"Noise does not cancel out noise, silence does".අවසන් වශයෙන් කිව යුත්තේ මේ මොහොතේ 'කළ යුත්තේ කුමක්ද' යන ප්‍රශ්නයට කිසිවකුට පිළිතුරු නැති බවයි. අප විශ්වාස කරන පරමාදර්ශ වෙනුවෙන් තවමත් සෘජුව පෙනී සිටින්නේ 'ලංකා ඊ නිව්ස්' (lankaenews) පමණක් දැයි සිතෙන තරමට අනෙක් මාධ්‍ය මෙම මුලධර්මවාදය විවේචනය නොකිරීම ට අදිටන් කරගෙන ඇත. මෙම නොසැලකිලිමත් බවේ වන්දිය (price for ignorance) කොතෙක්ද යන්න ගැන කාටවත් වගේ වගක් නැත. සිහිපත් කලයුතු දෙය වන්නේ මෙවන් කුඩා රැඩිකල් සමාජ තීරුවක් විසින් ඊජිප්තුවේ මුබාරක් සහ ලිබියාවේ ගඩාෆි ගෙදර යැවූ බවය. ආපතික දේවල් සිදුවීමට මහා වෙලාවක් යන්නේ ද නැත. ඒ සඳහා ගොඩක් අය වුවමනාද නොවේ. කුඩා නියඟයකට මුහුණ දීමට නොසුදානම් ආණ්ඩුවකට එක්වර සිදුවන තරුණ නැගිටීමක් යටපත් කල හැකිවේද? උතුරේ ජාතිවාදය තුල කල දේ දකුණේ එසේම කල හැකිද? යම් මොහොතක සිදුවීමට නියමිත පරස්පරතා හි මුණගැසීම් (වම සහ ජාතිවාදය) ගැන මෛත්‍රී පාලනයට අදහසක් ඇත්ද? වමේ පක්ෂ එවිට කරන්නේ කුමක්ද? මෙම වෛරී දේශපාලනයෙන් මිදී ප්‍රබුද්ධ, මිනිස් බුද්ධිය සහ විශ්වීය වටිනාකම් මුල් කරගත් දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින ඕනෙම අයෙක් විසින් කල යුතු දෙය නම් මෙම මුලධාර්මික, නොමිනිස්, ප්‍රාථමික බව පරාජය කිරීමයි. අද දවසේ වධකයන් හෙට අපව පාලනය කරන්නේ නම් එවිට?
විසිවන සියවසේ දී වුව ද මිනිසා සතුටින් තැබීමට 'බටහිර' ධනවාදය නිෂ්පාදනය කරන භාණ්ඩ වලට (වධකාගාරයේ අත්හදා බලන ව්‍යග්‍රා ඖෂධ මෙන්ම) නොහැකි බව පැවසුවේ මහත්මා ගාන්ධි ය. ඉතින් විසි එක්වන සියවස ගැන කුමන කතාද! 'බොහෝ දුර ඇවිද ගොස් ඔබ නැවතුන විට නැවතත් ඔබ ආරම්භ කළ තැනට ම පැමිණ ඇත්නම් එවිට...' (මහත්මා ගාන්ධි).
වධකාගාරයේදී නවකයන්ට සිසුවියන්ගේ මුත්‍රා පොවලා... http://www.lankaenews.com/news/5351/si
නවක වදය නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි .http://yukthiya.lk/5277-2/
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව ...? http://www.lankaenews.com/news/5360/si
No comments:
Post a Comment