Wednesday, August 3, 2016

Maid in Manhattan: පංති පරතරය අහෝසි කිරීම අවනිශ්චය කළ ව්‍යාජ හැගවුමිකාරකයක් ලෙස

 මහේෂ් හපුගොඩ 


‘Maiden from Manhattan’(2003) කියල කියන්නෙ මෑත කාලෙ ලංකාවේ වගේම ගෝලීයවත් ජනප්රියත්වයට පත්වු  Popular genre එකේ ‍film එකක්, Jennifer Lopez ඉතාම ලස්සනට රඟපාන නිසාත්, චිත්රපටියේ කතාව සරල එකක් විම නිසාත් කෙනෙක් දිගටම බලන්න පුළුවන් විදිහෙ චිත්රපටයක් මේක. ලංකාවෙ film halls වල මේක පෙන්නුවද කියල මම දන්නෙ නෑ වුනාට ලංකාවෙ DVD shops නම් හැම එකකමපාහෙ මේක තියෙනව වගේම cable tv හා dish tv වලත් නිතර නිතර මේක පෙන්නුවා. ඒ අර්ථයෙන් මේක ගෝලීය වාණිජ භාණ්ඩයක් දේශියව වෙළඳපළ තුල විනෝදය කේන්ද් කරගෙන අපි හරහා ගමන් කිරීමක්.

පහල පංතික සේවා ආර්ථිකයකට ගැටගැසී ඇති තම ස්වාමියා නොමැතිව ජීවත් වන එක් දරු ගැහැණියක් තමා සේවය සපයන ඉහල පංතිකයන් පැමිණෙන හෝටලයක ඉතාම කඩිසරව හොදින් සේවය කරමින් සිටින අතරතුරේ මම හෝටලයට පැමිණෙන ඉහල පංතික සෙනෙට් ‍අපේක්ෂකයෙක් අහම්බයෙන් මුණගැසෙනව. මේ මුණගැසීමට මදකට කලින් ඈට එම හෝටලයේම උසස් වීමක් ලැබෙනව management trainee කෙනෙක් විදියට. ඒක තරමක් අහම්බයක් වෙන්නෙ ඇගේම යෙහෙලියක් තමයි application form එක පුරවල තියෙන්නේ. අපේ කථා නායිකාව වන Marisa දේට විරුද්ධ වුනාට අපිට තේරෙනව ඇත්තටම දේට කැමති කියල. වාණිජ ප්රාග්ධනය වැඩකරන ඇමෙරිකාවෙ සේවා ආර්ථිකය ඇතුලෙ ඇයට ගන්න වෙන්නෙ තීරණය තමයි. මේ අස්සෙ හෝටලයට එන Chris Marshall කියන සෙනෙට් අපේක්ෂකයට මුණගැසෙනව Mirisa ගෙ පුතා Ty. සෝපානයේදී දෙන්නට කථා කරන්න ලැබිල Ty ගැන ගොඩක් හිත යනව Chrisට. ඒ සමගම දෙන්න පැමිණෙනව Mirisa සොයාගෙන හෝටලේට. එනකොට Marisa ඉන්නෙ තවත් ඉහල පන්තික ගැහැණියක් වන Cathrin රැදී සිටින කාමරය පවිත් කරමින්. ඒ කාමරයේ තිබෙන ඉතාම වටිනා Dolce ඇදුමක් එයාගෙ යෙහෙලියක් සමග හොරෙන් fit on කරමින් . ඒක කොහොමටත් Hotel එකේ නීතිවලට පටහැනියි. ඒ ඇදුම දාගෙන ඉන්න නිසා එයාගෙ යෙහෙළිය අඟවනව Marisa තමයි එතන visitor හැටියට. ඒකට Chris රැවටෙනව විතරක් නොව්, ඔහු ඇගේ fantasy යට ආදරය කරන්න ගන්නව. ඈ සමඟ ගමන් බිමන් යන්න වගේම රෑට ඉහල පෙලේ parties වලට යන්නත් ඔහු ඇයට invite කරනව.ඇය හෝටලයේ ආචාර ධර්ම කඩකල නිසා පසුව හෝටල් පරිපාලනයෙන් ඇය ඉවත් කරන නමුත් ‍‍ෙග් ඇත්ත identity එක හොයාගත්තට පස්සෙ වුනත් Chiris ඇයට ආදරය කරන්න ගන්නව. Ty විසින් කරන මැදිහත් වීමකින් පසු ඔවුන් දෙදෙනාම ශක්තිමත්ව තම ආදරය තහවුරැකර ගැනීමකින් කථාව අවසන් වෙනව.

වානිජ ධනවාදය ඇතුලෙ වේගයෙන් ව්යාප්ත වන අර්චනකාමී (Fetish Commodities) පාරිහෝගික භාණ්ඩ අත්පත් කර ගැනීමෙන් පන්ති අතර පවතින වෙනස මකා දැමීමට පුඵවන් බවත් එම නිසාම පාරිභෝගික ධනවාදය ඉතිහාසය අහෝසි කර දමන බවත් ( ඉතිහාසය යනු පන්ති අතර අරගලය බව මාක්ස් කියා ඇති නිසා) Fukuyama එයාගෙ End of History and the Last Man කියන පොතෙ ප්රකාශ කර තිබෙනවා. මීට පෙර ඉහත බුර්ෂුවා පන්තිය තම අනන්යතාවය ගොඩ නඟා ගත්තේ එම පන්තියට අදාල සංස්කෘතික නිර්මිතයන් විසින්. එයට ඔවුන්ගේ පංති භාෂාව, ආචාර ධර්ම, mannerism හා සංස්කෘතික භාණ්ඩ අයත්. ධනවාදයේ මෙම අප ජිවත්වන අවධියේ දී මේ ඉහත කිව් දේ පාරිභෝගික භාණ්ඩ ලෙස මුදල් තිබෙන ඕනෑම කෙනෙකුට අත්පත් කර ගත හැකියි. උදාහරණ ලෙස ඉහල පන්තික ඇඳුම් පැලඳුම් අද මුදල් තිබේනම් මිල දී ගත හැකියි. ලංකාවේ හෝටල් පාසැල් තිබෙනව ඉහල පන්තික ආචාර විධි හා manner (උදාහරණ ලෙස table manners වගේ දේවල්) පාඨමාලා ලෙස උගන්වන.

ඉහත කිව් ආකාරයට ඉතාම ඉහල පන්තික සාදයකට යන Marisa අදාල පාරිභෝගික භාණ්ඩ අත්පත් කරගෙන හරහා සැරසුන විට එම පන්තියටම වෙනස වයහා ගත නොහැකි ලෙස රූපාන්තරණය වන අයුරු අපට පෙනෙනව Marisa පාටියට පැමිණෙන red-carpet corridor එක දිගේ එන medium-length camera shot එකෙන්. දෘෂ්යය තුල ඇය එම පන්තියටත් වඩා ඉහල පංතික ලෙස පෙනී යයි. (more than bourgeoisie) තාක්ෂණික කැමරා ආදිය නිසා ඇගේ අන්යතාවයව සොයා ගැනීමට හෝටලයේ හිම්කරුවන්ට හැකි වුවත් Chis සහ Marisa අතර සම්බන්ධය මේ වන විට මුහුකුරා යමින් පවතී. එම අදුම්වලට දක්වන නුහුරු බව හා පහල පන්තික ලක්ෂණ එසේ පවතිද්දීම Chris ඇයට අාදරය කරයි. කුමන පන්තියට, කුලයට, ආගමකට හෝ ජාතියකට අයත් වන්නේ යන්න ගැන නොසිතා තමා ආදරය කරන කෙනා සැටියෙන්ම ගෙන ආදරය කිරිම උතුම් මනුෂ් ගුණාංගයක් යන තේමාවෙහි පිහිටා මෙම චිත්රපටිය දෙස බැලුවොත් එය නිසැකවම උත්කෘෂ්ඨ තේමාවක් වන බව සැබැවි. එහෙත් එය සැබෑ සමාජයට මෙම තත්වය ගෙන විට තිබෙන තත්වය කුමක් ?

මීට පෙර ආසන්න වශයෙන් මෙමතේමාවම රැගත් වෙනත් චිත්රපට නිර්මාණය වී තියෙනවා. උදාහරණ ලෙස ඉහල පන්තිය තම අන්යතාවය ලෙස සැලකූ භාෂාව පහල පන්ති ගැහැණියක් විසින් නිපුණ කිරීමෙන් ඉහත පන්තිය හා සුසංවාදී වියහැකි බව පෙන්වන ජනප්රිය චිත්රපටයක් තමයි My Fair Lady. එහිදී අවසානයේ සිදුවන්නේ Prof. Higgins‍ට ඇයගෙන් පලා යා නොහැකි ලෙස ඇයට බැදීමට. එහෙම වෙන්නෙත් ඉහල පන්තික ලක්ෂණයට වඩා තුල මතුවන wild, untamed පහල පන්තික ලක්ෂණ නිසාම යි. එය එක්තරා දුරකට Lolita Syndrom එක වගේ කියලත් කිව්ව හැකි. 'Maid in Manthattan' හි පන්ති අබිභවා නිර්පන්තිය fetish commodities ඇතුලෙ ඇත්තටම පන්ති විරහිත සාමාඡය අහෝසි වී ඉතිහාසය මැකී යන වාද යන්න අපි දැන් සලකා බලමු. චිත්රපටයෙ පුරාවට Marisa උදවි කරන්නේ ඇයගේ පන්තියේම තවත් වැනිම සේවක-සේවිකාවන් සමුහයක් විසිනුයි. වඩා ලස්සන හා හැඩකාර ශරීරයක් හිමි Marisa ඉහල බර්ෂුවා පන්තික ව්යුහයක් හා සම්බන්ධ වන වි වැනිම වූ තවත් සේවක සේවිකාවන් ගණනාවක් ඔවුන් අයත්වන පන්නියේම තව දුරටත් රැදී සිටිනවා. Marisa පවා ඇයගේ සිහිනය වන Manager කෙනෙක් වීමට තමා තව දුරටත් සිහින දකින්නෙ. නමුත් එම සිහිනය සාර්ථක වුවාට පමණක් අර පන්ති හා සම්භන්ද විම පහසු දෙයක් නෙවෙයි. දැන් බලන්න අර Marisa එන්න කියන රාත්රී සාදයේ එක් කෑම Plate එකක් ඩොලර් 2500 යි ලු. ඒක සාමාන් කෙනෙකුට දරන්න බැහැනෙ.  වගේම තමයි Media වලිනුත් හොයන්නෙ ඇගේ වත්කම් මොනවා කියන එක. එකෙන් තමයි Christ ගැලපෙනවා කියන එක අධ්පති මාධ් තීරණය කරන්නෙ. ඒවගේම ‍ඇගේ මව වුවත් මේ සම්බන්ධය ප්රතික්ෂේප කරන්නෙ මේව ඉටුවෙන්නෙ නැති ගැලපෙන්නෙ නැති සිහින කියල. ඇය කියනව ආයෙ ගෙවල්වල වැඩට Marisa යන්න කියල. කෙසේ නමුත් Christ නම් කියන්නෙ ඇගේ ඇත්ත අනන්යතාවය තමයි අවශ් කියල. ඇගේ පන්තික අනන්යතාවය එලි දරව් වුනාට Christ එයාව දාල යන්නෙ නැත්තෙ ලස්සන නිසාත් ඔහුගේ fantasy රූපය ඇය දරා සිටින නිසාත්. විශාල සවිඥාණකත්වයක් නැත්නම් Fantasy යෙන් ගැලවෙන එක ලෙහෙසි පහසු දෙයක් නොවෙයිනෙ.

අනිත් අත ඇයගේ රූපය හා පෞරුෂය ඔහුගේ senate අපේක්ෂකත්වය තුල එක්තරා දුරකට අලෙවි කල හැකි commodity එකක් වන බවත් අප පෙනෙනවා. විශේෂයෙන් ඇයගේ ප්රංශ සම්භවය. එම වාර්ගික බව පවා සංස්කෘතික ලෙස අලෙවි වන හා අලෙවි කල හැකි ප්රපංචයකුත් වෙනව film එකේ. මොකද දියුණු ධනවාදය කියන්නෙ (Advanced Capitalism) දෘෂ්යය ප්රභල වන යුගයක්. මෙහි දී වැදගත් වන්නෙ ඇය (Jeniffer) ගෙ ශරීරය ඉතා ලෙහෙසියෙන් මේ ඇස කියන සාධකය target කරනව කියන එක. 'In societies where modern conditions of production prevail, all of life presents itself as an immense accumulation of spectacles...The spectacle is not a collection of images, but a social relation among people, mediated by images' කියල Guy Debord කියනව 1967 දි.

Christ මේ සියලු චන්ද කටයුතු අස්සෙ හොයන්න සෑහෙන භෞතික වෙහෙසක් දරනව Chris. සමහර විටක තම තරාතිරම නොබලා හෝටලේ kitchen එකේඑහෙ මෙහෙ දුවනව පෙන්නනව, හරියට පිස්සෙක් වගේ. එයාගෙ body guard කියන ඒව සතේකට මායිම් නොකර Chris ඇවිදින කොට එයා දන්නව media paparazzi ල තමා දිහා බලාගෙන ඉන්න බව. ඒ ගැනත් එයා සවිඥාණකයි. යම් ආකාරයක නිතී රීති කඩමින් දුවන ඔහු දන්නව ලඟ දවසෙ පත්තරේට මේව යනව කියල. එකත් තමාව market වෙන තවත් විදියක්. 

නමුත් මේ එකකින්වත් පෙන්නෙ නැහැ තවත් ලක් ගණනක් වන Marisa ගෙ පන්තිය නියෝඡනය කරන සේවිකාවන්ට Marisa වගේ ඉහල පන්තියට සංක්රමණය වෙන්න පුඵවන් බව. ඔවුන් තම පන්ති ස්ථරය තුල දිගටම රැදෙනව. පන්ති පරතරය Home Theatre DVD අවකාශයක් තුල හරි Cinema Theatre එකක් ඇතුලෙ හරි ව්යාඡ ලෙස අවසන් වුනාට පාරට බැස්සහම පරණ විදියටම පන්ති සහිත සමාජය අපට හමුවෙනව. Marisa ගෙ යෙහෙලියො පරණ සිහින තුලමයි. ඒ අනුව මට පෙනෙන්නෙ මෙම චිත්රපටය පන්ති පරතරය දුෂ්යය සඳහා පමණක් (only for the spectre) අහෝසි කරන ලද ඩිජිටල් සින්තටික ව්යාඡ හැඟවුම්කාරකයක් (flase signifier) ලෙසයි.

'මා ඇතැයි ඔබ සිතන තැන මා නොපවතී, ඔබ මා නැතැයි සිතන තැන මම පවතී' යන බාත්සියානු උද්ධෘතයට අනුව පන්ති සහිත සමාජය අහෝසි වනවා යැයි අපි උත්කෘෂ්ඨයෙන් බලා සිටින DVD අවකාශය තුල පන්ති වෙනස පවතින අතර Maid in Manhattan යන දෘෂ් අවකාශය පෙරලා බුර්ෂුවා සඥා පද්ධතියක් (sign system) ඵෙතිහාසික තත්වයන් ගෙන් වියුක්ත කර අප වෙත ගෙන එයි. මම සිතන හැටියට විචාරකයාගේ කාර්යය විය යුත්තේ මෙම නො ඵෙතිහාසික බුර්ෂුවා මිත්යාව භෞතිකවාදී ප්රවේශයක් තුල මිත්යා-හරණය කිරීමයි. (De-mystification) නැත්නම් DVD එකක් ඇතුලෙ පන්ති සමාඡය පරිකල්පනයට අහෝසි කිරිම නැමැති අර්ථය hijack කිරීම අධිනිශ්චය වෙනව.

සමාජය හා එහි පරිණාමය පන්තිමය ස්වරූපයකින් යුක්ත කියල කිව මාක්ස් චිත්රපටිය ඇතුලෙ හොල්මන් කරල අපිට කියනව පන්ති සමාජය එහෙම අහෝසි කල හැකි දෙයක් නොවන වග. පන්ති අහෝසි කල හැක්කෙ DVD අවකාශයකට නොව නිර්ධන පන්ති විප්ලවයකින් පමණයි කියල කියන මාක්ස් පරණයි කිව්වට Terry Eagleton කියන්නෙ වෙන කවරදාකටත් වඩා අද Marx අවශ්යයි කියල. මොකද ලෝක අසමානතාව තාමත් අවසන් වෙලා නැති හන්ද.

වැඩිදුර කියවන්න.

1. Eagleton, Terry., (2002), Marxism & Literary Criticism. Routhledge, London, New York

2. Marx, Karl & Engels, Friedrich, (2002), Communist Manifesto, Pensuine, London

3. Buzuev, V & Gorodnor, V., (1987), What is Marxism Leninism? Progress Books, Moscow

4. Strange, Susun., (1993), States & Markets, Printer, London & Washington.

5. Adorno, Theodor., (2002), The Culture Industry, Routhledge, London, New York

6. Fukayama, Frarcis., (1993) End of History, Frees Press, New York

7. Debord, Guy., Society of the Spectacle (1996), Calefornia University Press, New York

8. Barths, Roland., Mythologies (1972), Jonathan Capes, London.

9. Allan Graham., Roland Barths, (2003), Routhledge, London



Trailer 

                                                                                                                             


2 comments:

  1. අසමානතාව තවත් වැඩි වී මිස ඉවර වී නැති අතර එය දැන් නව මුහුණුවරක් ගෙන තිබේ. එම තත්වයන් තුල අද සමාජයෛ් ගැහැණිය හා පිරිමියා තම පන්තිය උසස් කර පෙන්වීමට අැඳුම පමණක් නොව විවිධ මෙවලම් උපයෝගී කර ගනිමින් සිටී. මොවුන් තම දරුවන් මඟින් එම සිහිනය සැබෑ කර ගැනීමට සිටී. උදාහරණයක් ලෙස කූට ලේඛන උපයෝගී කර ගෙන ජනප්‍රිය යැයි පැවැසෙන පාසල්වලට ඇතුලත් කිරීම හා ඊට උත්සාහ දැරීම. කුඩා කල සිට දරුවන් අකමැති වුන ද පියානෝ වාදනයට හුරු කිරීම උසස් පෙලට විද්‍යා හෝ ගණිතය විෂයන් ඉගැනීමට බල කිරිම.

    ReplyDelete
    Replies
    1. හොඳ නිරීක්ෂණයක්. ස්තුති.

      Delete