනි. එසේනම් ඉහත අර්චන සහ ෆැන්ටසි ලෝකය තුළ ඔවුන් තවමත් පැරණි භෞතික ජිවිතයෙන් ද ඛණ්ඩනය වී නැත (ජොනී සින් ට මෙසේ කළ හැකි වුවේ බටහිර ලෝකය තුළ සිදු වූ නිශ්චිත ඓතිහාසික ගොඩ නැංවීම් හරහාය). අලුතෙන් ඔවුන් දකින ලෝකය අත්හැරීමට ද ඔවුන්ට හැකියාවක් නැත. පැරණි පවුල් පන්සල්, වැව් දාගැබ්, යන්තර මන්තර ද ඒ අයුරින්ම ඇත. අලුත් ලෝකයට යාමේ සිහිනය ද ඇත. අළුත් ලෝකය විසින් ඔවුන් පරණ ආකෘතියෙන් ම පිළිගත යුතු බවට ද ඔවුන් අරගල කරයි. මා මේ කතා කරන්නේ සියවස් ගණනක ශිෂ්ටාචාරයේ අප මෙතෙක් අත් නොවිඳි ගැඹුරු මංසන්ධියක් ගැන මිස සෙල්ලමක් ගැන නොවේ ය. මේ ගැඹුරු පරිවර්තනයේ දී ඔවුන්ට මාර්ගය කියා දීමට උපදේශන සපයන්නේ කාගම සිරිනන්ද වැනි මැදිහත් කරුවන්ය.   


පසුගිය ලිපියෙන් මා ඉදිරිපත් කළ පසු නූතන ඝෝෂාවන් අතර ට එකතු වන නව හඬ නම් ජොනී සින් ලාගේ ප්‍රමෝදයේ හඬයි. මෙය හුදු ප්‍රමෝදයේ කෙඳිරිල්ලක් නොව මිය ගියා යැයි කිවූ දෙවියන් වෙත කරන ඝෝෂාකාරී සාප කිරීමකි. ජිජැක් තම Only a suffering God can save us (2017) නම් ලිපියේ පෙන්වා දෙන්නේ අද්‍යතන ලෝකයේ මිනිසුන් ගේ පතුලක් නොපෙනෙන නපුර ගැන නොසැලකිලිමත් නිශ්ශබ්ද මහා අනෙකා (දෙවියන්) වෙත කරන ශාපයක් ලෙස මෙම කෑ ගැසීම සැලකිය යුතු බවයි. කෙසේ වුවද මෙය මඟ හැරිය නොහැකි අතිශයින් ප්‍රභල ලින්චියානු වල්මත් කිරීමකි (distractor). Blue Velvet (1986) චිත්‍රපටය තුල අපට ඇසෙන මෙම ලින්චියානු හඬ වනාහි නිව්ටෝනියානු භෞතිකය ඉක්මවා සමස්ත විශ්වයට ම ඇසෙන කෑ ගැසීමක් ලෙස ජිජැක් මෙය The Metastases of Enjoyment හි නම් කරයි (පිටුව 115). ජොනී සින් ලා ගේ 'වික්‍රම' තුලින් පවා ඇසෙන්නේ ඩොලර් වලින් සූරා කෑමට භාජනය කරන ස්ත්‍රියගේ හඬ ය (විශ්වය බිහිවූ මොහොතේ යථාවේ හඬ = The last echos of the Big Bang). නමුත් අප ආශා කරන්නේ ද ඇය වේදනාවෙන් කෑ ගසන හඬට ම ය. එම මාංශ වෙළඳපොල පවතින්නේ ද අපගේ ඒ ආශාව නිසාය. අප එය දනිමු නමුත් අප එම නිල් තිර වෙත ම දෑස යොමා සිටිමු. පෙරදිග ලෝකයේ විශේෂයෙන් තුන්වන ලෝකය තුළ (තවත් විශේෂයෙන් දියුණුම සංස්කෘතියක් තිබුණා යැයි රූපවාහිනී පුරා අරක්ගත් දැනමුත්තන් විසින් පැයෙන් පැය සපථ කර පෙන්වන දකුණු ආසියාව තුළ) මෙම බටහිර ලිංගික ෆැන්ටසි ය කොතරම් ප්‍රභල ද යන්න පෙන්වන හොඳම දර්ශකයකි යන sex වචනය කොතරම් ගූගල් වාර සංඛ්‍යාවක් සොයා ඇත්දැයි පෙන්වන මාපකය (google sex යනුවෙන් ජනප්‍රියව හඳුන්වන දෙය). මේ වනාහි අපට අපගේ ශිෂ්ටාචාරය විසින් ම අහිමි කර ඇති දෙයක් අප නැවත සොයා යන බව දැක්වෙන ඉතාම හොඳ දර්ශකයකි. නාටිකාංගනා වන්ගේ කුණු කෙළ බිඳක් දැක බුදුන් වහන්සේ රජ වාසල මතු නොව නේරංජනා වෙන් ද ඔබ්බට පැණ දිවූව ද ජොනී සින් ලා කැමරා ඉදිරියේ තමාට ඇතැම් විට අද හමුවූ (මින් පෙර කිසිදා නොදුටු) තම සහය නිළියගේ කෙළ, සොටු, මුත්‍රා අනුභව කර අපට පෙන්වයි (ඒ සෑම ක්‍රියාවක ට ම මිලක් නියම කර ඇත). නිළිය ද ජොනී ගේ හෝ වෙනත් ඕනෑම නළුවෙකු ගේ ශුක්‍රානු හෝ මුත්‍රා ගිලදමා පෙන්වයි. ආපසු හැරවිය නොහැකි ලෙස යථාව සහ සංකේතනය විතැන් වී ඇත්තේ ඒ ආකාරය ට ය (මෙය ශිෂ්ටාචාර ඛණ්ඩනයක් වශයෙන් මා හඳුන්වන්නේ එබැවිණි). ගූගල් සෙවුම් යන්ත්‍රයේ sex යන වචනය වඩාත්ම සොයා ඇත්තේ ලංකාව, ඉන්දියාවේ නගර ගණනාවක් සහ පැපුවා නිව් ගිනියා, වියට්නාමය වැනි රටවල්  කිහිපයකි. ඉතින් මේ විපරීත ප්‍රමෝදයේ හඬ විසින් තෝන්තු කරනු ලැබ ඇති විමුක්ති ආත්මය නැවත තම සිහිය උපදවා ගැනීම පිණිස කාටේසියානු විෂය (Cartesian subject) නැවත සොයා ගත යුතු බව ජිජැක් Ticklish Subject හි දී යෝජනා කරන්නේ එබැවිණි. විමුක්ති විෂය විසින් එක්වරම ඉහත සූරා කෑමේ ගතිකයන් ඉදිරියේ සටන් කළ යුතු බවට කරනු ලබන තීරණය යනු නැවතත් තමාගේ මුලික අරමුණ වෙනතක ගමන් කිරීමට ඉඩ හැරීමකි. එවිට වමේ විවේචකයින් මෙසේ අසනු ඇත. අසවල් සූරාකෑමේ ප්‍රපංචය ගැන යමක් නොකර අහක බලා ගැනීම විමුක්ති ක්‍රියාවක් වන්නේ කෙසේද? සාමාන්‍ය ට්‍රොට්ස්කි වාදී තර්කය නම් අප මෙතනින් පටන් ගත යුතු වෙමු යන්න ය (පටන් ගැනීමට අන් තැනක් නැත යන්න). නමුත් අප මෙතැන නැවතී ම යනු අපගේ ශක්තිය අනපේක්ෂිත ලෙස වෙනතක ගමන් කර වීමකි. මන්ද ජිජැක් පැහැදිළි කරන නවතම විප්ලවීය ආකෘතිය තුළ පැරණි රුසියාවේ මෙන් සියල්ලෝ ම එකතු කරගෙන කරන මහා (මෙගා) විප්ලවයක් සම්බන්දව මෙම තාක්ෂණික යුගයේ බලාපොරොත්තු තැබිය නොහැකි නිසාය. පැරණි ආකෘතියේ විප්ලවයක් විසි එක් වන සියවසේ සිදු වන්නේ නැති අතර පොදු ජනයා (අරක්කු බොමින් කොළඹ අවුත් විදුළි ලාම්පු කණුවල එල්ලෙන්නන්) ගැන නව විප්ලව මොඩලයන් ගැන සිතන්න වුන් එතරම් බලාපොරොත්තු තබන්නේ ද නැත (මේ පිළිබදව වැඩිදුර න්‍යායික කරුණු ප්‍රසිද්ධියේ ලිවිය නොහැක). එක් අතකින් අප යම් කරුණක් ගැන සඳහන් කලොත් පශ්චාත් නූතන 'විවේචක විෂය' (ෆූකෝ හෝ ඩෙලුස්) විසින් එවන් ක්‍රියාවක් එතරම්ම විවේචනය කරණු නියත ය. අනෙක් අතට සියල්ලෝම බටහිර කේන්ද්‍රයට යෑමට සිහින දකින්නේ නම් ප්‍රධානම ගැටළුව වන්නේ අප කවුරුන් මුදවා ගැනීම පිණිස සටන් කල යුතු ද යන්න අපට ම පැහැදිලි නැති නිසාවෙනි. 


අපගේ විවේචක විෂය විසින් තේරුම් නොගන්නා පැහැදිලි කරුණක් නම් විප්ලවය සිදු කර දීම පිණිස ලෙනින් මළවුන් ගෙන් ඇහැරී නැවත අප කරා නොඑන බවත් එය සිදු කිරීමට සිදු වන්නේ අපට ම බවත් අපට අමතක වීමයි. ඒ සඳහා රැවුල වවා ගත් බෝල්ෂෙවික් වීරයෙක් බිහි නොවන අතර එය සිදු කිරීමට ඉතිහාසය විසින් පවරා ඇත්තේ මේ අප අතරම සිටින කෙනෙකුට ය. අප විශ්‍වාස කලත් නොකලත් ඇතැම් විට එය සිදු කිරීමට ඉදිරියට එනු ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන වන් අයක් වීමට ද පුළුවන් බව අප අමතක නොකළ යුතුවේ. කවුරුන් හෝ එයට ශරීරය දිය යුතුව ඇත. නමුත් වැරදි ලෙස හෝ ඔහු යමක් කළ මොහොතේ ම ඉදිරියට පැමිණියේ ඉහත 'විවේචක විෂය' වේ (ප්‍රජාතන්ත්‍රවාදයේ ගැලවුම් කරුවන්, පාර්ලිමේන්තුවාදීන්, ජන මාධ්‍ය  වැනි අය). ඔවුන් කලේ තමනුත් නොදන්නා මොකක්දෝ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් දිගින් දිගට් කතා කිරීමය. එසේ අධිකරණය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණා යයි කියා සිදුවූ කෙමනක් ද නැත. තිබුණ අසාර්ථක අපිළිවෙල එසේම පවතී.  එක දශමයකින් රට ඉදිරියට යන්නේ ද නැත. පිම්මක් පනින්නේ ද නැත (leap forward). අධිකරණ තීන්දුවෙන් පසු තිබෙන්නේ තිබෙන්නේ හිස් විශ්වීය බවක් පමණි (empty universalism යන මෙම යෙදුම ජිජැක් ගේ ය). අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදීන් යැයි කියනු ලබන්නන් විසින් ජනාධිපතිවරයා ගේ පිලිපීන සංචාරය විවේචනය කරනු ලබයි. ඔවුන් ට වැදගත් වන්නේ කොතරම් හොඳින් රටේ නායකයා ඉංග්‍රීසි කතා කරනවාද යන්න ය. නමුත් ඔහුගේ එම සංචාරයේ අරමුණ වුවේ කුමක්ද යන්න කිසිවෙකු කතා නොකරයි. එක් අතකින් ඔහු මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා යක්ෂයා සමඟ හෝ ගිවිසුම් ගැසීමට සුදානම් වේ. අනික් එවුන් තම බුර්ෂුවා ප්‍රතිරූප රකිද්දී තමාගේ ප්‍රතිරූපය විනාශ කරගෙන හෝ ඔහු අරමුණක් වෙත යාමට සුදානම් ය (එසේ වුවද ඔවුන්ගේ ප්‍රතිරුප දෙස බලා සිටින යුරෝපීය අනෙකෙකු ද නැත). එය අවසාන විග්‍රහයෙදී රට පැත්තෙන් ධනාත්මක නොවේ ද? මා සිතන අයුරින් එම 'විවේචක විෂය' ආදරය කරනු ලබන්නේ තමාට පමණය (ස්වරූපරාගය). තමන්ගේ ම විවේචක අකුරු වලට එවැන්නෙක් ආදරය කරයි. නමුත් ඔවුන් රටට ආදරය කරන්නේ නැත. තමන් විනාශ වී හෝ රටට යමක් කිරීමට මේ මොහොතේ ඉදිරියට එන්නේ කවුද එවැන්නෙක් විවේචනය කර ඔහුව අතරමං කිරීම මෙම විවේචක විෂයේ අරමුණ වේ. මුහුණු පොත පුරා පවතින මෙම හිස් විශ්වීය බව සයිකෝටික තත්වයකි. ජිජැක් දක්වන ආකාරයට සෑම 'වැරදි හැසිරීමක්' විසින් ම නව හැඟවුමක් ඉල්ලා සිටි. උදාහරණ වශයෙන් 'හිතුමතේ ජිවිතේ' ගේ පතුලක් නොමැති වෛරයේ හැසිරීම විසින් ගෙන එන අර්ථය ඔස්සේ බුර්ෂුවා නීතියේ නව හැඟවුම් ජනිත කල යුතුය. සුවිශේෂ බවහි ඇති වෙනස් කම (අමුතු බව) විශ්වීය බව විසින් තේරුම් ගත යුතුය. මා හිතන අයුරින් බුර්ෂුවා නීතිය දන්නා සමන් වික්‍රමාරච්චි වැනි මහතුන් විසින් ගැඹුරින් අධ්‍යයනය කල යුතු සුවිශේෂ බවක් 'හිතුමතේ ජිවිතේ' ගේ සුවිශේෂී ෂෙලීනියානු පැවැත්ම තුල ඇත. එම ප්‍රත්‍යෙක පරීක්ෂණය තුල ඔහු අපෙන් ඉල්ලා සිටින්නේ අනන්‍යතාවයක් නොවේ. තමා පිළිගන්නා ලෙස නොවේ. ඔහු කරමින් ඇත්තේ ස්වයං නිශේදනයකි. තම නැගෙණිය වෙනුවෙන් පුර්ණ ස්වයං නිශේදනයකි. තමා  යමක් තුළ පුර්ණ වශයෙන් දියකර හැරී එවැන්නෙකුට හැර එවැනි නිර්භීත ක්‍රියාදාමයක නිරත විය නොහැක. සත්‍ය වශයෙන් හිතුමතේ ජිවිතේ යනු නො -පැවැත්මකි. අප සාමාන්‍යයෙන් දන්නා ෆ්‍රොයිඩියානු සුපිරි අහම විසින් ආත්මයේ තාර්කික හේතුව ඉල්ලා සිටියත් (පරිණත බව) ඔහුගේ තුවාල වූ අහම විසින් ඉල්ලා සිටින්නේ තේරුම් ගත නොහැකි අතිරික්තයකි (unrealizable surplus). හරියට ම එය හෝමයක් බඳුය (like a sacrifice). මෙය යටත් විජිත තුවාලයේ සිට ඕනෑම දෙයක් දක්වා භාවිතා කල හැක. තද හම් පටි, කස සහ දම්වැල් අර්චන ලෙස අතින් දරා ගත කළු ජාතික නිල් චිත්‍රපට නළුවන් ඉදිරියේ සිටින සුදු තරුණිය යනු අතීත වහල් භාවයේ වරදකාරිත්වය වෙනුවෙන් කරන පසු නූතන යාග හෝමයකි. තමාව තව තවත් වධ බන්ධනයට හසු කරන්න යන කෑ ගැසීම (give me more යන අතිරික්තය) යනු මේ හෝමයේ වාග්විද්‍යා සෙල්ලමක් පමණය (මන්ද වධකයා යනු මේ යුගයේ මහත් ම වහලාය).  


මීට අමතරව නව තාක්ෂණික මිනිසෙක් (පරම්පරාවක්) බිහිවෙමින් ද සිටින බව අප අමතක නොකළ යුතුය. ඩිජිටල් තිරයක් මත ට දෑස යොමා රබර් ඇබ දෙකක් කණේ ගසා ගෙන තමන්ගේ ම වූ යථාර්තයක් සමග තනියම කතා කරමින් එම යථාර්තය සමග අධි අනන්‍ය වෙමින් මහ පාරේ යන මේ 'නව මිනිසා' (ගැහැණිය) යනු අප මේ දක්වා දැක නොතිබූ මානව වර්ගයකි. තේ කම්කරු අරගලය මෙම නව මිනිස් ශිෂ්ටාචාරය  දකින්නේ මුහුණු පොතෙනි (මොවුන් ටී. වී. බලන්නේ නැත). කවුදෝ මිතුරෙක් ශෙයා කර තිබු එම පෝස්ට් එක දිහා මොහොතක් බලා ඒ සමග ම මුහුණු පොතේ පහලට ස්ක්‍රෝල් ඩවුන් කරන ඇය දකින්නේ ඇය විසින් මීට පෙර ලයික් එකක් දමා තිබුණු ඉන්ග්ලේසියස් ගේ අනුරාගික ගීතයකි. නැත්නම් අළුත් විළවුන් වර්ගයක දැන්වීමකි. ඇය එයට ලයික් එකක් දමයි (ඉන්පසුව ඇයට එම වෙළඳ දැන්වීම් සමාගමේ දැන්වීම් ඉබේම පොප් අප් වනු ඇත. ඒවා වහ වහා ඇය කරා එනු ඇත. ඇය මඟ හරින මැද පෙරදිග ස්ත්‍රීන් ගේ ගැටළු නැවත කිසිදා ශෙයා නොවනු ඇත. ඇයට අවශ්‍ය යථාර්තය ඇයටම ප්‍රති නිෂ්පාදනය කරගත හැක. ඉතින් ඇයගේ විප්ලවීය මිතුරන් හට තේ අරගලය ගැන ඇයගේ අවධානය දිනා ගත යුතු නම් එම පෝස්ටු ඇයගේ පිටුවට ටැග් කිරීමට සිදු වනු ඇත. නැත්නම් ඉන්බොක්ස් කිරීමට සිදුවනු ඇත. එයත් කරදරයක් නම් ඇය එම විප්ලව මිතුරා අන්ෆ්රෙන්ඩ් කරනු ඇත! 'ඔබ ඔබේ ලොවේ.. මම මගේ ලොවේ..' නම් දශක කිහිපයකට පෙර අප අසා තිබුණ එම ගීත ඛණ්ඩය නව අයුරකින් පශ්චාත් නූතන ලෙස ඉස්මත්තට පැමිණ ඇත. ඇතැම් විට මෙහිදී නලින් ද සිල්වා ගේ 'මගේ ලෝකය' නව වටයකින් නව ඥානණ සන්දර්භයක් තුළ නරුමවාදී ලෙස ප්‍රතිජීවනය වී ඇතැයි යනුවන් ද අයෙකුට තර්ක කල හැකිය). මෙම සමපේක්‍ෂණ යථාර්තයට සාපේක්ෂව (සමගාමී ලෙස) නව ඥාණන වේදයක් ද (new cognitivism) මේ වනවිට දියුණු වෙමින් ඇති අතර මිනිසාගේ අවධානය මේ වනවිට ඒ කරා ද යොමුවෙමින් ඇත. විශේෂයෙන් බටහිර සමාජ තුල මේ නව ඥාණන තත්වය ජනප්‍රිය වෙමින් පවතී. එහි ප්‍රකට ප්‍රචාරකයෙකු ලෙස සැලකිය හැකි යුවල් නෝවා හරාරි (Yuval Noah Harari) විසින් පෙන්වා දෙන්නේ අප මිනිස් පරිණාමයේ නව යුගයක් අබියස සිටින බවයි. මිට වසර හැත්තෑ දහසකට පමණ පෙර මිනිසා චිම්පන්සියා ගෙන් වෙනස් වුවේ යම් සේ ද අද වනවිට හෝමෝ සේපියන් මිනිසා නව ඥාණන තත්වයක් (cognitive condition) තුළ නව අමරණීය මිනිසෙක් බිහි කිරීමේ ව්‍යාපෘතියේ සාර්ථක පියවරක් ඉදිරියේ සිටිනා බව ඔහු සිය Sapiens: A Brief History of Humankind (2014) කෘතිය ඔස්සේ පෙන්වා දෙයි. නමුත් මෙම නව අමරණීය මිනිසා යනු අප මෙතෙක් දැන සිටි අනුභූතික මිනිසා ගෙන් වෙනස් කෙනෙක්ය.  චිම්පන්සියා හට ඇත්තේ අනුභූතික ව ග්‍රහණය කර ගත හැකි වාස්තවික යථාර්තයක් වුවද හෝමෝ සේපියන් මිනිසා යනු වාස්තවික දැනුම ඔබ්බවා ගිය පරිකල්පනයක් සහිත මිනිසෙකි. ඔහුට තම වාස්තවික පැවැත්මට අමතරව පරිකල්පනයේ සැරිසැරිය හැකිවාක් මෙන්ම වියුක්ත චින්තනයේ යෙදීමට ද හැකිය. මෙය චිම්පන්සියා ට කළ නොහැකි දෙයකි. උදාරණය වශයෙන් මුදල් යන පරිකල්පනීය සහ වියුක්ත හුවමාරු ඒකකය ගැන චිම්පන්සියෙක් දන්නේ නැත. නමුත් චිම්පන්සියෙක් කෙසෙල් නම් වාස්තවික යථාර්ථයේ අනුභව කල හැකි දෙය දනී. අප කෙසෙල් නම් දෙය මුදල් නම් වියුක්ත දෙය සමග හුවමාරු කරයි. චිම්පන්සියාට මේ අතරමැද ඇති වියුක්ත ප්‍රබන්ධය ගැන දැනුමක් නැත (අප චිම්පන්සියෙක් හට ඩොලර් නෝට්ටුවක් දී කෙසෙල් ඉල්ලුවොත් එය එම සත්වයා හට තේරුම් ගත නොහැක). ඉදින් යුවල් නෝවා හරාරි ට අනුව මිනිස් ඉතිහාසය සතුන්ගේ ඉතිහාසයෙන් වෙනස් වන්නේ මෙවන් ප්‍රබන්ධ හේතුවෙනි (සතුන්ට මෙවන් ප්‍රබන්ධයක් වටා එකතුවීමේ ඥානණ හැකියාවක් නැත - cognitive ability to corporate). එවන් ප්‍රබන්ධ වටා මිනිසුන් එකතුවිම හේතුවෙනි. ලිබරල් ධනවාදය මෙන්ම සමාජවාදය මතු නොව යුදෙව් විරෝධය පවා මිනිසා පොදුවේ බෙදා හදා ගන්නා දෙන ලද කාලය සහ අවකාශයට සාපේක්ෂ දෛනික ප්‍රබන්ධ වේ (daily fictions). මේ අනුව මිනිස් ඉතිහාසය යනු වාස්තවිකයන්ගේ (කෙසෙල් ගෙඩි) මෙන්ම ප්‍රබන්ධයන් ගේ ද (මුදල්) ඉතිහාසයක් වේ. හරාරි  අනුව ඉතිහාසය තුල  බොහෝවිට වඩාත්ම ප්‍රභල වී ඇත්තේ ප්‍රබන්ධයන් ය (ජර්මන් ජාතිකවාදය බඳු). ඔහු සඳහන් කරන්නේ විසි වන සියවසේ දේශපාලන බලය ලබා ගැනීමට හැකිවුවේ වඩාත්ම හොඳින් තම ප්‍රබන්ධ ය (කතාව = story) ගෙතීමට හැකියාව තිබූ කෙනාටය යන්න ය. ඒ වගේම වඩාත්ම හොඳින් තම ප්‍රබන්ධ ය අනෙකාට ඒත්තු ගැන්විය හැකිවූ කෙනාටය (ශරීර ශක්තිය තිබූ කෙනා බලය ලබා ගත්තේ චිම්පන්සි යුගයේ ය. නැත්නම් මිනිස් ශිෂ්ටාචාරයේ ප්‍රාථමික යුග වලය). එකම ගැටළුව නම් විසි වන සියවසේ මහා ආඛ්‍යාන වලට මේ සියවස තුළ මිනිසුන් ඒත්තු ගැන්වීමට නොහැකි වීමය. (ලියොතා හෝ හබමාස් කියන අයුරින් ඒවාගේ නෛතික බව අහෝසි වී තිබීමයි). එසේ නම් අප සිටින්නේ නව ප්‍රබන්ධයක් අවශ්‍ය වී සිටින විසි එක් වන සියවසේ 'මානව ශිෂ්ටාචාරයක්' (සමහර විට නමක් නැති විය හැක) අබියසය.         

හරාරි විසින් ගෙනහැර දක්වන අනෙක් කරුණ වන්නේ මිනිසාගේ දේශපාලන කේවල් කිරීමේ ශක්තිය (political bargaining power) දිනෙන් දින හීන වෙමින් පවතී යන්නය. එම බලය ක්‍රමානුකුලව පරිගණකය සහ කෘතීම බුද්ධිය (artificial intelligence) විසින් පැහැර ගනිමින් සිටින බව ඔහු ඉතාම වැදගත් ලෙස නිරීක්ෂණය කරයි. දහ නම වන සියවසේ මිනිස් ඉතිහාසයේ ගාමක බලය වුවේ නාගරික කම්කරු පන්තිය බව නිරීක්ෂණය කරන හරාරි ක්‍රමානුකුලව එම පන්තියේ දේශපාලන ශක්තිය යන්ත්‍ර සුත්‍ර වල ආගමනයත් සමග වෙනස් වූ බව පවසයි. කෘෂි කර්මාන්තය තුළ සිදුවූ යාන්ත්‍රිකකරණය තුළින් අමෙරිකාවේ කෘෂි කම්කරුවන් සියයට හතළිහේ සිට සියයට දෙකක් දක්වා පහලට ගිය බව පෙන්වා දෙන ඔහු ඉතිහාසඥයෙක් ලෙස නිරීක්ෂණය කරන්නේ ඉහත බොහොමයක් ශ්‍රමිකයින් පෙරළා කාර්මික නිෂ්පාදනයෙන් සේවා ආර්ථිකය වෙතට විතැන් වූ බවයි. ඒ අනුව නාගරික කම්කරු සහ කෘෂි කම්කරු පංතිය නගරවල සේවා ආර්ථික ව්‍යුහයන් වෙතට පරිණාමය වීම සඳහා තමාව ම ප්‍රති නිපදවා ගැනීමට භාජනය විය  (reinvent themselves). බැංකු කරුවන්, මුල්‍ය උපදේශකයින්, රක්ෂණ නිලධාරීන්, සංචාරක මග පෙන්වන්නන්, රියදුරන් වැනි රැකියා සඳහා ඔවුන් නගර වෙත සංක්‍රමණය විය. හරාරි පෙන්වා දෙන්නේ මේ යුගය වනවිට ඉහත සියලු රැකියා සඳහා තිබූ ඉඩකඩ මේ වනවිට පරිගණක සහ කෘතීම බුද්ධිය විසින් අත්පත් කර ගනිමින් ඇති බවයි (ලංකාවේ බස් කොන්දොස්තර වරුන් සිටියාට දියණු රටවල එසේ නැත). මෙහි ආසන්න උදාහරණය ලෙස ඔහු දක්වන්නේ රියදුරන් නොමැති රථ වාහන වල ආගමන යයි. නියමිත වමිතිකකරණය (bio-metrics) ඔස්සේ ගූගල් චන්ද්‍රිකා ආශ්‍රයෙන් ඉතාම නිවැරදිව මාර්ගයේ ගමන් කළ හැකි මෙම වාහන වලට මිනිස් දෝෂයන් විසින් සිදු කරන සියළු අනතුරු වලක්වා ගත හැකි බව පෙන්වා දෙයි (විනෝදය පාදක කරගත් පසු ගියදා හලාවත නයිනමඩමේ සිදුවූ අනතුර සිහිපත් කරන්න). ඒ අනුව මිලියන ගණනක ගේ රැකියා අහෝසි වීම තව දශක දෙකක කාලය පිළිබද ගැටළුවක් පමණක් බව ඔහු පෙන්වා දෙයි. අනතුරු නැත්නම් එවිට වාහන රක්ෂණ ක්ෂේත්‍රය ද අර්බුදයට යනු ඇත. මීළඟට ඔහු දකින අනතුර ඇත්තේ වෛද්‍ය වෘත්තීය ට ය. සාමාන්‍ය වෛද්‍යවරයෙකුට ලෝකයේ දිනපතා යාවක්කාලින වන වෛද්‍ය තොරතුරු ග්‍රහණය කර ගත නොහැක. බෙහෙත් ද්‍රව්‍ය ගැන තොරතුරැ ගැන දැන ගත නොහැක. නමුත් කෘතීම බුද්ධිය සහිත වෛද්‍යවරයෙක් ඔබගේ ස්මාර්ට් දුරකථනයේ බහා ගෙන ඔබ යන ඕනෑම තැනක රැගෙන යා හැකිය. එම සමාර්ට් වෛද්‍යවරයා ඔබ ගැන සියලු තොරතුරු සෑම මිනිත්තුවකම රැස්කරන අතර ඔබගේ සෑම ඉරියව්වක් ම නිතිපතා නිරීක්ෂණය කරයි. ඔබගේ රෝග ඉතිහාසය ගැන සාමාන්‍ය නොසැලකිලිමත් වෛද්‍යවරයකුට වඩා මතකයක් ඔබගේ ස්මාර්ට් වෙදැදුරා විසින් අත්පත් කරගනු ඇත. රෝග නිධානයන් ඔහු අන් කවරෙක්ටත් වඩා මතක තබා ගනු ඇත. කාලයත් සමඟ ම ඔහුගේ ගාස්තුව ද අඩුවනු ඇත. නූතනත්වය යනු තාර්කික බව නම් ඔබගේ ස්මාර්ට් වෛද්‍යවරයා ගේ සියයට සියයක් නිවැරදි රෝග විනිශ්චයට ඔබ සවන් නොදීම මේ යුගයේ මහත් ම මුග්ධ බව වනු ඇති බව හරාරි ගේ මතයයි. මේ අනුව ක්‍රමානුකුලව වෛද්‍ය වෘත්තීය ට ඇති කේවල් ශක්තිය මෙන්ම බස් රියදුරන් සතු කේවල් ශක්තියද තව දශක දෙකක් පමණ ඇතුලත වහාම හීන වනු ඇත. මන්ද ඔවුන් ගෙන් ආර්ථිකයට වන සේවය නිෂ්ප්‍රයෝජන වෙමින් යන බැවිණි. වෙනත් විදියකින් කිවහොත් දැවැන්ත බහු ජාතික සමාගමක් වන ගූගල් සමාගම සහ ටොයෝටා සමාගම එක්ව ගිවිසුම් ගතව රියදුරු රහිත කාර් නිපදවීම ඔස්සේ තව තවත් නිර්ධනයින් ලෙස කොන්ගත වීමට කුශලතා රහිත කම්කරුවන් (unskilled labourers) විශාල පිරිසක් මේ වන විටත් පොරොත්තුව ඇත යන්න මෙහි අරුතයි. හරාරි ට අනුව මෙම ශ්‍රමියකින් ගෙන් විශාල ප්‍රමාණයක් තව වසර විස්සක් වැනි කාලයකදී සම්පුර්ණයෙන් ම නව ලෝකයට නිෂ්ප්‍රයෝජන (completely unusable) ජන කොටසක් වනු ඇත. නූතනත්වය යනු කාර්යක්ෂම බව නම්, අනතුරු අවම කිරීම නම්, එවිට මිනිසුන් නැවත රියදුරන් ලෙස පත් කරන ලෙස කරන සමාජවාදී වෘත්තීය සමිති ඉල්ලීම සම්පුරන්යෙන් ම අතාර්කික වනු ඇත.  රැකියා අහිමි වීම නිසා අසරණ වන ඔවුන්ට කල යුත්තේ කුමක්ද යන්න ඊළඟට දේශපාලන අධිකාරිය විසින් විසඳා ගත යුතු තීරණාත්මක ප්‍රශ්නයක් වනු ඇත. අප සිතන හැටියට නම් ලංකාවේ කිසිම දක්ෂිණාංශික හෝ වාමාංශික පක්ෂයක් හෝ පුද්ගලයෙක් මේ ඉස්මතු වෙමින් පවතින ගෝලීය තාක්ෂණික ඉදිරි පිම්ම (technological leap forward) ගැන ප්‍රගතිශීලි අර්ථයෙන් දැනුවත් නැත. අද පරම්පරාව 'අධ්‍යාපනය' යනුවෙන් හදාරන දෙය තව දශකයකින් පමණ සිදුවන දැවැන්ත සමාජ විපර්යාසයන් සමග බද්ධ කල හැකිද යන්න අධ්‍යාපන ඇමතිවරයා සහ ඔහුගේ උපදේශකයින් ගැඹුරෙන් සොයා බැලිය යුතුය. අවම වශයෙන් චීනය සහ ඉන්දියාව මෙම නව සිලිකන් නිම්නයේ ශිෂ්ටාචාරයට තම තරුණ පරම්පරාව යම් පමණකින් හෝ හුරු කරමින් සිටී. අප තවම චිම්පන්සි යුගය පසු කරමින් සිටිමු. ඉදිරි දශක දෙක තුල සිදුවන ආර්ථික සහ සමාජීය විපර්යාසය තුල කිසිදු කේවල් කිරීමක් කිරීමට අපට නොහැකි වනු ඇත. 

හෛඩගර් විසින් අර්ථකතනය කල 'දෙවියන් විසින් මෙළොවට විසිකළ මිනිසා' පුර්ණ ලෙස කාබනික ලෝකය සමඟ අනන්‍ය වුවද කාබනික නොවන යමක් විසින් ඔහුව නැවත දෙවියන් වෙත ආත්මීය වශයෙන් නැඹුරු කර තිබුණි. නමුත් ජේසුන් ගේ කුරුසියේ වේදනාව ඔස්සේ මිනිසා අවබෝධ කර ගත්තේ තමා ගලවා ගැනීම පිණිස නැවත තම පියාණන් කිසි දිනක නොඑන බවයි. ඒ අවබෝධය වනාහි මිනිස් ශිෂ්ටාචාරය ලද ගැඹුරු ම අවබෝධයකි. ඉදින් මිනිසා සදහටම මැවුම්කාර සහ ගැලවුම්කාර පියෙක් ගෙන් නිදහස් විය. මේ මිනිස් ශිෂ්ටාචාරයේ වැදගත්ම සද්භාවී හැරවුමයි (ontological turn). මිනිසා විසින් මේ නිමේෂයෙන් පසු කාබනික නොවන පැවැත්මකින් නිදහස් විය. ගැලවීමට අන් මඟක් නොවන හෙයින් කාබනික ලෝකයේ තමා මෙන්ම විගලිත වූ තවත් මිනිසුන් සමඟ සමස්වර විය (harmony). කොමියුනිස්ට් අදහස වඩාත් අර්ථවත් විය. හෛඩගර් ගේ මෙම 'විසන්ධි වීම නම් අදහස' (out-of-joint situation) අද වනවිට නව ස්වරූපයක් ගනිමින් සිටින බව හරාරි ගේ මතයයි. එසේ වීමට හේතුව නම් කාබනික මිනිසා වෙනුවට නැවතත් අකාබනික මානව ශිෂ්ටාචාරයක් මේ වනවිට සිලිකන් නිම්නයෙන් ඉස්මතු වෙමින් පැවතීමයි. කෘතීම බුද්ධිය සහිත මේ නව මිනිසා යනු කාබනික ද්‍රව්‍යමය තත්වයන් ඉක්මවා ගිය යම් අමරණීයයත්වයක් අත්පත් කර ගනිමින් සිටින ජීවියෙක් බව හරාරි පවසයි. අපගේ කාබනික ශරීරය සෑම විටම මහළු වෙමින්, දිරාපත් වෙමින්, කුණු කෙළ හොටු පෙරමින්, ක්ෂය වෙමින්, අවසානයේ මරණය වැළඳ ගන්නා නමුත් (බුදුන් වහන්සේ 'දුක' යනුවෙන් පැවසු දෙය) මෙම අකාබනික මිනිසා තම ශරීර කොටස් නැවත නැවත යාවක්කාලීන කර ගනිමින් තම බුද්ධිය වේගයෙන් යාවක්කාලීන කර ගනිමින් තම පැවැත්ම අමරණීය කර ගනිමින් සිටියි. ඊටත් අමතරව තමා නිෂ්පාදනය කල මිනිසාටත් වඩා බුද්ධිමත් බවක්, තාර්කික බවක්, කාර්යක්ෂම බවක්, අත්පත් කර ගනිමින් මිනිසා ක්‍රමානුකූලව විතැන් කරමින් තම ආධිපත්‍ය පතුරවමින් සිටී යන්න හරාරි ගේ නිරීක්ෂණ යයි. මේ සඳහා ඉදිරිපත් ව සිටින්නේ ලෝකයේ ප්‍රභල ම බහු ජාතික සමාගම් කිහිපයකි. අප මිනිස් ඉතිහාසයේ චිම්පන්සින් ගෙන් විතැන් වී (ඔවුන් කූඩු වලට දමා) වියුක්ත චින්තනය පදනම් කර ගනිමින් අලුත් ලෝකයක් (නලින් ගේ ලෝකය නොව) නිර්මාණය කළේ කෙසේද එසේම මේ නව කෘතීම බුද්ධිය විසින් අපව චිම්පන්සින් මට්ටමට පත් කිරීමට ඇත්තේ තව දශක දෙකක පමණ කාලයක ප්‍රශ්නයක් පමණක් බව හරාරි පෙන්වා දෙයි. කෙසේ වුවද තම පැවැත්ම පිණිස මේ නිර්මාණශීලි කෘතීම බුද්ධිය අබියස මිනිසාට තමාව නැවත නිර්මාණය කර ගැනීමට සිදුවේ (ඩාවිනියානු අර්ථයෙන්). නැත්නම් වඳවී යෑමේ තර්ජනයට මුහුණ පෑමට සිදුවේ. එසේ 'නැවත තමාව නිර්මාණය කර ගැනීම' කිරීම වනාහී දියුණු ලෝකයේ දරුවන්ට පවා මේ වනවිට කළ නොහැකි දෙයකි. ඉදිරි දශක දෙක ඇතුලත කුමන රැකියාවක් වෙනුවෙන් තම දරුවන්ට ඉගැන්විය යුතුද යන්න අද දවසේ දියුණු ලෝකයේ දෙමව්පියන් ගේ ප්‍රධාන ගැටළුවකි. කුමක් ඉගැන්වුවද මේ කෘතීම බුද්ධිය විසින් ඒ සෑම දෙයක්ම තම මතකය තුලට යාවක්කාලින කර ගනී. ඉන්පසු ඔහු එය අපටත් වඩා හොඳින් කරයි. ඇතැම් විට එම දියුණු ජීවියා විසින් ම තමා කුමක් කළ යුතු ද නොකළ යුතු ද යන්න පවා විසඳා ගනු ඇත යන්න හරාරි ගේ මතයයි (ස්වඡන්දතාවය පිළිබද නූතන අදහස අහෝසි වීම). 'අතෘප්තිය' මිනිස් පරිණාමයේ මේ දක්වා වූ ගාමක බලය ලෙස හඳුනාගන්නා හරාරි මේ නව 'මිනිසා' (තවම වචනයක් නැත) විසින් ඇතැම් විට එම තත්වය ඉක්මවා යනු ඇති බව මත පළ කරයි. එනම් 'දුක' (දුක්ඛ සත්‍යය) යන්න නොදන්නා 'මිනිසෙක්' (ජීවියෙක්) අපගේ ශිෂ්ටාචාරයට පසු ශිෂ්ටාචාරය විසින් නිපදවනු ඇත (මන්ද අප ජීවිත කාලය පුරා දුක දන්නා බැවින් සහ එය දිනපතා යථාර්තයේ අත්දකින බැවින් අප විසින් නිපදවන මෙම සුවිශේෂ නිර්මාණය වෙත අප අපේ දුක ප්‍රක්ෂේපනය නොකරන බැවින්). අතෘප්තිය වෙනුවට තෘප්තිය සොයා මේ දක්වා මිනිසුන් ජීවිත පරිත්‍යාගයෙන් කල අරගල වල ඉතිහාසය එසේනම් මේ නව යුගයේ අවසන් වනු ඇත.  

ඉතිරිය මීළඟ කොටසින්...     

කියවීම්:

Harari, Y. N. (2014). Sapiens: A Brief History of Humankind. New York. Harper Collins. 

Harari, Y. N. (2015). Why Humans Run the World?. TED You Tube Video. https://www.youtube.com/watch?

Zizek, S. (2017). Only a suffering God can save us. in Lacan.com.  http://www.lacan.com/zizmarqueemoon.html

          

Monday, January 14, 2019

ජනප්‍රියවාදය අවසන් වීමට නියමිත එක් ආකෘතියක් මෙසේය...

කිලී මහරාජාගේ නිර්මාණ මංකොල්ලය සහ නොහික්මුණු මාධ්‍ය පාතාලය
උපුල් ශාන්ත සන්නස්ගල ‌හෙළිකරයි

ආරම්භයට පෙර 
උපුල් ශාන්ත දැන් කිසිත් නොදන්නා අත දරුවෙකි. කිරි සප්පයෙකි. ඔහු තමා අවට සිදුවූ කිසිවක් දැන සිට නැත. සමාජ පරස්පරතා ඔහුට අවබෝධ වීමට පටන් ගෙන ඇත්තේ දැන්ය. පීඩිත ජනතාවක ගේ දුවා දරුවන් ගේ නාරි මාංශ විකුණමින් ඒ මත දිය බුං ගැසූ ජනමාධ්‍ය වේදීන් යැයි කිවූ බල්ලන් ගැන උපුල් හොඳින් දැන සිටියේය. නමුත් තමන්ට රූපවාහිනී අවකාශය දෙන බැවින් නොදන්නවා සේ සිටියේය. ඔවුන් සමඟ නිදි වැද්දේය. තිරයෙන් ඇතුලත දෙවියන් වැඩ නොසිටි බව ඔහුට නොතේරීමට තරම් ඔහු අත දරුවෙක් නොවේ. දැන් ඔහු හදන්නේ තැටිය රත් වූ විට තම රොටිය පුච්චා ගැනීමට ය. පොඩි එවුන් ටිකක් මාධ්‍ය අධිකාරිවාදයට එරෙහිව කෑ කොස්සන් ගසන විට උපුල් තමන්ගේ පැරණි වාඩුව ගැනීමට දැන් ලිවිම පටන් ගෙන ඇත. මේ නම් නියම අවස්ථාවාදය යි. බුද්ධිමය දේපළ ගැන නහයෙන් අඬන ඔහුට එරෙහිව අත් කියක් සුචරිත ගම්ලත් ගේ බිරිඳ ගේ සිට අනෝමා ජනාදරී දක්වා එසවී ඇත් ද?? ඔහුගේ උපදේශකයා (mentor) කුමක් ඒ ගැන කියන්නේ දැයි දැන ගැනීමට කැමැත්තෙමි.  
උපුටා ගැනීම ලංකා ඊ නිව්ස් -2019.ජන.14, ප.ව.11.20
නිලේන්ද්‍ර දේශප්‍රියගේ උපන් දිනය දා මම මෙවැනි සටහනක් ලියා ඔහුගේ අත තැබීමි. ‘චිත්‍රපටකරුවෙකු වෙලා මැරෙනවා ද? නිකම් ම නිකම් කවන්ධයක් වෙලා උඹ මැරෙනව ද?‘
මමත්, ලක්සිරි වික්‍රමගේත් නිලේන්ද්‍රට චිත්‍රපටකරුවෙකු වෙයන් යැයි කියා බොහෝ කාලයක සිට වද දුනිමු. චිත්‍රපට සියයක් පමණ සහය අධ්‍යක්ෂණය කළ මේ නිර්මාණශීලි මිනිසා චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු කිරීමේ සිහිනය ඔහුට වදයක් වන තරමට ම අපි වද දුනිමු. සිරස සුපර් ස්ටාර් පළමු අදියර අවසන් වූ දා රාත්‍රියේ අප පවුල් තුනක සාමාජිකයෝ පාන්දර ජාමයේ එක වහලක් යට හමු වී සිහින පිළිබඳ සාකච්ඡා කළෙමු. මගේ පවුලේ සාමාජිකයෝ ද ලක්සිරි වික්‍රමගේ ගේ නිවසේ සාමාජිකයෝ ද නන්දන වික්‍රමගේ ගේ නිවසේ දී එදා සිහින දැක දැක නිදි වැරූමු. කවදා හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන බව ලක්සිරි එදා පැවසී ය. රංගාභිෂේකය නමින් තවත් රියැලිටි ෂෝ එකක් ආරම්භ කරන බව නිලේන්ද්‍ර අපූරුවට එදා පැහැදිලි කළේ ය. පසුව සිරස කුමරිය නමින් අනාථ කොට විනාශ කරන ලද්දේ නිලේන්ද්‍රගේ එම සංකල්පයයි. රංගාභිෂේකය වෙනුවෙන් මමත්, අනෝජා වීරසිංහත්, ස්වර්ණා මල්ලවආරච්චිත්, පූර්ව ප්‍රචාරක පටවල පෙනී සිටියෙමු. රූපවාහිනී වැඩසටහනකින් චිත්‍රපටයක් කිරීමේ සංකල්පය නිලේන්ද්‍ර එදා පැහැදිලි කළ අතර සුපර් ස්ටාර් දෙවන වාරය අවසන් වූ සැණින් නිලේන්ද්‍ර එම චිත්‍රපටයේ වැඩ ආරම්භ කළේ ය.
උඹට පුළුවන් ද බං චිත්‍රපට කරන්න
-----------------------------------
මේ කාලයේ මම ද වාණිජ චිත්‍රපටයකට දායක වීමේ අලුත් ගැබ්බර වේදනාවකින් පෙළෙමින් සිටියෙමි. දිනක් හදිසියේ ම සුසාර දිනාල් කලබලයෙන් මට කතා කළේ ය. ‘උපුල් අයියේ, මට ඔයාව ඉක්මනින් හමුවෙන්න වෙලාවක් දෙන්න’ යැයි ඔහු කීය. මම නගර ශාලාව ආසන්නයේ සිටි නිසා 'ODEL එකට එන්න’ යැයි කීවෙමි. ODEL හි ෆුඩ් කෝට් එකේ පැත්තක වාඩි වූ මම ඔහු එන තෙක් බලා සිටීමි.
‘උපුල් අයියේ, මට ඩාන්සින් ස්ටාර් ගැන ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් ලියලා ඕන. සිංදු හයක් ඕන. ඒ වෙනුවෙන් ඔයාට ලක්ෂ 10 ක් ගෙවනවා. මම ඉක්මනින් චිත්‍රපටය කරන්න ඕන’ යැයි සුසාර කීවේ ය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නිලේන්ද්‍ර දේශප්‍රිය දැයි සුසාරගෙන් මම විමසීමි. මේ අවස්ථාවේ අප අසලින් යමින් සිටි මංජු ගුණවර්ධන තමාගේ ජංගම දුරකතනයෙන් අපගේ ඡායාරූපයක් ගත්තේ ය. මංජු ෆේස්බුක් ආවේ මාක් සකර්බර්ග්ටත් පෙර දී යැයි සිතෙන තරමට හේ තාක්ෂණයෙන් අප විස්මලන මිනිසෙකි.
මගේ ප්‍රශ්නයට පිළිතුර ලෙස චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මම යැයි සුසාර කීවේ ය. ‘උඹට පුළුවන් ද බං චිත්‍රපට කරන්න’ යැයි මා කී විට සුසාර කීවේ ‘නෑ නෑ අරුණ ඉන්නවනේ. අපේ අරුණ ජයවර්ධන. මිනිහා ෆිල්ම් කෝපරේෂන් එකේ කෝස් එකක් කරලා ඉන්නේ. සුමිත් ඉන්නවනේ කැමරා කරන්න. ඉතිං සිම්පල් නේ’ කියා ය. මම ඔහුට නිශ්චිත ව කිසිවක් නො කියා මේ යෝජනාව පිළිබඳ නිලේන්ද්‍ර දේශප්‍රියට කීවෙමි. තිරනාටකය ලියන ලෙසත් ඒ සඳහා ඔහුගේ අද්දැකීමෙන් අවශ්‍ය උදව්වක් ඇත්නම් එය ඉටු කරන බවත් නිලේන්ද්‍ර කීවේ ය. නිලේන්ද්‍ර සිරස හැර යන්නේ හෝ කිලී මහරාජා සිරසෙන් නිලේන්ද්‍ර හරවන්නේ මේ කාලයේ ය.
තිරනාටකයක් ලිවීමේ මගේ වසර පහළොවක පමණ ආධුනික උත්සාහයන් පිළිබඳ ව මම නාමල් ජයසිංහට කීවෙමි. එයට හේතුව මා පූර්වයෙන් ලියු තිරනාටක යැයි හැඟෙන කිසිවක් සාර්ථක නැතැයි මට සිතුණු නිසා ය. තිරනාටකයක් ලිවීමේ මගේ වත්මන් ගුරුවරයා වන්නේ ද නාමල් ජයසිංහ ය. නාමල්ගේ මේ මොහොතට මඳක් ඔබ්බෙන් ඇති මිනිස් ජීවිත සංවාදයට කැඳවන විශිෂ්ට තිරනාටක මා පිස්සු වට්ටවා තිබූ හෙයින් නිවැරදි ව තිරනාටකයක් ලියන’යුරු මම නාමල් ජයසිංහගෙන් ඉගෙන ගතිමි. රටේ බොහෝ දරුවන්ට සිංහල උගන්වා ඇති මට සිංහලෙන් තිරනාටකයක් ලියන අයුරු ඉගැන්වූයේ නාමල් ය.
පසු දින මැදියම් රාත්‍රියේ දී ඩාන්සින් ස්ටාර් තරු ලියක් ද රැගෙන සුසාර මත්තේගොඩ මගේ නිවසට ආවේ ය. ඔවුන් දෙදෙනා පසුපසින් අරුණ ජයවර්ධන ද ආවේ ය. 'මෙයා තමා ප්‍රධාන නිළිය. ඔයාට පෙන්නන්න එක්කන් ආවේ’ යැයි කියමින් සුසාර තරුණ කාන්තාවක් මට හඳුන්වා දුන්නේ ය. මා ඩාන්සින් ස්ටාර් වැඩසටහන අඛණ්ඩ ව නරඹා නො තිබුණු හෙයින් එහි වී.සී.ඩි පට කිහිපයක් ද ඔහු මා අත තැබුවේ ය. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බැරෑරුම්කම පිළිබඳව විවිධ කතන්දර එදින රාත්‍රියේ දී මම සුසාරට කීවෙමි. ඉන්පසු ව තිරනාටකය පිළිබඳ කොන්දේසි ඉදිරිපත් කළෙමි. තිරනාටකයක් යනු නිශ්චිත නිවසක් ගොඩනැඟීමේ සැලැස්මක් වන හෙයින් සැලැස්මට පිටින් පලංචි ගහන්නට, ඇණ ගහන්නට, බිත්ති වෙනස් කරන්නට, වහලවල් බාන්නට, පාට ගාන්නට, හැඩය වෙනස් කරන්නට බාස්ලාට ඉඩ දිය නො හැකි බවත් මම ඉතා කැපවීමෙන් මහන්සියෙන් නිර්මාණය කරන මේ තිරනාටකය විනාශ නො කර චිත්‍රපටය කිරීමට සුසාර එකඟ ද යන්නත් විමසීමි. චිත්‍රපටයේ කතා සාරය කියූ පසු ඔහු කීවේ ‘පිස්සු හැදෙනවා නියමයි’ යනුවෙනි. චිත්‍රපටයේ චරිත පිළිබඳව කෙටි හැඳින්වීමත්, සෙසු චරිතත්, කතා සාරාංශයත්, දර්ශන තල පිළිබඳ හැඳින්වීමත් මුලින් ලබා දිය හැකි බව ද මම කීවෙමි. එවිට චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු ආරම්භ කළ හැකි බවට ද ඔහුව දැනුම්වත් කළෙමි. දෙසතියකට මා මැලේසියාවේ නිවාඩුවකට යන බවත් එම නිවාඩුව මෙම කාර්යය වෙනුවෙන් වැය කළ හැකි බවත් කීවෙමි. ජුනි මාසයේ දී මගේ පන්තිවල ඉගෙන ගන්නා වූ දරුවන්ට ද ඩාන්සින් ස්ටාර් රූපවාහිනී වැඩසටහන තේමා කරගෙන මම තිරනාටකයක් කරන බව ප්‍රසිද්ධියේ කීවෙමි. තිරනාටකයේ තේමාව පිළිබඳ දීර්ඝ ව සමන් වික්‍රමාරච්චි මහතාට ද කීවෙමි.
‘ඔය තේමාවට අදාළ නැතත් ඔය වගේ නන්නත්තාර පිරිසකගෙන් එන තරගකාරී ස්ත්‍රී චරිතයක් ගැන කියවෙන නිසාත් මිලියන් ඩොලර් බේබි චිත්‍රපටයත් බලන්න’ යැයි ඔහු උපදෙස් දුන්නේ ය. මම මේ පිළිබඳ ව නිර්මාණාත්මක චිත්‍රපට විචාරකයෙකු වන ප්‍රියන්ත ජයරත්නට ද කීවෙමි. ඔහු එම ආරංචිය මගේ පශ්චාත් උපාධි ගුරුවරයා වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාට සැල කොට තිබිණි. ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහාචාර්යතුමා පවසා තිබුණේ ‘මහ ඇමතිකම ඉල්ලන්න ගියා වගේ ම මෝඩ වැඩක්’ යැයි කියා ය.
මම මගේ බිරිඳත් දරු දෙදෙනාත් සමඟ 2008 අගෝස්තු මුල් සතියේ මැලේසියාවේ සංචාරයකට ගියෙමි. මැලේකා නගරයේ ෆමෝසා හෝටල් සංකීර්ණයේ සතියකට වැඩි කාලයක් ගත කර ඉන්පසු මැලේසියාවේ ජෙන්ටින් හයිලන්ඩ්වලට පැමිණියෙමි. ෆමෝසා හෝටල් සංකීර්ණයේ දෛනික කාර්යයක් ලෙස සැම රාත්‍රී කාලයක ම Cowboy Town යනුවෙන් නම් කළ වෙනම ම බිම් තීරුවක අපූරු සංදර්ශනයක් පැවැත්වෙයි. සුසාර යෝජනා කළ චිත්‍රපට තේමාව පිළිබඳ පරිකල්පනයේ වද විඳිමින් සිටි මම මේ තිරනාටකය Cowboy Town යනුවෙන් නම් කළෙමි. මම සති කිහිපයක් ටියුෂන් පන්ති නිවාඩු දමමින් ද තිරරචනයේ වැඩකටයුතු සඳහා සහයට කීපදෙනකු යොදා ගනිමින් ද දිනපතා එය සුසාර දිනාල් වෙත ෆැක්ස් කළෙමි. මෙම තිරනාටකයේ A4 ප්‍රමාණයේ පිටු තුන් සියයකට වැඩි ප්‍රමාණයක් සහ ඉන් ඔබ්බේ නිර්මාණය විය යුතු ජවනිකා පිළිබඳ සාරාංශයක් ද දෙමසක් ඇතුළත සම්පූර්ණයෙන් ම සුසාරට ලබා දුනිමි. චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන්ට ලැබුණු මගේ තිරනාටකය පිළිබඳ ඔවුහු බොහෝ ප්‍රශංසාවෙන් කතා කළෝ ය. මුහුරත් උළෙල පැවැත්වූයේ කිලී මහරාජාගේ ප්‍රධානත්වයෙන් බ්‍රේබෲක් පෙදෙසේ සිරස ප්‍රධාන කාර්යාලයේ දී ය. මුහුරත් උළෙල පැවැත්වූ දින ආධුනික නළු නිළියන් සමඟ රවීන්ද්‍ර රන්දෙනිය ද උළෙලට සහභාගී විය. තිරනාටකය පිළිබඳ තොරතුරු දැනගත් රවීන්ද්‍ර රන්දෙනිය එය අගය කරමින් කතා කළේ ය. මුහුරත් උළෙලට පැමිණි පිරිස ඇමතු සුසාර දිනාල් පැවසුයේ තිරනාටකයේ සියයට අනූවක් පමණ අවසන් කර ඇති බවත් ආන්දෝලනාත්මක චරිතයක් වූ සන්නස්ගල එය මැනවින් ඉටු කළ බවත් ය.
හොරකං කරපු වේසිගේ පුතාට කොහොමද වෛරය දැනෙන්නේ
--------------------------------------
චිත්‍රපටයේ අවසාන දර්ශන තුනක් හැර සියල්ල පිටපත් කළ පසු මමත් සුසාර දිනාලුත් අරුණ ජයවර්ධනත් කැමරා ශිල්පී සුමිත් ප්‍රසන්නලාල් සමඟ ජයික් හිල්ටන් හෝටලේ පහත මාලයේ වට මේසයකට වී තිරනාටකය පිළිබඳ අවසන් සාකච්ඡාව ආරම්භ කරමින් සිටියෙමු. චිත්‍රපටයේ අවසාන ජවනිකා තුනෙහි තිරපිටපත ලැබෙන්නේ කවදා දැයි සුසාර විමසීය. පසු දින සවස් වන විට එය ලබා දෙන බවත් එවිට තිරනාටකය සම්පූර්ණ බවත් මම කීවෙමි. සුසාරත් මමත් මුහුණට මුහුණ ලා කරන සාකච්ඡාවට මුහුණ දිය නො හැකි බැවින් දෝ අරුණ සහ සුමිත් මහත් අපහසුවකින් වෙනතක් බලාගෙන හෝටලයේ සිරි විසිරි නරඹමින් වෙනත් විෂයක්, වෙනත් මාතෘකාවක් සමඟ අසීරු ව්‍යාජ සම්බන්ධයක පැටලී සිටිනු දුටිමි. සැර මත්පැන් පානයක් සඳහා සුසාර කළ යෝජනාව මම තැන්ක් යූ කියා ප්‍රතික්ෂේප කළෙමි. රාත්‍රිය නිදි වරාගෙන තිරනාටකයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට සැර මත්පැන් මත බාධාවකැයි ද කීවෙමි.
“උපුල් අයියේ, අපි හෙට උදේ ෂූටින් පටන් ගන්නවා. ලොක්කා කිව්වා වැඩේ ඇදෙනවා ඉක්මන් කරන්න කියලා” යැයි සුසාර යටහත් පහත් ලෙස සහ ලොක්කාගේ අදහසක් ඉදිරිපත් කරන විධායක ස්වරයෙන් කිවේ ය. ලොක්කා යනු කිලී මහරාජා ය.
“ස්ක්‍රිප්ට් එකවත් ඉවර කරන්නේ නැතුව කොහොමද ෂූටින් පටන් ගන්නේ” සුසාර හැරෙන අත නො දැන මම පිළිවිසිමි.
“ඔයාගේ ස්ක්‍රිප්ට් එක නියමයි. හැබැයි ඒකෙ සමහර සීන්ස් අපි අයින් කළා. ඔයාගේ එකට පැරලල් ස්ක්‍රිප්ට් එකක් අපිත් දිගට ම ලියාගෙන ගියා” යනුවෙන් ඇඟට පතට නො දැනී කියමින් ම සුසාර මත්පැන් වීදුරු කීපයක් ළඟ ළඟ ම කටේ හලා ගත්තේ ය. සුසාරගේ අම්මා ද අප්පා ද බිරිඳ ද සොර අඹුවන් ද නෑදෑයන් ද හත්මුතු පරම්පරාව ද පාවා දෙමින් අමු තිත්ත කුණුහරුපයෙන් මම සුසාරට බැන වැදීමි. හද්දා පිටිසර ගමේ මෝඩ චණ්ඩියෙකු මෙන් ජයික් හිල්ටනයේ පහත මාලය දෙදුරුම් කන්නට කෑගැසීමි .
“අනුන්ගේ ගෑනු එක්ක බුදිය ගත්තම යකෝ මිනිස්සුන්ට සිෆිලිස් වගේ සමාජ රෝග හැදෙනවා කියලා උඹ දන්නවා. ඒ වගේ දැනගනින් අනුන්ගේ නිර්මාණ මංකොල්ල කන්න එපා. මගේ බුද්ධිමය ශ්‍රමය මංකොල්ල කෑවට තොගේ අම්මට... ... .”
යනුවෙන් ජාතක අවජාතක නො හික්මුණු අශිෂ්ට කතා කියමින් මම කෑගසන්නට වීමි. මේ ලියන මොහොතේ මගේ හැසිරීම ගැන මටම ලජ්ජා සහගත ය. සිවිලයිස් වී නැති කපටි තක්කඩියෙක් ඉදිරියේ සංයමයේ ශිෂ්ටකම පෙන්වීමට සන්නස්ගලගේ ජීවිතය ඇතුළේ හුස්ම ගන්නා ගෝනමඩිත්තේ පොඩි එකා ඉඩ දුන්නේ නැත.
“උපුල් අයියා ඉවසන්නකෝ“ යනාදී වූ අර්ධ මනුෂ්‍ය කටහඬකින් සුසාර මගේ ආවේගය නිවන්නට උත්සාහ කළේ ය. අරුණ ජයවර්ධනත් සුමිත් ප්‍රසන්නලාලුත් ඒ මොහොතේ එක් වචනයකුදු කතා කළේ නැත. මිත්‍රවරුනි; මේ මොහොත ඔවුන් දෙදෙනා කතා කළ යුතු යැයි සිතමි.
එතැන් පටන් මාස ගණනක් යන තෙක් මා රැවටුණු බව මා ඇන්දුනු බව සහ සිනමාවට ඇති මගේ අප්‍රමාණ ආශාව හැම විට ම කලකිරීමකින් අවසන් වීම පිළිබඳව පශ්චාත්තාප වෙමින් පසු වීමි. ඔවුහු සිහින සැබෑ කරගත්තෝ ය. මිනිසා හැම විට ම අමාරුවේ වැටෙන්නේ තමන් වඩාත් ආශා කරන දෙයට පමණට වඩා ලොල් වීම හේතුවෙනි.
සිනමාවට සම්බන්ධ ව රඟපෑමේ, චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ ලස්සන සිහින සුන්නද්දූලි වූ කාලයක මගේ ආශාව දඩමීමා කරගෙන මගේ කාලයත් ශ්‍රමයත් ධනයත් මහ දවල් ප්‍රසිද්ධියේ මංකොල්ල කෑ ‘ඩේ ලයිට් රොබරියේ’ ප්‍රධාන චූදිතයා වූ සුසාරට විලාප තබමින් හඬමින් කෑගසමින් මම නිරන්තරව සාප කරන්නට වීමි. අවසානයේ දී සුසාර මට තර්ජනය කළේය.
“අපේ මීඩියා එකෙන් විමල් වීරවංශටත් මර්වින් සිල්වාටත් ගහපු ගැහිල්ල ඔයා දන්නවා නම් මීට පස්සේ මට විරුද්ධව කට අරින එකක් නෑ“ සුසාර කීවේ ය.
මම සිරසේ වැඩ කරන මිතුරන් යැයි විශ්වාස කරන එස්. එම් මරික්කාර්ටත්, චන්දන සූරියබණ්ඩාරටත්, සුසිල් කිඳෙල්පිටියටත් තවත් බොහෝ දෙනාටත් සුසාරගේ තර්ජනය පිළිබඳ ව රිපෝර්ට් කළෙමි. කිසිවෙකු තව ම කිසිවක් ඩිසයිඩ් කළේ නැත. ඉනික්බිති ව සුසාර මට කතා කළේ මගේ හෘද සැත්කමෙන් දෙසතියකට පසුව ය.
සුසාරගේ කටහඬ ඇසුණු සැනින් මගේ පපුවට දමා තිබූ මැහුම් ගැලවෙන්නට තරම් වේදනාකාරී කෝපයකින් මම නැවතත් බැන වැදුනෙමි.
“උපුල් අයියේ ඔයා කතා කරන්නේ මං ගැන වෛරයකින්“ සුසාරගේ නිවුණු කපටි කටහඬ ය.
“පකයෝ වෛරය දැනෙන්නේ බඩු අයිතිකාරයට. හොරකං කරපු වේසිගේ පුතාට කොහොමද වෛරය දැනෙන්නේ" මම කෑගැසීමි. මම නැවතත් පරණ ගොන්කම කළෙමි. අතීතයේ මා සමග පසමිතුරු වූ බොහෝ දෙනා නැවතත් මගේ ඇසුර ප්‍රිය කොට මා වෙත එති. මම අසිහියෙන් නැවතත් ප්‍රතිප්‍රහාරයේ ම කුණුරස විඳිමි. පසමිතුරෝ බෝ වෙති.
තොගේ අම්මත් දැනගන්න ඕනි තෝ පට්ට හොරෙක් කියලා
---------------------------------
රත්මලානේ ස්ටයින් මැදිරියේ පැවති වික්ටර් රත්නායකගේ ප්‍රසංගයක අමුත්තකු ලෙස සහභාගී වන්නැයි මරික්කාර් මට ආරාධනා කළේ ය. මමත් මගේ බිරිඳත් ප්‍රසංගය නැරඹීමට ගියෙමු. ප්‍රසංගය අවසන කාර් පාක් එකට එද්දී සුසාර මැදිවිය ඉක්මවූ මාතාවක් සමග රථගාල පැත්තට එමින් සිටියේ ය. මඟ හරස් කළ මම,
“කාගේ හරි ස්ක්‍රිප්ට් එකක් හොරකම් කරලා ආයේ ෆිල්ම් එකක් කරන්නේ නැද්ද සුසාර..” යැයි විමසීමි.
“උපුල් අයියා මේ මගේ අම්මා.... එයා ඉස්සරහා..” යැයි සුසාර කී සැණින් නැවත නැවතත් පළිගැනීමේ මගේ කුරිරු සිත තන්වැසි නො තකා බුරන්නට විය.
“තොගේ අම්මත් දැනගන්න ඕනි තෝ පට්ට හොරෙක් කියලා” යැයි මා කියත් ම අම්මාගේ අතින් ඇදගෙන සුසාර සෙනග අතර නො පෙනී ගියේය.
දෙදහස් නවයේ ජනවාරි මාසයේ අරුණ ජයවර්ධන මට කතා කළේය. “උපුල් අයියා අපේ ෆිල්ම් එකේ ඉන්විටේෂන් එක දෙන්න මම ඔයාලගේ ගෙදර එන්නද? ඔයා මගෙත් එක්ක තරහා නෑ නේද” යනුවෙන් මෘදු හඬින් විමසීය.
“මම උඹත් එක්ක නෙවෙයි මේ මංකොල්ලෙට සම්බන්ධ වෙච්ච හැම එකා එක්කම තරහයි. අපේ ගෙදර හතර මායිමට එන්න එපා” යනුවෙන් කීවෙමි. ඉනික්බිති කාලයේ අරුණ ජයවර්ධන සිරස හැර ගියේ ය. නිකිණි වැස්ස නමින් විශිෂ්ට චිත්‍රපටයක් කළේ ය. අරුණ නිර්මාණාත්මක මිනිසෙකි. මගේ තිර පිටපතෙන් කළ ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස සුසාරගේ නම සඳහන් වීම ද අරුණ ජයවර්ධනගේ නිර්මාණාත්මක අධ්‍යක්ෂණය මංකොල්ලකෑමකි. සුසාර සිරසේ ගිනිපන්දම් ගෙන රටක් ජාතියක් ගිනි තියන හනුමන්තෙකි. අරුණ නිර්මාණාත්මක මිනිසෙකි. කතා කරන්නට රිසි මොහොත මෙය නම් අරුණට දැන් ඇත්ත කතා කළ හැකි ය.
තිරනාටකය ලියා අවසන් කිරීමෙන් පසු සුසාර සහ සිරස මා සාහසික ලෙස මඟ හැරියේ ය. සිරස කළ වරද වරදක් නො වන්නේ යැයි මා යටහත් වූවා නම් අදත් සුසාරත් සිරසත් මහරාජාත් සිරස දායක සභාවත් මා වෙනුවෙන් ය. එදා මා කළ ප්‍රකාශ ද සයිබර් අවකාශයේ මේ ලියන දෑ ද සිරසේ කුප්‍රකට මාධ්‍ය ප්‍රහාරයකට හෝ මාරාන්තික උගුලකට හසු වීමට ලෙන් දොර විවර කිරීමක් බව මම දනිමි. මා මේ ලියන්නේ සිනමාකරුවෙකු වීමේ සිහිනයේ වේදනාකාරී පසුවදන් ය. තවමත් මම හුස්ම ගන්නා නිසා ඊළඟ වෘත්තයේ දී අප නැවත සම්මුඛ විය හැකි ය. අනාගත සිහින දකින්නන් වෙනුවෙන් මම තවදුරටත් ලියමි. රටක ශිෂ්ට මිනිසුන්ගේ සිහින මරා දමන්නවුන්ට එරෙහි ව කරන අරගලයක දී අප හුදකලාව මිය යා හැකි ය. පොළොවට පස් වන මෘත දේහ කබොක් වී කළුගල් වී මැණික් බවට පත් වී දිලිසෙන හෙට දිනක් පිළිබඳ සිහිනය ම මේ ලිවීමට සපයන ශක්තිය ප්‍රමාණවත් ය.
කිලී මහරාජාගේ ධනපති නොහික්මුණු මාධ්‍ය පාතාලය
--------------------------------
සුසාර දිනාල් මගේ කව්බෝයි ටවුන් තිර පිටපත වංචනික ව මංකොල්ල කාපු හැටි මං කිලී මහරාජට මුණට ම කිව්වා. තැන නිලේන්ද්‍ර දේශප්‍රියගේ ලොකු දුවගේ මගුල් ගෙදර. මහරාජට මාව හඳුන්වා දුන්නේ මීෂා ගුණවර්ධනගේ අයියා මංජු ගුණවර්ධන. එදාට පහුවදා ඉඳන් සිරස මට තහනම් කලාපයක් වුණා. සිරසේ සුසාරගේ බලය අඩු වෙලා වෙන කෙනෙක් සුසාරගේ පුටුවට ආපු අවස්ථා දෙක තුනකදී ඔවුන් මාව නැවත කැඳෙව්වා. හැබැයි කිලී මහරාජාගේ අවසරය ඇතිව. දෙදාස් පහළවේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිරසෙන් සන්නස්ගලට උදව් නැතැයි යන පණිවිඩය මා ඔවුන්ගෙන් උදව් ඉල්ලු සැණින් මට ලැබුණා. එසැණින් මම එස්. එම්. මරික්කාර්ට කතා කළා.
“ මම ලොක්කට කතා කරන්නම්. ඇපොයිමන්ට් එකක් දාලා දෙන්නම්. මං එයාට කියන්නම්. අපි දෙන්නම ගිහින් හම්බ වෙමු “
මරික්කාර් උදව් කරන්න ට කැමති වුණා. මරික්කාර් ලොක්කා කියලා කිව්වේ කිලී මහරාජට. මා මහරාජ ව හමු වුයේ නැහැ. සිරසෙන් මට ප්‍රදානය කරන ප්‍රචාරණමය උදව්ව භූමරංගයක් වී මා සිරසේ රූකඩයක් වෙතැයි මම බිය වුණා. කිලී මහරාජට උවමනා තමන්ගේ පුතාට මචං කියන්න පුළුවන් ජනාධිපති කෙනෙක් මේ රටේ නිර්මාණය කරන්න. ඒ සඳහා සිරස ගැත්තන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් ආණ්ඩුකාර පදවිවලට පත් කරන්න. ඇමතිකම්, ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකම් රාජ්‍ය නායකයාගෙන් ඉල්ලන්න තරම් ඔවුන් නිර්ලජ්ජිතයි.
කිලී මහරාජාගේ ධනපති නොහික්මුණු මාධ්‍ය පාතාලය රනිල් ව දණ ගස්සන්න හැදුවේ මෙහෙම.
“ උදව් ඕනි නම් රනිල්ට මාව හම්බ වෙන්න එන්න කියන්න “ සිරසේ ලොක්කගේ චන්ඩි පණිවිඩය ඒක. උද්දච්ච රනිල් මහරාජාගේ දෙපා මුලට යන්නේ නෑ. සිරස රනිල්ට ගහන ඇත්ත ප්‍රශ්නය ඒක. කිලී මහරාජගේ තියා බුදු හාමුදුරුවන්ගේ පන්සලටවත් රනිල් එන්න කිව්වට ගියේ නෑ.පන්සල් නොගිය ඉතිහාසයක් තියෙන රනිල් ප්‍රදර්ශන පෙරහැරේ පන්සල් යනවා දැක්කම කිලී මහරාජා ලඟටත් හෙට දවසේ යයිද කියලා මට ෂුවර් එකක් නෑ.
අද සිරස ඉස්සරහට ගිහිල්ලා සංයමයෙන් විරෝධය දක්වපු විරෝධතා කරුවන්ට එරෙහි ව හාම්පුතාගේ පැත්තේ ඉඳන් බුරන හැම එකෙක් ම එක්කෝ කිලී මහරාජට බය එකෙක්. එහෙම නැත්නම් රස්සාවට පුක දෙන එකෙක්. මිනිස්සුන්ට පිහිටන ඍජු කශේරුකාවේ මුදුනේ සිරසක් නැති එකෙක්.
අද ප්‍රොටෙස්ට් එකේ අභ්‍යන්තර අවුල් තියෙන්න පුළුවන්. මටත් ඒ ගැන විවේචනයක් තියෙනවා. හැබැයි ඒ මිත්‍රවරු මාධ්‍ය මාෆියාවකින් තමන්ගේ ජිවිතයට එල්ල වෙන්න පුළුවන් අනතුර දැන දැන ම ඒ අරන් ගිය ශිෂ්ට පණිවිඩය මාර ඇත්ත එකක්. ලංකාවේ මේන්ස්ට්‍රීම් එකේ රේඩියෝ, පත්තර, ටෙලිවිෂන් අප්පිරියා තැනකට වැටිලා තියෙන වෙලාවේ අද ප්‍රොටෙස්ට් එකට ගිය කණ්ඩායම අපි වගේ හුදෙකලා මිනිස්සුත් අරගලයට කැඳවනවා. නිදාගෙන ඉන්න උනුත් කූද්දනවා.
අපේ මිත්‍රයා නිමල් ලක්ෂපතිආරච්චි කිසි ම දවසක ශාලිත අබේවික්‍රමගේ සිංදු චැනල් එකේ ගැහුවේ නෑ. ශාලිත තනියම අරගල කළා. එක කලාකාරයෙක් හිටියේ නෑ. විමල් වීරවංශ එක්ක පෞද්ගලික කෝන්තරයකට කුල, මල, ජාති, ගෝත්‍ර ඇදලා අසික්කිත විදියට මඩ ගැහුවා. සිරසේ ත්‍රිකෝණය පුකේ ගහගෙන දේශපාලකයෝ කට වහගෙන හිටියා. විමල් වීරවංශට කරපු වැඩේ උඹටත් කරනවා කියලා සුසාර මට තර්ජනය කළා.
ඉතිහාසයේ තනියෙන් අරගල කරලා මාධ්‍යයෙන් අසරණ වෙච්ච හැම එකෙක් ම සිරසෙන් එළියට වැටුණා. සිරසේ හිටපු නිර්මාණශීලි කොල්ලෝ කෙල්ලෝ ඇදලා එළියට වීසි කළා. මේ කිසිකෙනෙක් බාර ගන්න, අරගල කරන්න, වැටෙද්දී අල්ලගන්න සිවිල් සමාජයේ මිනිස් තොටිල්ලක් හැදිලා තිබුණේ නෑ. දැන් මිනිස් තොටිල්ල හැදිලා. ඔවුන් අනාගත අනතුරක් අබිමුවේ ශක්තිමත් ව ඉන්න ලේ මස් ඇට නහර සහිත කොල්ලෝ කෙල්ලන්ගෙ මිනිස් පවුරක්. මිනිස් බලය ශක්තිමත් කරන ඔවුන්ගේ හැම කේශනාලිකවකට ම අපි ආදරෙයි.
නම් ගම් එක්ක, සිද්ධිත් එක්ක සියලු මාධ්‍යය ඇසුරේ මගේ අත්දැකීම් හෙට ඉඳන් මුහුණු පොතේ දිනපතා එකින් එක ලියනවා. ශ්‍රී ලංකා කොදෙව්වේ සියලු මාධ්‍යයන් නිර්දය ව විවේචනය කරන්නට වඩාත් ම සුදුසු අවකාශය මේ මොහොතේ මම තෝරා ගන්නවා.
උපුල් ශාන්ත සන්නස්ගල විසිනි

(කතුවරයාගේ පූර්ව අවසරයකින් ‌තොරව උපුටා ගන්නා ලද්දකි)
Lankaenews.com

Sunday, January 13, 2019

නිර්භීතයින් සදාකාලික වනු ඇත: Bohemian Rhapsody


අප ට මේ මුණගැසී ඇති පශ්චාත් නුතන යුගය යනු අප මෙතෙක් පසු නොකළ අඳුරු කොරිඩෝවක් බවත් එම කොරිඩෝවේ නිර්භීත ව ගමන් කරනු හැර අන් විකල්පයක් නැති බවටත් ස්ලාවෝ ජිජැක් විසින් ගිලි දෙලුස් හට ගෙන එන විවේචනය පදනම් කර ගනිමින් මා මිට පෙර ලිවූ 'සම්ප්‍රදාය පසු නුතනකරණය සහ විමුක්ති විෂය' ලිපියේ පෙන්වා දුන්නෙමු. ජිජැකියානු පශ්චාත් නුතන අනෙකා යනු අවතාරය (මාක්සියානු) විසින් දෙන ලද නියෝගය පිළිපැදීම පස්සට දමනු ලබන (කල් ගන්නා) විෂය වශයෙන් අප එය පසුගිය ලිපියේ හඳුනා ගත්තෙමු. අනෙකාගේ ආශාවේ ප්‍රෙහේලිකාව තුළ මකුළු දැලක මෙන් පැටලී තමාගේ ආශාව පවා තමාට හඳුනාගත නොහැකි පරිදි තම සවිඥාණය පවා ඔද්දල් කර ගනු ලබන තැනැත්තා ඉහත හැම්ලට් විෂය යනුවෙන් නම් කරමු (Basic Instinct චිත්‍රපටයේ මුල් අර්ධයේ දී රහස් පරීක්ෂක නික් හට කැත්රින් මුණ ගැසුනාට පසු සිදුවන දෙය සිහියට නඟා ගන්න). සාර්වත්‍රික විපරිත බව තුළ විමුක්ති ආශාව අහෝසි කර ගැනීම පිණිස සියලු සාධක වෙළඳ පොළ විසින් සපයා ඇති අවස්ථාවක ඉහත හැම්ලටයානු විෂය ස්ත්‍රීවාදයේ ඝෝෂාව ළඟ වුව, ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ඝෝෂාව ළඟ වුව*, සමලිංගික ඝෝෂාව ළඟ වුව, සංක්‍රමණිකයන්ගේ ඝෝෂාව ළඟ වුව, වාර්ගික අරගලකරුවන් ගේ ඝෝෂාව ළඟ වුව නතර විය හැකි බව The Ticklish Subject හි ජිජැක් පැහැදිළි කරයි. එයට හේතුව නම් අනෙකාගේ ආශාවේ ඝෝෂාවෙන් කලබල වී තමන්ගේ ඇත්ත ආශාව එවැන්නෙකුට අමතක වන බැවිණි. විශේෂයෙන් පොප් සංස්කෘතියේ නිරූපණ සහ දෘෂ්ටාන්ත (illustrations and parables of pop culture) ඔස්සේ මේ නොමග යැවීම තවත් පහසු කරවනු ලබයි (නිමල් ලක්ෂපති ආරච්චි ගේ 'සිරසේ' ආගමනය සිහියට ගන්න). විශේෂයෙන් ම ජුඩිත් බට්ලර් ගේ කතිකාව මේ යුගයේ වඩාත්ම චමත්කාර සහ සිත් ඇද ගන්නා සුළු කතිකාව වන බැවින් බොහෝ දෙනෙක් ඇයගේ කතිකාව තම නැවතුම් පල කර ගන්නවාට කිසිදු සැකයක් නැති බව ජිජැක් දක්වා සිටි. ජුඩිත් බට්ලර් යනු හැම්ලට් නාටකයේ මව වන අතර දෙලුස් සහ ෆුකෝ හැම්ලට් නොමග යැවීම සඳහා වරින් වර එබිකම් කරනා යක්ෂයින් දෙදෙනෙකි. ඊයේ පෙරේදා ගෝල්ඩන් ග්ලෝබ් සඳහා සම්මාන දිනාගත් ෆ්‍රෙඩි මර්කරි නම් අසූව දශකයේ අද්විතීය රොක් ගායකයා පාදක කරගත් Bohemian Rhapsody (2018) නම් චිත්‍රපටය මා නම් කරන්නේ ඉහත ජිජැකියානු විමුක්ති විෂය නොමඟ යවන්නාවූ ආශා ප්‍රෙහේලිකා දැලේ පශ්චාත් නුතන අවතාරයක් ලෙස ය. සැබෑ ධෛර්යවන්තයා යනු මර්කරි වැනි ආශා ප්‍රෙහේලිකා වෙනුවෙන් ගෝලීය ඝෝෂා වල නිරත මිනිස් ආත්ම පසුකර සත්‍ය විමුක්තිය වෙතට යනු ලබන්නා ය. විශේෂයෙන් ලිංගික අනන්‍යතා ප්‍රශ්නයක පැටලී ඇති මර්කරි විසින් තම සංගීතය පුද කරන්නේ තමා මෙන්ම අවසීහුම් (misfits) මිනිසුන් වෙනුවෙනි. මිලියන ගණනක් වූ ලිංගික අනන්‍යතා ප්‍රශ්න නිසා කොන් ගත වූ මිනිසුන් වෙනුවෙනි (මෙතෙක් කිසිවෙක් විසින් ආමන්ත්‍රණය නොකරන ලද ජන කොටස ඔහුගේ වෙළඳ පළ වේ). මර්කරි ජිවත් වූ කාලයට සාපේක්ෂව ගත් විට ඔහුගේ පැත්තෙන් කළ සංගීතමය පෙනී සිටීම රැඩිකල් දෙයක් වුවද ඔහුගේ පරමාර්ථය වූ බීට්ල්ස් ට 'වෙනස්' සංගීත මාදිලියක් හඳුන්වා දීම සාර්ථක වුව ද සීතල යුද්ධයෙන් පසු සිදුවූ බර්ලින් තාප්පයේ ඇද වැටීම සමඟ මතුවූ සමාජයේ සත්‍ය පරස්පරතා (antagonisms in the Real) වෙනුවට මතුවූ අනන්‍යතා දේශපාලනයේ ගොදුරක් නොවී සිටීමට ඔහුට නොහැකි විය. අවම වශයෙන් බීට්ල්මේනියා (Beatlemania) නම් අති ජනප්‍රියතාවයෙන් පසු ජෝන් ලෙනන් වැන්නෙක් ප්‍රදර්ශනය කළ දේශපාලන අපේක්ෂා භංග බව ඇතැම් විට මර්කරි ට නොවැටහුණා ද විය හැකිය.  

සියළු රොක් සංගීත වීරයින් පසුපස මත් ද්‍රව්‍ය සහ ගැහැණුන් හඹා එන්නාක් මෙන් සාර්ථකත්වයේ හිණි පෙත්තට නැඟී මර්කරි පසු පස ද මේ සියල්ල හඹා ආවේය. ලිංගිකත්වය හඹා ආවේ මරණය සමග ම ය. අන් සෑම රොක් තරුවක් වගේම ඔහු ද දැනුවත් ලෙසම මරණය වැළඳ ගත්තේය. අන් මාවතක් ඔහුට් ද නොවිය. ඔහු මෙන් ම ලිංගික අනන්‍යතා ප්‍රශ්න වල සිරවී සිටි සියල්ලෝම ඔහු වීරයෙක් කර ගත්තෝය. සීතල යුද්ධය සහ බර්ලින් තාප්පයේ බිඳ වැටීම සමඟ දර්ශනය, දේශපාලනය සහ මනෝ විශේෂණය එකතැන සිරගත වුවේ යම් සේද එසේම මර්කරි ගේ පරම්පරාව මත්ද්‍රව්‍ය, ගැහැණුන්, ලිංගිකත්වය සහ රොක් සංගීතයේ සිර විය. බල දේශපාලනය (power relations) වෙනස් කිරීමේ මඟක් නොතිබූ හෙයින් සියල්ලෝම පුද්ගල අනන්‍යතාවයන් වෙනස් කර ගැනීම වෙතට පල්ලම් බැස්සෝ ය. තම නිදහසේ සතුරා ලෙස අනන්‍යතාවය ඔවුන් හඳුනා ගන්නා ලදී. නමුත් සතුරා සිටියේ වෙනත් තැනකය (ඉස්මතු වෙමින් පැවති තැචර්වාදය තුලය). අසූව දශකයේ තැචර්වාදය ට විකල්පයක් නොතිබූ සෑම අයෙකුම මෙලන්කොලික විය. මර්කරි මරණය කරා යන්නේ සත්‍ය ලෙස ම කළ නොහැකි දේ කිරීමට (do the impossible) උත්සාහ කිරීම තුළ නොවේ. බිට්ලස් සංගීත කණ්ඩායම ට වඩා 'වෙනස්' දෙයක් කිරීමට ඔහුට පුළුවන් වූ බව සත්‍යය කි. නමුත් ඒ වෙනස ප්‍රමාණවත් වී ද? වෙළඳ පොළ ධනවාදය ගමන් කළ මාවතේ ගමන් කළා හැර අන් දිශාවක් ඔහුට නොවිය. තම ලිබිඩෝ ශක්තිය ඔහු වැය කරන්නේ මරණය මුණ ගැසීම වෙනුවෙන් ය (අනූව දශකයේ ලංකාවේ ජනප්‍රිය වාදයේ ගොදුරු වූ ලේඛකයින් දැන් මරණය දක්වා කොකේන් බීමට ඉටා ගෙන ඇත). තම නිර්මාණ ශක්තිය ට කුමක් කරන්නේ දැයි ඔහු ට දිශානතියක් නොවීය. දිශාවක් පෙන්වීමට තරම ලැකානියානු වමක් නොපවතී යනුවෙන් ජිජැක් මෙහිදී කරන සඳහන අතිශයින් වැදගත් ය. එයින් අදහස් කරන්නේ විරුද්ධාභාෂයකි. නැත යනුවෙන් අදහස් කරන්නේ නැත යන්න නොවේ. 'ලිංගිකත්වය නොපවතී' යනුවෙන් අදහස් කරන්නේ ලිංගික සම්බන්දතා නොපවතී යන්න නොව සත්‍ය ජිවිතයේ ඒවා නොපවතී යන්න ය. යථාර්තය වෙනස් කළ හැකි වමක් සත්‍ය ජිවිතයේ නොපවතී යන්න මෙහි අරුතයි (there is no Lacanian Left in reality!). කතිකා කලාපයේ වමේ එකමුතු විශාල ප්‍රමාණයක් පැවතියත් ඒවා කිසිවකට ඇත්ත යථාර්තය වෙනස් කළ නොහැක. ජෙරමි කෝබින්, බර්නි සැන්ඩර්ස්, ජ. වි. පෙ., පෙරටුගාමී යන සියලු වමේ එකමුතු පුළුල් අරුතින් අයිති වන්නේ මෙම නොපවතින ලැකානියානු වමට ය. සත්‍ය පංති පරස්පරතා වෙනස් කළ නොහැක යන්න මෙහි අරුතයි. ජිජැක් කියා සිටින්නේ 'විමුක්ති විෂය' (subject of liberation) මේ තත්වය මුලින් අවබෝධ කර ගත යුතු බවයි. වෙනත් විදියකින් කිවහොත් දැන් පවතින්නේ සාරය අහිමි කරන ලද වමකි (නිකොටින් නැති සිගරට්) යන්න විමුක්ති විෂය මුලින්ම තේරුම් ගත යුතු දෙයකි. ලෙනින් හෝ මාවෝ කළ ආකාරයට සමස්ත සමාජය පුර්ණ පරිවර්තනයකට ලක් කරන ආකාරයේ විප්ලවයක් සිදු කිරීම කෙසේ වෙතත් කිසිවෙක් එසේ කිරීමට සිහින දකින්නේ වත් නැති යුගයක් ලෙස ජිජැක් මේ පසු නුතන යුගය නම් කරන්නේ එබැවිණි. මිට පෙර 'ජිජැක් අධ්‍යයනය' තුළ දී පෙන්වා දුන් පරිදි මේ යුගය යනු සිහින පවා වාරණය කර ඇති යුගයකි. අද ඇත්තේ අපට හොලිවුඩ් විසින් ලබාදෙන සිහින පමණි. අප බැලිය හෝ නොබැලිය යුතු සිහින අප වෙනුවෙන් තෝරන්නේ ඔවුන්ය. 

යමෙක් මෙසේ ඇසිය හැකිය. මර්කරි වැනි ආශා ප්‍රෙහේලිකා සහිත මිනිසුන් ගෙන් නොවේ ද අවසන් අරගලය නිර්මාණය වනු ඇත්තේ? ඔවුන්ගේ අරගලය වෙනුවෙන් ද අප සංවේදී විය යුතු නොවේ ද? ඇත්ත වශයෙන් වම බිඳ වැටීමට හේතු වුවේ ම එවන් අවසීහුම් මිනිසුන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් විසි වන සියවසේ විප්ලවීය අවකාශය තුල නොතිබූ නිසා නොවේද? මෙවන් ප්‍රශ්න සඳහා විශාල වලංගු භාවයක් (validity claim) මේ වනවිට ඇති බව අප ඉඳුරා පිළිගනිමු. නමුත් මේ සියළු ගැටළු වලට යටින් සමාජයේ තීරණාත්මක පරස්පරතා ප්‍රමාණයක් අප විසින් මඟ හරිමින් ඇත. ආර්ථික ව්‍යුහය තුළ ඇති අසමානතා වලින් උපදින සංකාමය තත්වයන් හුදු සංස්කෘතික උපනතින් යනුවෙන් තේරුම් ගැනීම න්‍යායික ගැටළු ඇති කරයි. ලංකාවෙන් යුරෝපයට ඉගෙනීම පිණිස යන තරුණියක් සමාජ ශාලාවක වැඩ කිරීම යනු ස්ත්‍රී නිදහස පිළිබද ගැටළුවකට වඩා පොකට් මනි පිළිබද ආර්ථික ප්‍රශ්නයකි. ජිවන වියදම පිළිබද ප්‍රශ්නයකි. ලංකාවේ රුපියල සහ යුරෝව හෝ ස්ටර්ලිං පවුම අතර  ප්‍රශ්නයකි (ඒ රටේ මුදලින් හම්බ කරන්නේ නැතිව මෙහෙන් කොතරම් රුපියල් යැව්වත් වැඩක් නැත). නෙග්රි කියන අයුරින් ඓතිහාසික සූරාකෑම සහ අධිරාජ්‍යය පිළිබද ප්‍රශ්නයකි. එසේ නම් අප අති මුලික යථාවක් මඟ හරිමින් සිටි (antagonism of the Real). මෙම යථාවේ පරස්පර බව විසඳා ගන්නේ නැතිව අන් කුමක් විසඳුවත් පලක් නැති බව ලැකානියානු විශ්ලේෂණ හරහා අපට තේරුම් කළ හැකිය. ඒ සඳහා බුදුන් වහන්සේ මාර දූ වරුන් පරාජය කළා සේම අප ද අප වටා කෑ ගසන යක්ෂයින් ගේ හඬ මඟ හැරිය යුතුය. අන් කිසි දෙයකින් නොසෙල්වී අරමුණ කරාම ගමන් කල යුතුය. ඒ පළමු වන කොන්දේසි යයි. දෙවැන්න නම් අද්‍යතන වම යනු සත්‍ය ලෙස 'නොහැකියාවේ වමක්' (ඊජිප්තු විප්ලවයට වඩා වැඩි මනත් වූ විප්ලවයක් කළ නොහැකි වමක්) ලෙස අප තේරුම් ගත යුතු වීමයි. විමුක්ති විෂය බිහිවීම සඳහා අවශ්‍ය ම කොන්දේසි දෙක මෙයයි. තුන් වැන්න නම් බිඳී විසිරී (uniting the disintegrated Left) ඇති වම එක්රැස් කිරීමේ අභියෝගය යි. එසේ එක් රැස් කර ගනිමින් අවසන් විමුක්ති සටනක් වෙනුවෙන් පංති සහයෝගිතාවය සහ සවිඥාණිකත්වය අප බෙදා හදා ගත යුතුය. ඒ සඳහා සිහින දැකීමට හුරු වීම විමුක්ති විෂය විසින් කළ යුතු අනෙක් රැඩිකල් ක්‍රියාවයි. මේ සියල්ල සමඟ අප නොසිතූ වීරූ ආශ්චර්යයන් (miracles) සිදු වනු ඇති බවට විශ්වාසයක් අප තුල නිරන්තරයෙන් තිබිය යුතු බව ජිජැක් කියා සිටී. අවසානයේදී අප පතන මනෝරාජිකය එක්වරම නපුරු සිහිනයක් වනු ඇත්ද (අතීතයේ සිදු වූවා මෙන්) යන කුකුස වෙනුවෙන් ඔට්ටු තැබීම සඳහා ලැකානියානු මනෝ විශ්ලේෂී ක්‍රම වේදයක් මේ මිහිපිට නොතිබීම 'උගුරේ ඇනුන කටුවකට' (born in the throat) උපමා කරන ජිජැක් මේ ඔට්ටු තැබීම පසුකර යාම සඳහා අප ගෙවිය යුතු මිළ වන්නේ නිදහසටත් වඩා නිදහසක් බව පෙන්වා දේ (more liberated than liberation). මේ නිදහස ට වඩා නිදහස යනු අප මේ මොහොතේ ජුඩිත් බට්ලර් පසු කිරීම සඳහා ගෙවන මිළ යනුවෙන් ජිජැක් මෙය Ticklish Subject හි දී හඳුන්වා දේ. වර්තමාන රැඩිකල් වමේ දේශපාලනය කෙසේ හෝ අමාරුවෙන් පසු කර ගත යුත්තේ ලිංගික අනන්‍යතා හඬ වඩාත් උස් හඬින් හසුරුවන ජුඩිත් බට්ලර් නම් මාර දූතිකාවයි. හඬ තුල සිර ගත වීම නම් එයයි. ඉදින් මේ මොහොතේ The Danish Girl හෝ Bohemian Rhapsody යන චිත්‍රපට හොලිවුඩ් සම්මාන වෙනුවෙන් ඉහළින් ම නිර්දේශ වීම ඒ අරුතින් පුදුමයක් නොවේ. ලැක්ලෝ ගේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කතිකාවට ජිජැක් එරෙහි වන්නේ ද මේ න්‍යායික පසුබිම තුල ම සිටිමින් ය. 

අප ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් දකින දෙය අධිරාජ්‍යය විසින් දෙන ලද ප්‍රධානයක් නම් එය සත්‍ය වශයෙන් නිදහසක් වනු ඇත් ද? දේශපාලන වශයෙන් නිවැරදි නිදහස (හෝ විමුක්තිය) යන්න අධිරාජ්‍යය විසින් ම අර්ථකතනය කර දෙන දෙයක් නම් එවිට අප නිදහස යැයි කියනු ලබන දෙයහි අරුත කුමක් විය හැකිද? උදාහරණ වශයෙන් ඇමෙරිකාවේ ඉගෙන ගැනීමට ලංකාවෙන් ගිය සුළු ධනේශ්වර තරුණියක් රාත්‍රී සමාජ ශාලාවක බීම හලේ වැඩ කරයි යනුවෙන් අප සිතමු. ඇය තම මුහුණු පොතට චායාරූපයක් ඇතුල් කර මෙසේ කියයි. 'ලංකාවේ නම් පුළුවන් වෙයිද මේ වගේ රාත්‍රී සමාජ ශාලාවක වැඩ කරන්න? ලංකාව මොන තරම් ගොඩේ රටක් ද? ඇත්ත නිදහසක් ඕනි නම් අපේ රටේ ගැහැණු කරන්න ඕනි දැන් තියෙන අධිපති පිතෘ මුලික සමාජය වෙනස් කරන එක'. මෙතැනදී අප හසුවන උගුල නම් අධ්‍යාපනය සඳහා ගිය තරුණියකට රාත්‍රී සමාජ ශාලාවක මත්පැන් බෙදීම සඳහා වූ ආර්ථික කොන්දේසිය කුමක් ද යන්න යි. මත්පැන් බෙදීම් මතු නොව මෙම 'නිදහස' නිල් චිත්‍රපටයක රඟපෑම දක්වා මේ වනවිට විපරිණාමය වී ඇත. ඇතැම් ලිංගික සංචරණය (sex tourism) ඇති නගර වල ඉනුත් ඔබ්බට ගොස් ගණිකා වෘත්තීය දක්වා මේ 'නිදහස' දිව යයි. ඇය ට වැඩ කිරීමට ඇති නිදහස (වරණය) සම්පුර්ණ වශයෙන් පිළිගන්නා අතර ඇයගේ අතිරික්ත කාලය පුස්තකාලයේ ගත කිරීමට ඇයට අහිමි වන්නේ කුමක් නිසා ද යන ප්‍රශ්නය ස්ත්‍රී නිදහස ගැන කතා කරන අය විමසිය යුතු දෙයකි? වරණය යනු දෙන ලද වරණයක් නම් එවිට තත්වය කුමක්ද? හැරත් මේ වනවිට බොහෝ විදේශ විශ්ව විද්‍යාල අපෙන් යන සිසුන්ට ලබා දෙන්නේ ප්‍රායෝගික රැකියා අරමුණු කරගත් දැනුමකි. උසස් දාර්ශනික සහ චින්තන අර්තර්ගතය මේ වනවිට පාඨ මාලා තුලින් හැලී ඇත. සමස්ත ව්‍යුහය ප්‍රශ්න කර දැනුම මේ වනවිට බොහෝ පාඨමාලා වල උගන්වන්නේ නැත. සංචාරක ප්‍රවර්ධනය, හෝටල් කළමණාකරණය, වැනි පාඨමාලා වඩ වඩාත් ඉස්මතු කරමින් ඇත. ඉතින් උසස් චින්තනයක් සහිත මිනිසුන් බිහි වෙන්නේ කෙසේ ද? ප්‍රායෝගික දැනීම ඉතාම අවශ්‍ය වුවත් රටකට උසස් චින්තකයින් ද අවශ්‍ය ය. ඉහත පැහැදිළි කලේ අප නිදහස යැයි අධිරාජ්‍යය කියනු ලබන දෙය හි ඇති සීමාකම් ය. අධිරාජ්‍යය විසින් ලෝකයේ සියලු පුරවැසියන්ට වැළඳ ගැනීමට බල කරන්නේ ඉහත නිදහස යි (උඹලා අපගේ ක්‍රමය තුල ලිංගික වහලුන් වෙයල්ලා. ඒ නිදහස උඹලා ට ප්‍රමාණවත් නැද්ද? බලපල්ලා අපි කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු ද? උඹලා හිතන්න ඕනි නැහැ. අපිට ඕනෑ වෙලාවට අපි උඹලා වෙනුවෙන් හිතන්නම්. දැන් දුවලා ගිහින් මට ඩැල්මෝ වීදුරුවක් ගේන්න. නෝ ජන්ක් ප්ලීස්!). ඉහත තත්වය තුල රැඩිකල් දේශපාලනයට සිදුවී ඇත්තේ දේශපාලන සාපේක්ෂතාව (political relativism) වෙනුවෙන් සටන් කිරීම ට යි. සාපේක්ෂ නිදහස යනු එයයි (ගැහැණුන්ට ත් සමාජ ශාලා වල වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කිරීම). මේ තත්වය විමුක්තිය පිළිබද සටනක් නොවේ. මෙය නව වහල් භාවයක් ඉල්ලා කරන සටනකි (new subjectivity). පැරණි වහල් භාවය වෙනුවට දැන් අපට දකින්නට ඇත්තේ තරමක් මොඩ් ඇඳුම් ඇඳගත්, මොබයිල් දුරකතන අතේ දරාගත්, කන් දෙකේ රබර් ඇබ ගසාගත් පශ්චාත් නුතන සම්බන්දයකි. පසුගිය ලිපියේ සඳහන් කේරළයේ සංචාරක ප්‍රවර්ධන වීඩියෝව එක් අතකින් ගත්විට සැලකිය හැක්කේ ඉහත ස්වාමි සේවක නව බන්ධනයේ රූපකයක් ලෙස ය. වෙනත් විදියකින් කිවහොත් පැරණි යටත් විජිත ස්වාමි සේවක සම්බන්දය නව වටයකින් පුනර් ජීවනය වීමක් මෙහිදී දැකිය හැකිය. පැරණි ස්වාමි සේවක බන්ධනයේ ආකෘතිය කිසිසේත් වෙනස් වී නැත. අප නැවතත් රඟ දක්වන්නේ ස්වාමියා ගේ ආශා වස්තු කලාපයයි (සේවකයා). ඔහුගේ සංකීර්ණ නුතන සම්බන්දයට අප 'කපුවෙක්' (සද්ගුරු) ලෙස මැදිහත් වීම හැර ඔහුගේ අත්දැකීමටත් වඩා සංකීර්ණ බවක් වෙත අපට යෑමට නොහැක.  මේ අති මුලික යථාවේ පරස්පර බව ආසියාව තුළ වෙනස් කිරීමට උත්සාහ කළේ කළේ මාවෝ ය. යථාව වෙනස් කිරීමට උත්සාහ කළ ඔහු සත්‍ය අරුතින් නිර්භීත මිනිසෙකි.  
    
ෆ්‍රෙඩී මර්කරි ඉපදුණේ ඉන්දියාවේ ය. සද්ගුරු ද ඉන්දියාවේ ය. ඉහත සංචාරක වීඩියෝ ද ඉන්දියාව ගැන ය. සියවස් ගණනක් පැරණි සම්ප්‍රදාය නව ඇසුරුමක දමා දැන් සාර්ථකව විකුණන්නේ ද ඉන්දියාව ය. ජිජැක් සඳහන් කරන්නේ මාක්ස් පුරෝකතනය කරන ලද සත්‍ය ධනවාදී සමාජය වෙත සියලු සමාජයන් ලංවෙමින් ඇත්තේ එදා නොව දැන් ය යන්න ය (මාක්ස් සිටි කාලයේ නොවේය). නමුත් අද වනවිට සිදුවී ඇත්තේ මාක්ස් නිවැරදි වූවාටත් වඩා නිවැරදි වීමය. ප්‍රාග්ධනය සෑම අස්සක් මුල්ලකම ගමන් කරන්නේ දැන්ය. කේරළයට නොව කහටගස්දිගිලියට, මැදවච්චියට මතු නොව යාපනයේ ඈත ම දුපත් වන ඩෙල්ෆ්, පුන්කුඩුතිව්, නයිනතිව් දක්වා පවා ධනවාදය ගමන් කරන්නේ දැන්ය (ප්‍රාග්ධනය). ලේලන්ඩ් බස් එකක් හෝ ත්‍රීවිල් කට්ටක් ඔස්සේ කුමක් හෝ මුදලක් දැන් අතට ලැබෙන්නට පටන් ගත් මෙම පිරිස යනු සමාජයේ බහුතරය යි (ඉතිහාසයේ කවදා හෝ ගත්විට ඔවුන් අතට යම් මුදලක් ලැබෙන්නේ දැන්ය. ඉඳින් අඟල් හතරේ මොබයිල් දුරකතන තිරයක් ඔස්සේ ලෝකය ඔවුන් දකින්නේ දැන් ය). නමුත් සමාජයේ බහුතරය යනුවෙන් නම් කළ හැකි ඉහත කොටස නම් තවදුරටත් විප්ලවයක් අවශ්‍ය පංති කොටසක් නොවේ. ඔවුන් සිරවී ඇත්තේ පැරණි අනන්‍යතා දියවී යාම තුළ (සියළු ඝනීභවනය වූ දේ වාෂ්ප වනවාට වඩා) ඒ පැරණි අනන්‍යතා නව වටයකින් ප්‍රති ජීවනය වීමේ දයලෙක්තිකය තුල බව ජිජැක් මේ මස නව වැනිදා පැවැත්වූ දේශනයක දී පෙන්වා දෙයි. ඉඳින් මේ ලෝකය දැන් දකින, නිර්ධනීන් නොවන (ඔවුන් අත මුදල් ඇත) පිරිස  මුලින් ම කිරීමට පටන් ගෙන ඇත්තේ දියුණු ම ලෝකය වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීම බව ඔහු එහිදී පෙන්වා දෙයි (ඔවුන් හංගේරියාව, බල්ගේරියාව, ස්ලොවැකියාව යන කිසිදු මැදි ආදායම් රටක නවතින්නේ නැත). කෙලින්ම ඔවුන් යන්නේ එක්සත් රාජධානියට නැත්නම් ඇමෙරිකාව ට ය. ධනවාදය මෙහිදී කරන්නේ අමුතුම ක්‍රීඩාවකි. එය පැරණි අනන්‍යතා දියකර හරිනවා වෙනුවට පැරණි අනන්‍යතා වලට නව මිලක් නියම කරයි. මෙය මාක්ස් පුරෝකතනය නොකරන ලද තත්වයකි. දුප්පත් ඉන්දියාවේ කොණක සිට ඇමෙරිකාවට යන සංක්‍රමණිකයින් ඉල්ලා සිටින්නේ තම අනන්‍යතා වලට නව මිලකි (සද්ගුරු මැදිහත් වන්නේ මෙතන දීය). ඉදින් මේ සංක්‍රමණික බහුතරය විසින් තම අතට අසුවන පැරණි අනන්‍යතා දියකර හරින ප්‍රචණ්ඩ ධනවාදයක් වෙනුවට ඒවා වහ වහා සරණ පාවා ගන්නා මේ පසු නූතන විපරීත 'සුකොමළ ධනවාදයේ' ගැටළුවක් දකින්නේ නැත (හැරී කුමරා තකතීරු ඉන්දියන් නිළියක් සරණ පවා ගත්තා නම් තව සියවසකට ඉන්දියාවේ විප්ලවයක් සිදු නොවනු ඇත!). ඉඳින් ස්ත්‍රීවාදී අරගල යනු මෙවන් අනන්‍යතාවක් ඉල්ලා සිටීමේ අරගල වේ (ඉන්දියානු ගැහැණියක් ලෙසම මාව සරණ පවා ගන්න). සංක්‍රාන්ති ලිංගික ප්‍රශ්නයද මිට වඩා වෙනසක් නැත (අධිපති පුරුෂ කේන්ද්‍රීය වටපිටාව තුලම අපිව පිළිගන්න). ඉඳින් ඉන්දියාවේ සිට ලන්ඩන් ගිය මර්කරි ගේ අරගලය ද මින් ඔබ්බට ගියේ නැත. කිසිවක් ඝනීභවනය වී නැත. කිසිවක් වාෂ්ප වන්නේ ද නැත. මෙම නව පංතිය සඳහා නව වටිනාකම් යෝජනා කරන නව 'මාක්ස්වාදීන්' (සමානතා වාදීන්) වන බිල් ගේට්ස් සහ එලෝන් මස්ක් (Elon Musk) වැන්නන් සත්‍ය ලෙසම භයානක වෙළෙන්දන් ය යන්න ජිජැක් ගේ මතයයි. මන්ද දෘෂ්ටිවාදය නියම අයුරින් ක්‍රියාත්මක වන්නේ ඔවුන් හරහා ය. ඔවුන්ගේ වෑයම වන්නේ පංති පසමිතුරුතා (කේන්ද්‍රය/ පරිධිය) එසේම පවතිද්දී පුද්ගල අනන්‍යතා ක්ෂේත්‍රය වෙනස් කිරීමය. අති මුලික පසමිතුරුතා විසඳීම පිණිස වූ විසි වන සියවසේ විසඳුම් තව දුරටත් නෛතික නැති බැවින් කළ යුතු හොඳම දෙය පවතින ව්‍යුහය කෙසේ හෝ ප්‍රතිසංස්කරණය කිරීම බව ඔවුන් කියා සිටිනු ලබයි. සත්‍ය ලෙස ම මේ යුගයේ ඔවුන් අතින් සිදු වන්නේ පවත්නා යම් කිසි හෝ අනාගත බලාපොරොත්තුවක් වේ නම් එය විනාශ කර දැමීමයි. අවසන් ඉච්චාභංග මරණය සඳහා ඔවුන් අපව දැන් සිටම සුදානම් කරනු ලබයි (උදාරණයක් ලෙස ගෝලීය උණුසුම් වීම ගැන දැන් කිසිවක් කර තේරුමක් නැත. දැන් අප පරක්කු වැඩිය. දැන් ඉතිං කොයි මොහොතේ හෝ කල්ප විනාශය (end of the world) එළඹෙන තෙක් මෙසේ දිවිය ගත කරමු වැනි මෙලන්කොලික අවසානය දක්වා ම ගමන් කරන උදාන වාක්‍ය මේ යුගයේ වැසි වසිමින් ඇත). අද්‍යතන ඇපොකලිප්ටික උප්පරවැට්ටි යෙන් ගැලවීමට නම් මනෝ විශ්ලේෂී දේශපාලනයක් අවශ්‍ය බව ජිජැක් කියා සිටි (Living in the End Times අරුත මෙයයි).  
                             
ඇපොකලිප්ටික අවසානයක් පිලිබදව වන විෂාදී සිනමා කෘතියක් වන මෙලන්කොලියාව (2011) චිත්‍රපටයේ සිදු වන්නේ ද පරාජිත ලෙස අවසානය වැළඳ ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය වෙනුවෙන් සුදුසුකම් සපුරා ඇත්තේ සුව කළ නොහැකි විෂාදී රෝගියෙක් වන ජස්ටින් ය (සාමාන්‍ය කෙනෙකුට කළ නොහැකි දෙය). නියත අවසානයක් දක්වා ලෝකය ගමන් කරන විට ජස්ටින් සිටින්නේ මේ වන විටත් විෂාදයෙන් පීඩා විඳිමින් මේ ලොවට වෛර කරමින් ය. ඇයට අවශ්‍ය මරණයයි. ඇය ආශාවෙන් මරණය වෙත දිවයයි (මන්ද ඇය සුවපත් වන එකම ආකෘතිය මරණය නිසාය). මේ වනවිට සදාකාලික විෂාදයට අප ගනු ලබන දෘඪ ඖෂධ (Xanax වැනි) එක්තරා අතකින් අබිං ලෙස ක්‍රියා කරන බව ජිජැක් පෙන්වා දෙයි. යුරෝපීය මධ්‍යම පන්තිය මේ වනවිට ජිවත් වන්නේ මේ ඖෂධ වලින් පමණ ය. අවසානය නිශ්චිත බැවින් ඔවුන්ගේ මෙලන්කොලියාව* සහ ශෝකය සුවකළ නොහැක (මේ අතර අප යුරෝපයට සංක්‍රමණය වීමට මාන බලමු). මෙලන්කොලියාව චිත්‍රපටයේ ජස්ටින් නිර්භීත ලෙස මරණය වැළඳ ගන්නා බව ජිජැක් කියයි. අමාරු තැනකින් අවුත් ජනප්‍රියත්වයේ හිණි පෙත්තට් නැඟී ෆ්‍රෙඩී මර්කරි පවා අවසානයේ නිර්භීත ලෙස මරණය වැළඳ ගත්තාට සැක නැත (බලන්න ගාඩියන් සඟරාව 2018 වසරේ පළකල ෆ්‍රෙඩී මර්කරි ගැන Alexis Petridis  ලියු ලිපිය). අබිං වලට වඩා සැර මත් ද්‍රව්‍ය ඔස්සේ ඔහු සෙව්වේද නීල වර්ණ මරණය මිස අන් යමක් නොවේBohemian Rhapsody හි එක උප-පථිතයක් තුළින් කියවෙන්නේ 'අනාගතය අයිති නිර්භීතයින් හට' යන්න ය (Fearless lives forever!). නමුත් නිර්භීත ලෙස මෙම යුගය පසු කරනු වෙනුවට් ඔහුගේ ආකෘතිය වුවේ මරණයයි. එක් අතකින් සත්‍ය නිර්භීත බව නම් ෆ්‍රෙඩී මර්කරි වැනි පසු නුතන අනන්‍යතා ඝෝෂාවන් පසුකර යාමය. අනෙක් අතින් අප ඉහත පන්නයේ 'කිසිවක් දැන් කර වැඩක් නැතැයි' දෙසන පසු නුතන ශුන්‍යතාවාදීන් ද පසුකර යා යුතුව ඇත. මෙයින් කියවෙන්නේ ෆ්‍රෙඩී මර්කරි නියෝජනය කරන මානුෂික අරගලය අව තක්සේරු කරන බව නොව අප සත්‍ය විමුක්ති අරගලය ගැන ඉතා පැහැදිළි අවබෝධයකින් කටයුතු කළ යුතුය යන්න ය. 

(*මිට කලින් අප පෙන්වා දී ඇති පරිදි මෙලන්කොලියාව අදාල වන්නේ ද්‍රව්‍යමය දෙයකට පමණක් නොවේ. වියුක්ත අදහසක් වුව අත්හැරීමට අපොහොසත් වුවහොත් එය ද මෙලන්කොලික තත්වයක් ජනිත කරන බව ෆ්‍රොයිඩ් කියයි). 

(*ලංකාවේ මේ වනවිට උස් හඬින් සිදුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අරගලය තුලදී වුවද ඉහත සඳහන් කල හැම්ලටියානු නොමඟ යාම සිදුවිය හැක. ඒ පිලිබදව අප අතිශයින් දැනුවත් විය යුතුය. නමුත් පශ්චාත් යටත් විජිත විධායක ජනාධිපති ක්‍රමය ආශ්‍රිත ඒකාධිපති ගොඩනැංවීම් වලට එරෙහිව එක් පරම්පරාවක් (1988-89) ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල අතර අද පරම්පරාව ද ඒ සටනේ ම අන්වේක්ෂ තුළ ගමන් කරයි. ඒ වඩා හොඳ සමාජයක් පිළිබද අදහසකින් යුතුව ය. එතැනදී මා ජනාධිපති ක්‍රමය පැත්තේ (පාලකයා හෙවත් පීඩකයා) නොව සටන පැත්තේ (සටන් කරන්නා හෙවත් පීඩිතයා) සිටගනිමි. 

කියවන්න:

Petridis, A. (2018). Guaranteed to blow your mind: the real Freddie Mercury. https://www.theguardian.com/music/2018/oct/24/real-freddie-mercury-bohemian-rhapsody. 

          

Friday, January 11, 2019

ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම: විකෘති කරන්නට ප්‍රකෘතියක් තිබේද?

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

මහාචාර්ය ජයදේව උයන්ගොඩ පසුගිය වසරක පමණ කාලයක් ඉන්දියාවේ දිල්ලිවල විශ්වවිද්යාලයක සේවය කර තිබිණ. පසුගියදා මා හමුවූ අවස්ථාවේ ඔහු එහිදී මුහුණ දුන් අත්දැකීමක් මා හා පැවසීය. ඔහු සිටියා යැයි කීවේ ගයාවේය. එනම් සිද්ධාර්ථ තාපසයාණෝ බුද්ධත්වය ලැබූ ප්රදේශයේ . දිනක් දුරකථනයෙන් ඔහු ඇමැතූ මිතුරෙක් වාරණාසීවලට පැමිණෙන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබිණ. වාරණාසි යනු බුදුන්වහන්සේ ප්රථම ධර්ම දේශනාව පවත්වන ලද බවට සැලකෙන බරණැස් නුවරය. මහාචාර්ය උයන්ගොඩ සිය මිතුරාගෙන් විමසා ඇත්තේ තමන් සිටින ගයාවේ සිට වාරණාසිවලට කොපමණ දුරක් වේද යන්නයි. හැතැප්ම හාරසීයක් පමණ තිබෙන බව මිතුරා පවසා ඇත. එකිණෙහිම වාගේ තමන්ට මතක් වූයේ බුද්ධත්වයෙන් පසු සත් සතිය ආදිය ගත කොට අවසානයේ බුදුහාමුදුරුවෝ පස්වග මහණුන් හමුවීමට මේ සා විශාල දුර කතරක් ගෙවා ගමන් කොට ඇත්තේ කෙසේද යන්නය. වර්තමානයේ හැතැප්ම හාර සීයක දුරක් පහසුවෙන් ගමන් කිරීම සඳහා වන නූතන තාක්ෂණික ප්රවාහන පහසුකම් දියුණු රටවල තිබුණද මීට වසර දෙදහස් පන්සීයකට ඉහත ඉන්දියාවේ පැවැති තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. බෞද්ධ සාහිත්යයේම දැක්වෙන ආකාරයට එවක කාර්යක්ෂම ගොඩබිම් ප්රවාහන මාධ් අශ්ව කරත්තය ලෙස සැලකිය හැකිය. අශ්ව කරත්ත තිබී ඇත්තේ රජවරුන් සිටුවරුන් ආදී සීමිත ප්‍රභූවරුන් සතුව පමණි.

බුද්ධත්වයෙන් පසු බුදුහාමුදුරුවෝ පස්වග තවුසන් සොයා ගිය බව කීම පහසුය. එසේ කියන විට කිසිදු විමසීමකින් තොරව සාදු කියා පිළිගැනීමද පහසුය. එහෙත් මේ සා දුරක් බුදුහාමුදුරුවෝ ගමන් කළේ කෙසේද යන්න සැබැවින්ම ගැටලුවකි. අඩුම වශයෙන් වසර පහකට පමණ පෙර වෙන් වූ පස්වග තවුසන් මේ අවස්ථාව වන විටත් පෙර සිටි ස්ථානයේම ආකාරයෙන්ම සිටින්නේය යන්න බුදුහාමුදුරුවෝ දැනගත්තේ කෙසේද යන්නද එවැනිම ගැටලුවකි. මේ ගැටලු විසඳා ගැනීමට අපට ඇති එකම සහනය වන්නේ බුදුහාමුදුරුවන්ට ඕනෑ අවස්ථාවක ඕනෑ එකක් බලන්නට තිබුණේ යැයි කියන ඍද්ධිමය හැකියාව පිළිබඳ විශ්වාසය තැබීමය. ඍද්ධි යනු අපිට සිතා ගැනීමට බැරි දේ සිතා ගැනීමට පුළුවන් දෙයක් බවට පත් කිරීමට අපි ඊට යොදා ඇති කෙටි අතුරු මාර්ගයකි. අපට සැනසීමට ඇති එකම මාර්ගය වන්නේ බුදුහාමුදුරුවන්ට ලෝකය දකින්නට හැකි සර්වඥතා ඥානයක් තිබුණු බවට වන පිළිගැනීමය. එසේ නොවන්නට අපිට මේ ප්රශ්නය විසඳා ගැනීමට නොහැකිය. මේ ආකාරයෙන්ම විසඳා ගැනීමට නොහැකි තවත් ගැටලු රාශියක් ත්රිපිටකය සම්බන්ධයෙන් පවතී. ඒවා පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීමටත්, නිදහස්ව සිතීමටත්, තවදුරටත් විමසා බැලීමටත් අවස්ථාව තිබීම ඉතිහාස සංසිද්ධීන් පිළිබඳ වඩාත් නිවැරදි නිගමනයන් කරා එළැඹීමේදී අතිශය වැදගත්ය.

ජනාධිපතිතුමාගේ සහ මහානායක හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ත්රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම සිදු කෙරෙන්නේ එසේ තිබියදීය. අසන්නට ලැබෙන ආකාරයට ත්රිපිටකය ජාතික උරුමයක් බවට පත් කොට ඇති බැවින් දැන් මට මේ අදහස් දැක්වීම කරන්නට හැකියාවක් නැත. ත්රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළ පසු පිළිබඳ විග්රහ, විවේචන ඉදිරිපත් කිරීමට නොහැකි වන්නේ යැයි කියන බැවිනි. ත්රිපිටකය විකෘති කිරීමට නොහැකි යැයි කියන බැවිනි. ගැන ජනාධිපතිතුමාද, මහා නායක ස්වාමින්වහන්සේලාද කළ ප්රකාශ මට අසන්නට ලැබුණි. මින් පසු ත්රිපිටකය ගැන විවිධ අදහස් ප්රකාශ කළ නොහැකි බව එහිදී අවධාරණය කෙරිණ. විවිධ අදහස් ඉදිරිපත් කළ නොහැකි යැයි කීමෙන් අදහස් වන්නේ ත්රිපිටකය පිළිබඳ දැක්විය යුතු යම් නිශ්චිත අදහසක් ඇති බවය. එය කවරක්ද? පිළිබඳ දැනීමක් ඇත්තේ නැත.

මගේ මේ අදහස් දැක්වීම මත ත්රිපිටකය විකෘති කළේ යැයි මා පොලිසියට ගෙනගොස් ප්රශ්න කළහොත් මට පොලිසියෙන් පෙරළා ප්රශ්න කරන්නට වෙන්නේ ප්රකෘතිය කුමක්ද කියාය. විකෘති කිරීමට නම් ප්රකෘතියක් තිබිය යුතුය. එවැන්නක් ඇත්තේ නැත. එබැවින් මගේ විශ්වාසය වන්නේ ත්රිපිටකය ජාතික උරුමයක් කිරීමෙන් අපේක්ෂිත ප්රතිඵල නොලැබෙනු ඇති බවය. එහෙත් යමකුට ලෙඩක් ඇදීමට අවශ් වූ විට මෙය සඳහා යොදාගත හැකිවනු ඇත. උදාහරණයක් ලෙස විශ්වවිද්යාලයට මට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන්නට අවශ් නම් මම ත්රිපිටකය විකෘති කළ බවට චෝදනාවක් එල්ල කළ හැකිය. එවැනි කටයුතු සඳහා මිස වෙනත් ඵලදායී කටයුත්තක් සඳහා මෙය යොදාගත හැකිවේයැයි සිතිය නොහැකිය.

ත්රිපිටකයේ තිබෙන්නේ කුමක්ද? “ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදි යනුවෙනි. එනම් බුදුහාමුදුරුවෝ කළ දේශනා සම්බන්ධයෙන් අවුරුදු හතළිස් පහකට පසුව කවුරුන් හෝ විසින් කරනු ලබන ප්රකාශයකි. සිදුහත් තවුසාණෝ බුද්ධත්වය ලබන්නේ වයස අවුරුදු තිස්පහේදීය. ප්රථම ධර්ම සංගායනාව පවත්වන්නේ ඉන් අවුරුදු හතළිස් පහකට පසුවය. බුදුහාමුදුරුවෝ ප්රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්රය දේශනා කරන අවස්ථාවේ බුදුහාමුදුරුවන් සමග හෝ පස්වග තවුසන් සමග හෝ එහි සිටි කිසිවෙකුත් ප්රථම ධර්ම සංගායනාව සිදුවන අවස්ථාවේ ඊට සහභාගි වී නොසිටි බව ඉතාම පැහැදිලිය. එසේ නම් එම සූත්රය ධර්ම සංගායනාවට ඇතුළත් වන්නේ පසු අවස්ථාවක කාගෙන් හෝ ඇසූ කවුරුන් හෝ විසින් ඉදිරිපත් කිරීම නිසාය. ඉතිහාස සංසිද්ධීන් අධ්යනයේදී මෙවැනි සාධක සැලකෙන්නේ ද්වීතියික සාක්ෂි වශයෙනි. එනම් සංසිද්ධිය හා ඍජු සම්බන්ධයක් නොමැති සාක්ෂි වශයෙනි.
බොහෝ විට අපේ ස්වාභාවයක් වන්නේ අපි නොදන්නා දේ නොදන්නවා යැයි පිළිගැනීමට ඇති අකමැත්තය. එබැවින් නොදන්නා දේ ගැනත් දන්නා සේ ක්රියා කරන්නෙමු. එහෙත් සත් අනාවරණය කරගැනීමට අවශ් නම් කළ යුතුව ඇත්තේ ඉතිහාස සංසිද්ධීන් පිළිගත හැකි ක්රමවේදයක් තුළින් අධ්යයනය කිරීමය. මූලාශ් අවශ්යය . මූලාශ් යනු පැවැත්ම අහෝසි වූ සංසිද්ධියකට අදාළ ශේෂයන්ය. සංසිද්ධිය සමකාලීනව නොමැති වුවද සංසිද්ධිය පිළිබඳ ශේෂ ඉතිරි වී තිබිය හැකිය. ත්රිපිටකය සම්බන්ධයෙන් සත් ගවේෂණයේදී අප මුහුණ දෙන ගැටලුව වන්නේ සංසිද්ධිය පමණක් නොව ඊට අදාළ ප්රාථමික මූලාශ් නොමැති වීමය.

ත්රිපිටකය යනු කුමක්ද? එය බිහිවූයේ යැයි කියන්නේ කෙසේද? ඊට මුල්වන සුභද්රගේ අභද් වචනය පිළිබඳ කතාව බෞද්ධ සාහිත්යය තුළ ප්රකටය. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑ අවස්ථාවේ සුභද් නමැති භික්ෂුව සෙසු භික්ෂූන් අමතා කළ ප්රකාශයක් ගැන ඉන් කියැවේ. මහා ශ්රමණයාගෙන් අපි මිදුණෙමු. දැන් අපට නීති පනවන්නට කෙනෙක් නැත. ආදී වශයෙන් එහි දැක්වේ.
ප්රථම ධර්ම සංගායනාව කරන්නට යන අවස්ථාවේ විවිධ ප්රශ්න මතුවේ. එහිදී භික්ෂු පිරිසකගේ මතය වී ඇත්තේ බුදුහාමුදුරුවෝ සිටින විට තිබුණු රෙෆරන්ස් තවදුරටත් නොමැති තත්ත්වයක් යටතේ ඉදිරියට අපි අනුගමනය කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගත යුතු බවය. අනුව ඉදිරියට කටයුතු කළ යුතු බවය. එහෙත් බොහෝ භික්ෂූහු ඊට එකඟ නොවූහ. අපේ ගුරුතුමා අපිට කී දේවල් අපි දන්නා නිසා අපිට ඒවා අනුව ජීවත් විය හැකි බව පවසා ඔවුන් සංඝායනාව ප්රතික්ෂේප කොට ඇත. එසේ කළ බහුතර භික්ෂු පිරිසක් උතුරට ගිය බව සම්ප්රදායේ කියැවේ. උතුරු බුද්ධාගම යනුවෙන් චීනය ආදී ප්රදේශවලින් හමුවන්නේ එසේ ගිය පිරිස බුදු දහම ඉදිරියට ගෙන ගිය ආකාරයය. එසේ ගිය පිරිස විශාල ප්රමාණයක් වශයෙන් හැඳින්වුවද ඒවාද පසුව හැදුණු කතා මිස මූලාශ් මගින් තහවුරු කරන ලද සංසිද්ධීන් නොවේ. ඇත්ත වශයෙන්ම මේ දේවල් සිදුවූයේ කෙසේද යන්න අපි කිසිවකුත් නොදනී. පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට අපට සිතා බලන්නට සිදුවන්නේ අද මෙවැනි දෙයක් සිදුවුවහොත් එය කෙසේ සිදුවනු ඇත්ද යන්න විමසා බැලීමය.

සංගායනාව පවත්වන්නේ එසේ නොගොස් නැවතුණු භික්ෂූ කණ්ඩායම විසිනි. එහි ප්රධානියා වන්නේ මහා කාශ්යප හාමුදුරුවන්ය. ත්රිපිටකයට ඇතුළත් වන්නේ එම සංගායනාවේදී බුදුහාමුදුරුවෝ කීවේ කුමක්දැයි මතු කෙරෙන ප්රශ්නවලදී භික්ෂූන්වහන්සේලා දෙන පිළිතුරුය. ඒවං මේ සුතං යනුවෙන් මම මෙහෙම ඇහුවා කියා සංගායනාවට සහභාගි වූ භික්ෂූන්වහන්සේලා කළ ප්රකාශ ත්රිපිටකයේ දැක්වේ. එසේ කී ඇතැම් ඒවා එකී භික්ෂුව විසින්ම ඇසුවා විය හැකිය. එසේ නොවී භික්ෂුවද තවත් කාගෙන් හෝ අසාගත් ආකාරයද විය හැකිය. විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ ප්රථම ධර්ම දේශනාව වසර හතළිස් පහකට පෙර සිදු කළ අවස්ථාවේ එහි සිටි කිසිවකුත් ප්රථම ධර්ම සංගායනාවට සහභාගි වී නැත. එම දේශනාව සංගායනාවට ගෙනාවේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ යැයි සැලකුවද, උන්වහන්සේද ප්රථම ධර්ම දේශනාව සිදුවන අවස්ථාවේ එහි සිටි අයකු නොවේ. අනෙක් කාරණය වන්නේ වන විට ආනන්ද හාමුදුරුවන්ගේ වයසද අවුරුදු අසූවක්ව තිබීමය. එබැවින් ආනන්ද හාමුදුරුවන්ගේ මතකය පිළිබඳ යම් අපැහැදිලිතා නොතිබියේ යැයි කිව නොහැකිය. එසේ කීමට නම් එතනදිත් අපට යොදා ගන්නට වෙන්නේ විශේෂ ඥානයක් ආනන්ද හාමුදුරුවන්ට තිබුණු බව පිළිගැනීමය. ආනන්ද හාමුදුරුවන්ට ධර්ම භාණ්ඩාගාරික තනතුරක් බුදුහාමුදුරුවෝ ප්රදානය කොට තිබුණු බවට කෙරෙන සඳහනද බුදුහාමුදුරුවන්ගේ චරිත ස්වාභාවය විමසන්නකුට විශ්වාස කළ නොහැකිය. මෙවැනි කාරණා සඳහන් වන්නේ අට්ටකතාවලය. අට්ටකතා හදා ඇත්තේම ඔවැනි ගැප් එකක් විට එය පිරවීම සඳහාය. ඕනෑම ආගමික ග්රන්ථවල මේ ආකාරයේ අපැහැදිලිතා දැකිය හැකිය. ඒවා සමනය කරන්නට පසුකාලීනව එක්කළ වෙනත් කතාද දැකිය හැකිය.

මෙහිදී මට පෙන්වාදීමට අවශ් මූලික කරුණ වන්නේ අපි ඵෙතිහාසික දැනුම වශයෙන් සලකන දේ කොතරම් හිඩැස් සහිත දේවල්ද යන්නය. එහෙත් බොහෝ චිත්රපටි, ටෙලි නාට් ආදියේදී ඒවා ආකාරයෙන්ම දෙබස් විදිහට යොදා ඇති ආකාරයත් දැකිය හැකිය. ඒවා ආකාරයටම සිදුවෙන්නට ඇති බව මේ නිර්මාණකරුවන් සිතන බව ඉන් පැහැදිලි වේ.මහරජ ගැමුණු නමින් නවකතාවක්ද, චිත්රපටියක්ද තිබේ. ප්රසිද්ධ නමක් ඇති මා දන්නා හඳුනන මිත්රයෙක් එක් අවස්ථාවක මා සමග කීවේ දුටුගැමුණු එළාර සිද්ධිය සිදුවන්නට ඇත්තේ ජයන්ත චන්ද්රසිරිගේ නවකතාවේ ඇති ආකාරයටම යැයි ඔහු සිතන බවය. අපිට එසේ අපි කැමැති විදිහට සිතිය හැකිය. එහෙත් එය අතීත සංසිද්ධියේ යථා ස්වරූපය සේ සැලකිය නොහැකිය.
(රාවය)

මේ ලිපිය මතු නොව තවත් ලිපි ලේඛන පාදක කරගෙන ලංකාවේ බුදු දහම සහ නුතන ලෝකයේ නව තත්වයන් ගැන සංවාදයක් ඉස්මතු වන්නේ නම් වැදගත් වනු ඇතැයි සිතමි.  විශේෂයෙන් ජීවන ලෝකය ලෞකිකකරණය සම්බන්දයෙන් ඉහත අදහස් දැක්වීම් සියල්ලක්ම වැදගත් වේ යැයි සිතේ. නිත්‍ය ධර්මයක් ඇතැයි සිතීම, විශේෂයෙන් බුදු දහම වුව නොවෙනස් ලෙස සදාකාලය ම පවතිනු ඇතයි සිතීම, බුදු දහමට ම එරෙහි වීමක් යැයි සිතේ. අනෙක් අතට නොවෙනස් පදනමක් (fixed foundation) ගැන සිතීම බුදු දහමට පටහැණිය. යුනෙස්කෝ ව කුමක් කීවත් ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම මඟින් බුදුදහම නැවත වරක් දේශපාලනීකරණයක් සිදුවී ඇත්නම් එයට ගැටළුකාරී වේ. ජාතික උරුමයක් නිසාම ඒ පිළිබදව අදහස් පළ කර නොහැකි නම් එතැන ඇතිවනු ඇත්තේ මූලධර්මවාදයකි. මන්ද ප්‍රශ්න කිරීම සම්බන්දයෙන් බුදුන් වහන්සේ පවා දැරුවේ නම්‍යශීලි ප්‍රතිපත්තියකි. යුනෙස්කෝ වට අප පෙරළා මෙසේ කීවානම්; 'ඔබලා ගොඩක් වෙහෙසෙනවා ලෝකයේ ශිෂ්ටාචාර වල නෂ්ථාව ශේෂයන් රැකගන්න. ඒක ගොඩක් හොඳ දෙයක්. අපි අගය කරනවා ඒක. හැබැයි මේ ත්‍රිපිටකය කියන්නේ අන්තර්ගත
 සහ සන්දර්භය කියන දෙකෙන්ම ගත්තත් ටිකක් ගැටළුකාරී දෙයක්. ඒ හින්ද ඒක අර්ථකතනය හෝ ප්‍රශ්න කරන්න බැහැ කියල කියන එක අපි හිතන ප්‍රජාතන්ත්‍ර තත්වයන්ට සහ ලෞකිකකරණ තත්වයන්ට පටහැණියි. ඒ හින්ද ඔයාල ඒක ලෝක උරුමයක් කරන්න. අපි ජාතික වශයෙන් මුකුත් මේ වෙලාවේ නොකර ඉන්නම්. ස්තුති'