ගුගල් සෙවුම් යන්ත්‍රය හරහා සෙක්ස් සෙවීම සම්බන්දයෙන් ලංකාව අංක එකට ආයෙත් ඇවිල්ල කියල මාධ්‍ය වල පලවෙලා තියෙනවා දැක්ක. අන් බොහෝ දේ වලදී පරස්පතා ඇති ජනමාධ්‍ය මෙම සිද්දිය එකාවන්ව එක්සිත්ව වඩාත්ම වාස්තවික සහ අනුභූතික ලෙස වාර්තා කළ බව නම් හොදින් පෙනුන දෙයක්. එසේ වුවේ ඇයි? හැමෝම ලැබුවේ අප ගැනම වූ අසුන්දර කාලකන්ණි විනෝදයක්ද? නැත්නම් අපගේ යටත් විජිත දුක හඬගා කීමක්ද? දැන් ඔට්ටුයි ඔන්න මේ තත්වය විග්‍රහ කරලා අර්ථකථනය කරලා අපට දෙන්නේ වාමාංශිකයෝ ටිකක්. දැන් කියයි 'යථ', 'ක්ෂිතිය', 'ගැහැණිය', 'ආශාව', 'හැඟවුම', 'පතුළ', 'ජිජැක්', අරක, මේක වගේ වචන ටිකක්. ලංකාවේ ඉන්නේ පුදුම වාමාංශිකයෝ ජාතියක්. ඒ අය කරන්නේ මිනිස් ආශාව (අයිතිය) සහ සුරාකෑම (අහිමිකිරීම) අතර පරතරය සොයාගන්නවා වෙනුවට මිනිසුන් ආශා කරන එක විවේචනය කරන එක. රටේ එක කොටසක ස්වභාවදර්මය එක්ක හැප්පෙන මිනිස්සුන්ගේ ආශාවට පතුරු යන්න ගහන එක. ඒ ගහන එකට දේශපාලනය කියල කියන එක (ඒකටම හරියන බුර්ෂුවා චිත්තර පටි කාරයෝ ටික). වේදනාව ම සතුට කියල (pain is pleasure) න්‍යාය කිව්වට සිය ගණන් වල් අලි, වල් ඌරො, වල් හරක්, මී හරක්, ගෙවතු සම්පුර්ණයෙන් ආල පාලු කරන රිළව්, ලක්ෂ ගණනක් වූ දඩාවතේ යන බල්ලෝ එක්ක හැප්පෙන මිනිස්සු ආස නැද්ද ඊට වඩා හොඳ ජිවිතයකට? මේ මිනිස්සුන්ගේ කේන්තිය එක්ක පරිසරවේදීන්ට පැත්තේ යන්න බෑ. කොළඹ ඉන්න වාමාංශිකයෝ මේවා ගැන දන්නෙවත් නෑ. ඇත්තම මිනිස් ප්‍රශ්න ගැන ඒ අය දැනුම්වත් නෑ. දැනුවත් වෙන්න ඕනෙත් නෑ ඒ අයට, මොකද ජිවත් වෙන්න ඕන තරම් දියුණු විදි ඒ අයට තියෙන නිසා. පුදුම මාවෝවාදීන් තමයි මේ අය. මේ වගේ නොතකා හැරීමක් (negligence) සමග මහින්ද රාජපක්ෂ නෙවෙයි ඊටත් වඩා නාසිවාදී ප්‍රවණතාවයක් ආවත් පුදුම වෙන්න දෙයක් නෑ.
මෙහෙ බුර්ෂුවා ලොක්කෝ හිතාගෙන හිටියේ හිලරි ක්ලින්ටන් එයි කියල. එතකොට තව හොදට ගේම දෙන්නම් කියල. අන්තිමට උනේ ඇත්ත ප්‍රශ්න එක්ක මිනිස්සු දේවල් කණපිට පෙරළුව. කවුරුවත් නොහිතපු ට්‍රුම්ප් ආව. මේක ඕනිම තැනකට අදාලයි. බොරුවට මිනිසුන්ට බනින්න එපා කියල මකුස (Herbert Marcuse) කිව්වේ ඒක තමයි. ඊලග මැතිවරණයෙන් මේ පාලකයින් ගෙදර ගියොත් විචාරකයෝ පතුරු අරියි මිනිස්සුන්ගේ මේ විදියට. 'කොහොමත් බහුතරය හැමදාම විචක්ෂණ නැහැ' කියල කියයි සැකයක් නැතුව. මිනිස්සුන්ගේ පැත්තෙන් මොකක් හරි ලියුවොත් එකට කියන්නේ 'ජනතා වාදය' කියල. නැත්නම් 'ජනප්‍රියවාදය' කියල. නියම කට්ටියක් මේ අය. ජිජැක් කියන විදියට ගත්තහම ධනවාදයට බැහැ මිනිස්සුන්ට ඇත්ත නිදහස දෙන්න. උන්ට පණ නැහැ වෙළඳපල තර්කය ඉක්මවා වැඩ කරන්න. දෙන්න පුළුවන් කෙමන තමයි මේ දීල තියෙන බුර්ෂුවා පවුල සහ එකට බද්ධ කෙරුව සුබසාදක වැඩ පිළිවෙල. හැම දෙයක්ම පවුල ලගින් ඉවරයි. ඇත්ත නිදහසක් නැති මේ ක්‍රමය තුලින්ම මුලධර්මවාදය මතු වෙන්නේ ඒකයි. එවන් තත්ත්වයකදී ඉස්මතු වෙන්නේ විපරිත වූ පුර්ණ නිදහසක් ලබා දෙන බවට වන ව්‍යාජ පොරොන්දුව. සිරියාවේ තියෙන්නේ මේ වගේ දෙයක්. මිනී මරන්න දෙනවා, ස්ත්‍රීන් දුෂණය කරන්න පුළුවන්. සිගරට් බොන්න පුළුවන්. මහපාරේ ඕනිම විදියකට එලවන්න පුළුවන් හරියට Mad Max චිත්‍රපටියේ වගේ.
හරි විදියට ගත්තොත් අපේ අය අර්ථකතනය කරන විදියට ඉන්ටනෙට් එකේ වැඩිපුර sex හොයන්න තිබුනේ නිදහසක් නෑ කියන, මුස්ලිම් අය වැඩිපුර ඉන්න, ගෑණු අය පර්දා දමාගෙන ඉන්න, ජනගහනයත් ගොඩක් වැඩි කාතාන්කුඩියේ. නමුත් අපට එය මුණගැසුනේ (encountered) බෞද්ධ හෝමාගම අවටින්. ගොඩක් මුලදර්මවාදීන් ඉන්නේ සිරියාවේවත් ඇෆ්ගනිස්තානේවත් නෙවි ඇමෙරිකාවේ කියල ජිජැක් හිනාවෙන්නේ ඒකයි. සත්‍ය මර්දනය තියෙන්නේ ධනවායේ කේන්ද්‍රය තුළම යි. ඉන් පිටත නොවේ. ඒ අර්ථයෙන් මේ sex සෙවීම ම මිනිස් නිදහස අරමුණු කරගත්ත විමුක්ති ව්‍යාපාරයකට භාවිතයට ගතහැකි විශාල වීභවයක්.
ඉහත google sex සිදුවීම හරහා කියවෙන එකම දෙය නම් සැබෑ සම්බන්දතා වෙනුවට තත්‍යසමාන ලිංගිකත්වය ඉස්මත්තට ඇවිල්ල කියන එක අයෙත් ඔප්පු වෙලා. වර්චුවල් එක ප්‍රබලයි කියන්නේ ඇත්ත සම්බන්දතා අඩුයි කියන එකයි. අනෙකාට කිට්ටු වෙන්නේ නැහැ මේ යුගයේ මොකද අසල්වැසියාට බයයි (fear of neighbor). තමා ආදරය කරන කෙනාට ගොඩක් සමීප වෙන්න බයයි (fear of over-proximity) අද කාලේ අය. මේක අලුතෙන් කියන්න ඕනි දෙයක් නොවුනට යටත් විජිත යුගයේ ඉදන් කරතියාගෙන ආව වික්ටෝරියන් සදාචාරය කොච්චර අපේ ජිවිත ගිලගෙනද කියන එක මේකෙන් පේනවා. අපිට ශුද්ධවාදය දීල උන්ගේ ලිංගිකත්වය, ශ්‍රුන්ගාර සාහිත්‍යය උන් වෙනස් කර ගත්ත. අපි තාම පරණ එක කරතියාගෙන යනව. උන් වෙනස් කරගත්ත එක දිහා අපි අසාවෙන් බලාගෙන ඉන්නවා. අපේ සල්ලි ටිකට කෙල වෙනවා ඩේට හැටියට. වක්‍රව උන් පොහොසත් වෙනවා මදිවට උන්මයි තාමත් අපේ ස්වාමිවරු... අවිඥානික විදියට ආයෙත් පරණ ස්වාමි සේවක චක්‍රයමයි. කැප්පෙටිපොල වීරයෙක් ලෙස නම් කරපුදාම තමයි මේ සෙක්ස් නිව්ස් එකත් ආවේ. හරිම විරුද්ධාභාශයක් උනාට හිතා ගන්න බැරි දෙයක් නෙවෙයි. හිතාගන්න බැරි දෙය නම් යටත් විජිත සදාචාරය ගැන වම්මුන්ගේ නිහැඩියාව. ඒ අය වික්ටෝරියානුවන්ටත් වඩා වික්ටෝරියානුවන්...
එක අතකට බටහිර ශරීර දෙස බලාගෙන හෝ (බොහෝ විට අපේ අය ශෘංගාර සිනමාව ලෙස බලන්නේ ආසියාතික ශරීර තියෙන සිනමා පට) අපේ අය තවම ‘ආශා කරනව’ (desiring) කියන එක වැදගත් දෙයක් මොකද ආශාව මියගියා කියන්නේ තවදුරටත් එවන් කෙනෙකුගෙන් සමාජ දේශපාලනිකව වැඩක් නැහැ කියන එක. සමාජ පරිණාමය පැත්තෙන් ගත්තාම අවශ්‍ය වෙන්නේ ආශා කළහැකි ශරීර. කොහොමටත් වඩා අනුරාගික නිර්ධන පංතියේ අය. උදාහරණ හැටියට ‘ටයිටැනික්’ එකේ රෝස්ගෙ මියගිය ආත්මය නැවත පුබුදුවන්න පුළුවන් වුනේ සාමාන්‍ය කම්කරු පංතියේ ජැක්ට. ඒ අනුරාගික ආදරය ඇතුලෙ ජැක්ට තමන්ගෙ ජිවිතය කැපකරනව කියන එක මහ ලොකු දෙයක් වුනේ නැහැ. ආශාව කෙළවර තියෙන්නේ ඇත්තටම මරණය කියල අපිට එක අතකට කියන්න පුළුවන්. ආශාව මුදුන්පත් වෙනවා නම් මැරුණත් මොකද..එවරස්ට් නැගල ඉවර උනාට පස්සේ මැරුණත් මොකද...තොපේ සදාචාරය ඇතුළේ ඉන්නවට වැඩිය ඒක හොඳයි.
‘ආශාව ප්‍රහීණ කරන්න’, 'ආශාවෙ කෙළවර කිසිදෙයක් නැහැ. තියෙන්නෙ දුක විතරයි' කියල උදේ හවස බණ කියන මේ වගේ රටක මිනිස්සු එක අතකට නිල් චිත්‍රපටයක් හරි බලල තමන්ගේ ආශාව හඹායන එක හොඳයි කියල හිතෙනව. එකම දෙය නම් බටහිර අපට ලිංගිකත්වය හරහා රැගෙන එන යක්‍ෂයා වෙතට වැටීම වලක්වා ගන්න එක. ඒ කියන්නේ අපගේ අධ්‍යාත්මික ජීවිතය (spiritual life) මරා දමා නොගෙන ආශාවට ඇදවැටෙන එක. මෙතන දී තමයි ඔය කියන ආගමට විශාල කාර්යයක් කරන්න තියෙන්නෙ. මට හිතෙන හැටියට තාමත් අපට තියෙන්නේ පුර්ව ධනවාදී යුගයේ තිබුණ බෞද්ධ කතිකාවෙ ම දිගුවක්. ධනවාදී යුගය ආරම්භ වුනාට පස්සේ ක්‍රිස්තියානිය කළා වගේ බුද්ධාගමත් ධනවාදයට පසුව වෙනස් විය යුතුයි. නව යුගයට සරිලන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි (හැබැයි එතකොට මේ ආගමික ස්වරුපය වෙනස් විය හැකියි). රුසියාව චෝදනා ලබල තියෙනවා තම ක්‍රීඩිකාවන්ට පුරුෂ DNA ශරීර ගත කරලා තියෙනව කියල පසුගිය ඔලිම්පික් වලදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව. චීනය ජීව විද්‍යාව උඩු යටිකුරු කරනවා - මිනිස් කොලෝන නිපදවනවා - සුපිරි මිනිසා නිෂ්පාදනය වෙනුවෙන්. මේකයි අද තාක්ෂණය සහ මිනිසා අතර සම්බන්දය. දර්ශනය සහ ආචාර දර්මය නැවත කියවන්න සිදුවෙලා තියෙන යුගයක් මේක. නව ලෞකිකකරණ ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගත්තෙ නැත්නම් වෙන්නෙ අද ජනප්‍රිය වෙලා තියෙන බටහිර-බුද්ධාගමේ ම දිගුවක් ලෙස ඉදිරියටත් එය නරුමවාදී (cynical) වෙන එක. ඒ කියන්නේ බෞද්ධාගම ඉස්මුදුනෙ තියාගත්ත නගරයක් වෙන මහරගම කොට්ඨාශය ලඟම තියෙන හෝමාගම සහ නුගේගොඩ වැඩියෙන්ම sex හොයන කොට ශබ්ද විකාශන වලින් බටහිර විරෝධය ගොඩනඟන තවත් සෝම හාමුදුරු කොනෙකුට විශාල ඉඩක් මේ ප්‍රදේශයේ ගොඩනැගෙන එක.
ඇත්තටම වර්චුවල් එකේ තියෙන්නේ මොනවද? වෙන මොනවත් නෙවි අතිරික්ත ලෙස ශ්‍රුන්ගාරකරණය කරන ලද ස්ත්‍රී පුරුෂ ශරීර. නව පශ්චාත්-ධනවාදය ක්‍රියාත්මක වෙන්නෙ මෙම ශරීර දේශපාලනය (body politics) හරහා නම් අපේ රටවල වගේ වෙන්නෙ ශරීර පුජා කරල ධනවාදයට විරුද්ධ වෙන එක. ඒක අපි දැන් අරගල තුනක් ඔස්සේ අත්දැකල තියෙනව. තවදුරටත් ධනවාදයට පුජා කරන්න අපට ජීවිත තියෙනවද කියන එක දැන් බලයේ ඉන්න මෝඩ ධනේශ්වර පාලකයෝ හිතන්න ඕන. ඒක හිතන්නේ කොහොමද උන් දන්නෙ නෑ ආශාව කියන්නෙ මොකක් ද කියල වත්. උන් මියගිහින් බොහොම කල්. ඒ උනාට මැරුණා කියල දන්නේ නෑ (ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් වල වගේ නිකම් අහසේ ඇවිදිනවා). තමාගේ අනේකත්වය වන ස්ත්‍රියට වැඩියෙන්ම බය ලංකාවේ බුර්ෂුවා කියන දේශපාලඥයො. ඒ නිසා ස්ත්‍රියගේ ආත්මීය අගාධයට වැටෙන්නෙ නැතුව ඒ අය කරන්නෙ සමාන ලිංගිකයින් සොයා යන එක. මේ යුගයෙ එක මෝස්තරයක් ඒක. LGBT එක හිලරි ක්ලින්ටන්ට සල්ලි පොම්ප කෙරුවත් එකෙන් වැඩක් වුනේ නෑ. මම කියන්නෙ ඒ අයට දේශපාලනයක් නෑ කියල නෙවෙයි. විමුක්ති අරගලයක දි අපිට ඔවුන් එලවල දාන්න උවමනා නෑ. නමුත් ඔවුන් මේ ධනවාදය තුල අනන්‍යතා අරගලයක ඉන්න අය. ඔවුන්ව බහිස්කරණය හෝ අවමානුෂිකකරණය කිරීම අපට අවශ්‍ය නැහැ. නමුත් ප්‍රධාන පරස්පරතාවය ඒක නෙවෙයි. ඔවුන්ගේ අරගලය විසින් කරන්නේ ප්‍රධාන පරස්පරතාවය පස්සට දාල (පංති විෂමතාවය), වෙනත් ප්‍රශ්න ඉස්මත්තට ගෙනල්ල, දේශපාලනය සුවිශේෂයන්ගේ විපරීත බව නැමැති තත්වයට ගොදුරු කිරීම.
මේ යුගයේ අප සොයා යන්නේ පරිපුර්ණ බවය. අප වෙත සැමවිටම වෙළඳපල ප්‍රතිඥා දෙන්නේ අපට පරිපුර්ණ (perfection) බවට පත්වීමට ඔවුන් සහය වන බවයි. එනයින් අද අපට ආදරය කිරීමට අවශ්‍ය වන්නේ පරිපුර්ණ අයෙකු නමුත් එවන් අයෙක් බාහිර ලෝකයේ නොපවතී. නමුත් සැබෑ ආදරය ඇතිවන්නේ යම් කිසි දුර්වල බවක්, දුර්ගුණයක්, කැත බවක් ඇති අයෙක් සමගයි. මනෝ විශ්ලේෂණය තුල ඇති එකම පාඩම නම් මෙම ආශාවේ හේතුව ඉහත අවලස්සන බව මත රඳා පැවතීමයි. ඒ නිසා පරිපුර්ණ බව යනු වෙළඳපල තර්කණයක් වන අතර සැබෑ යථහි පරස්පරතාවය තුල මනුෂ්‍ය සම්බන්දතා පිහිටන්නේ ඉහත අ-පරිපුර්ණ බව තුලයි. ඒ නිසා ඇඳවැටීම තුල ඇත්තේ අනපේක්‍ෂිත අපරිපුර්ණ (contingent imperfection) බවය. එය කලින් සකස් කර නැති - Pre-programmed කර නැති තත්වයකි. අපට මහමඟ මුණගැසෙන යුවතියක් තුල ඇත්තේ මෙම පුර්ණ නොවන බවයි. පුරෝකථනය කළ නොහැකි බවයි. නමුත් එය තුලට ඇඳ වැටිම තුලින් අපට කිසිදා නැවත ආපසු හැරිය නොහැකි ලෙස සුවිශේෂ මොහොතක් උදාවේ. නමුත් සමලිංගිකයෙක් සොයායන්නේ පරිපුර්ණ සම්බදයක් සඳහා පරිපුර්ණ අනෙකෙකි.

අන්තිමට මෙහෙම කියමු. වාමාංශිකයින් හැටියට ඇත්ත ප්‍රශ්න ගැන සංවේදී වෙමු. හාර්ඩ් සහ නෙග්රි ට අනුව බටහිර 'ශරීර දේශපාලනය' (body politics) ඉස්සර ක්‍රියාත්මක වුනේ යටත් කිරීම හා ප්‍රචණ්ඩ බව හරහා. නමුත් දැන් ක්‍රියාත්මක වෙන්නේ ලිංගිකත්වය හරහා. මම හිතන විදියට මේ දෙවෙනි එක වඩා ප්‍රචණ්ඩයි. ඒ කියන්නේ අනෙකාට බය නිසා හස්ත මෛතුන්‍යය (masturbation) දේශපාලනික කරලා තියෙන පශ්චාත් - දේශපාලනික යුගයක් මේක. තව දුරටත් කිව්වොත් අනෙකා නැහැ ඉන්නේ තමා පමණයි... තමාගේ ආත්ම මුලිකත්වය සමග කරන සෙල්ලමක් විතරයි තත්‍යසමාන ලිංගිකත්වය (එක දෙයක් පවතින්නේ තව දෙයක් නැති නිසා; ඉන්ටෙර්නෙට් එකේ සෙක්ස් බලන්නේ ඇත්තටම ජිවිතේ සෙක්ස් නැති නිසා හෝ තිබුනත් ඒ තුළ අතිරික්ත ප්‍රමෝදයක් නැති නිසා). ඒ විදියට ගත්තම ඉතින් මේක බෞද්ධ රටක් කියන්නේ ආත්මය ප්‍රමුඛ වුන රටක් කියන එකයි. එහෙම තැනක පසු-ධනවාදයේ ආත්ම මුලික තත්වයන් නියමෙට නැගල යනවා.
කියවන්න:
http://www.lacan.com/symptom/?page_id=247https://www.youtube.com/watch?v=7xYO-VMZUGo
'ආශාවට ආශා කරමු; මාව ස්පර්ශ කරන්න; මට ඔබේ ආදරය අනවශ්‍යයි' - ඩෙෆ් ලෙපර්ඩ් (Def Leppard) ගායක කණ්ඩායම ගායනා කරන පහත ගීතයට සවන් දෙන්න. මේක අහල වැඩිම වුනොත් ජිජැක් මෙහෙම කියයි, 'මේ නම් සත්‍ය සම්බන්දතාවයන්ට බය කට්ටියක්'. මම කියන්නේ ඒකට කමක් නෑ කියල.
No comments:
Post a Comment