මැන්ඩෙලාගේ චරිත කතාව ගැන කියවෙන Mandela: Long Walk to Freedom (2013) කියන චිත්‍රපටය බලනකොට පෙනෙන දෙයක් තමයි මැන්ඩෙලාගෙ සහ ANC එකේ අරගලය පිටුපස විනී මැන්ඩෙලා කියන ඉතාමත් ම ශක්තිමත් කාන්තාව සිටියා කියන එක. ගාන්ධි චිත්‍රපටය දිහා බලපුවමත් එක පැහැදිලි ව පෙනෙන දෙයක්. ගාන්ධිගෙ බිරිඳ කියන්නෙ අද කාලයේ ස්ත්‍රීවාදින් වගේ නොවෙන බව එයාගෙ පහත ප්‍රකාශයෙන් පෙනෙනව. එයා කියන්නේ ‘මගේ ගරුත්වය රඳා පවතින්නේ මගේ ස්වාමියාගේ පිටුපසින් යෑම තුලයි' කියල. එම ප්‍රකාශය තුල ඇය කියන්නේ විමුක්තිය තියෙන්නේ පුරුෂ භාවිතාව ඇතුලෙ ම තිබුන සාර්වත්‍රික අරගලය සමග එකගවීම කියල කියන්න පුළුවන්. ඒ වගේම විනී මැන්ඩෙලා වුනත් ‘නව ස්ත්‍රී අනන්‍යතාවයක්’ හදනවා වෙනුවට කළේ නෙල්සන් මැන්ඩෙලා සිරගත කළාට පසුව අරගලයේ බර කරට ගන්න එක. මේ දේම ගාන්ධිගේ ආර්යාව (කස්තුර්බා ගාන්ධි) විසිනුත් කළා. ගාන්ධි සිරගත වුණු සෑම අවස්ථාවක ම ඉන්දියානුවන් තම විශ්වාසය ප්‍රක්ෂේපණය කළේ ඔහුගේ ම ශරීරයේ අනෙක් පලුව වුණ ගාන්ධි ආර්යාව වෙත. විනීටත් සිදුවුනේ නව අනන්‍යතා හොයනවා වෙනුවට මැන්ඩෙලාගේ සාන්දෘෂ්ටික අරගලය තුලට තව තවත් පිය මැනීමට තරම් එඩිතර විම. නමුත් මැන්ඩෙලා චිත්‍රපටයට අනුව ඔහුගේ ප්‍රථම බිරිඳට මැන්ඩෙලාගේ ‘ඓතිහාසික බර’ තුලට ගමන් කිරීමට තරම් ශක්තියක් තිබුණේ නැහැ කියන එක ඔහු සමඟ වීදියේ අරගලයේ ටිකක් දුර ගමන් කරල පසුබසින එකෙන් පේනව. මේ ප්‍රශ්නය ම තමයි සමකාලින ස්ත්‍රී වාදයේ ගැටලුවත්.
එක් අතකට ඉහත සඳහන් ගැහැණු චරිත ‘මායාවක්’ නොවෙනවා වගේම (වසඟය නැති නිසා) එම පිරිමින්ගේ ඓතිහාසික කාර්යභාරය ඇතුලට එන්න තරම් කැපවීමක් තිබුණ අය කියල අප අමතක කරන්න හොඳ නැහැ. අනෙක් අතට අපේ රටේ ශක්තිමත් අවංක සහ දුෂණයෙන් තොර පිරිමි බිහිවීම සඳහා එවන් ශක්තිමත් ආචාරවාදී ගැහැණුන්ගේ පරාවර්තනය (reflection) ලැබිලත් නැහැ. මෙතැනදි තමයි රොහාන් පෙරේරා කියන විචාරකයා කියන ‘අරගලය කරන්න කලින් ස්ත්‍රිය නිෂ්පාදනය කර ගන්න ශ්‍රී ලාංකික බෞද්ධ අපිට සිදුවෙනවා’ කියන කරුණ ඉතා වැදගත් වන්නේ. අපේ ගැහැණිය තාමත් කැමති මහින්ද රාජපක්ෂ වගේ දුෂිත ඒකාධිපති පාලකයන්ට. ඔවුන් සවන් දෙන්නේ ඉතිහාසයේ හඬට නැත්නම් පාරිබෝගික ධනවාදයේ හඬට. හැම ගැහැණියක්ම එහෙම නොවුනත් බහුතර ස්ත්‍රී ෆැල්ලසය තුලින් ඉල්ලන්නේ ඉහත වර්ගයේ පිරිමි ශරීර කියන එක දිගින් දිගටම ලාංකික බෞද්ධ ස්ත්‍රීය ඔප්පු කරමින් සිටින දෙයක්. නාගරික නිර්-බෞද්ධ නිරික්ෂයක් (gaze) ඇතුලේ රොහාන් මෙහෙම කියනවා; ‘ස්ත්‍රීවාදය ආවේණිකව පැරණි සමාජය ට අයිතියි. අවශ්‍ය වන්නේ පුරුෂවාදයක්' (ස්ත්‍රී පාරභෞතිකවාදය; ප්‍රවාද 1995 ජුනි: 117). ඔහු කියන්නේ ‘සංසර්ග කේන්ද්‍රීය’ ස්ත්‍රිය වෙනුවට ‘සමාජ ස්ත්‍රියක්’ (විනි මැන්ඩෙලා සහ ගාන්ධි ආර්යාව) අපි නිර්මාණය කර ගන්න ඕනි කියන එක. ඔහු තවදුරටත් මෙහෙම කියනව,
‘සමාජය තරම් විශාල ගැහැණු අවකාශය ස්ත්‍රීවාදය තරම් පුංචි කරන්න නෙමෙයි අපි දඟලන්න ඕනි. අපි කරන්න ඕනි දේවල් අනිත් පැත්තට හරවන එකයි’
(එම පිටුව 117)
මෙතනදී වෙන්නේ ගෙදරට
කොටු කරලා සංසර්ගය සඳහා ස්ත්‍රිය ‘සුදානම් කරනවා’ හැරුණාම ඇයට වෙනත් පැවැත්මක්
දීමට පුරුෂ ලෝකයට හෝ අද්‍යතන පිරිමියාට හැකියාවක් නැති බවයි. අපි කරල තියෙන්නේ ‘අනේකත්වය’ සංසර්ගයට කොටු කිරීම කියලයි රොහාන් පැහැදිලිව
කියන්නේ (මෙතැනදී රොහාන් බටහිර ෆ්‍රොයිඩියානු සංසර්ග කේන්ද්‍රීය බවෙන් ඛණ්ඩනය වෙනවා පමණක් නොවෙයි පුරුෂ ලෝකය තුල හදල තියෙන 'සංසර්ග ආකෘති' පවා දෘඪ ලෙස විවේචනය කරනවා). මේ තත්වය තේරුම් අරගත්ත ගාන්ධි කියන්නේ තම බිරිඳට ‘යෙහෙලියක්’ වන
ලෙසයි. එනම් සාමාජීය අනේකත්වයක් ඔහුගේ
අරගලයේ සිමා මායිම් තුල සිටිමින් ම තම 'සමාජීය පවුල' (මෙතනදී මතක් වෙන්නේ ඕෂෝ) තුල නිර්මාණය කර ගැනීමට උත්සාහ කිරීමයි කියන එක
රොහාන් පෙරේරා ට වඩා ගොඩක් ලෝකේ අය දන්න අරුන්දතී රෝයී ට තේරෙන්නේ නැත්තේ ඒකයි. අපේ රටේ අයට රොහාන් පෙරේරා පොඩි යි, අරුන්දතී
ගොඩක් ලොකුයි. ජුඩිත් බට්ලර් ඊටත් වඩා ලොකුයි. නමුත් ඇත්ත සමාජය තේරුම් ගතහැකි දාර්ශනික තලය
තියෙන්නේ රොහාන් තුලයි. විසංයෝජනය අද දවසේ ටිකක් පැරණි දෙයක් වුනත් දේවල්
විප්ලවීය විදියට තේරුම් ගන්න අවුරුදු විස්සකට පස්සෙත් ඒකයි අපට රොහාන්ව උපකාරී
වෙන්නේ (අපිට අරගලය ඇතුලෙදි අතහැරිය හැකි කිසිවක්, කිසිම දර්ශනවාදයක්, කිසිම දර්ශනවාදියෙක් නැහැ කියල දැන් තේරෙන්න ඕනි). රොහාන් ඉහත ගාන්ධියානු යෙහෙලිය
නම් ප්‍රවාදය සම්බන්දයෙන් අදාල කර ගත හැකි ලෙස මෙහෙම කියනවා;
‘ලිංගික අසහනය නිසා තමන්ගේ ලෝකයේ ප්‍රේමය
බිලිදෙන එක නොදන්න පුරුෂ ශරීරවලට සමානුපාතිකව, දේපල නිසා තමන්ගේ ශරීරය බිලිදෙන එක ගැහැණු ශරීර දන්නේ නැහැ’
(පිටුව 113)
රොහාන් හදන්නේ වෙළඳපල කතිකාවේ ලිංගික අසහනයෙන් පිරිමි ලෝකය මුදවා ගන්න සහ පුරුෂ අනේකත්වය (ගැහැණිය) සමාජීය කරන්න. ධනවාදය ඉදිරියට ගමන් කරන්නේ ලිංගික අසහනය ත්‍රීව්ර කිරීම ඇතුලේ (නිල් චිත්‍රපට හොඳ උදාහරණයක්). සම්බන්දතා ලිංගික කරණය කිරීම ඇතුලේ. ඒ නිසා ස්ත්‍රී වාදයට ලොකු ඉල්ලුමක් ඇතිවෙනවා ධනවාදයේ 'බටහිර- පිරිමි- ෆ්‍රොයිඩියානු- ලිංගික ආකෘතිය' ඇතුලේ (ඉන්දියාවේ ඇන්ටි රෝමියෝ වගේ සංවිදාන මීට උදාහරණයක්). ඒ නිසා ධනවාදය කැමතියි ස්ත්‍රීවාදය වගේ අනන්‍යතා ව්‍යාපාර වලට. එකත් එක්ක වෙළඳපල හොදට පෑහෙනවා (අල්පේච්ච බව පෑහෙන්නේ නැහැ. ඒ නිසා ඒක තර්ජනයක්). නමුත් මෙම ‘නව සමාජීය ගැහැණිය’
විසින් ඇත්ත වශයෙන් අනන්‍යතා ස්ත්‍රීවාදයක් මතුවීම වලක්වා දමනව. හැමෝම සමාජීය අවකාශයකට ගමන් කරනව පවත්නා ආර්ථක
ක්‍රමය කුමක් වුණත්. අපිට ධනේශ්වර ක්‍රමය
පරාජය කරල නිපදවන්න ඕනෙත් ඉහත ‘රොහානියානු සමාජීය ගැහැණිය’ කියලයි මට
හිතෙන්නෙ.
ධනවාදය ඇතුලේ සාර්වත්‍රික දේවල් කරන එක සිහිනයක් වගේ (අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය). ඒ නිසා ඇමෙරිකාව වගේ රටකට ඒක සිතාගත නොහැකි ක්ෂිතියක්. ඔවුන් දන්නේ වෙළදපල ප්‍රසාරණය කරගන්න හැටි විතරයි. ඒ සඳහා හොදම මිනිහ තමයි ඔවුන්ට අනුව ට්‍රුම්ප් කියන්නේ. ධනවාදයෙන් ගැලවෙනවා කියන එක සිතාගත නොහැකි ඔවුන්ට එම ධනවාදය වෙනුවෙන් ලෝක යුද්ධයක පැටලෙනවා කියන එක පහසුවෙන් සිතාගත හැකියි. ඒ වෙනුවෙන් ඕනෙම තරම් මිසයිල් ගණනක් ඕනෙම රටකට එල්ල කරන්න ඔවුන් සුදානම්. මෙවන් සන්දර්භයක් ඇතුලේ අප්‍රිකානු කොන්ග්‍රසය ට පවා සිදුවෙන්නේ මෙම ධනවාදයේ ඛණ්ඩාංක තුල සිරවෙන්න. මොන පොරොන්දු දුන්නත් යහපාලනයත් ඒ වගේම සිරගත විමක ඉන්නේ. ඉතින් ඇත්ත තත්වය තමයි මැන්ඩෙලා පවා සිරගත වුන ධනවාදයේ ක්ෂිතිජයෙන් ඔබ්බට යන එක...ඒ වගේම ගෝලීය ධනවාදය පරිණාමය වෙත විපරීත ආකෘතිය ගැන මෙලෝ දෙයක අවබෝධයක් නැති යහපාලන ආණ්ඩුවෙන් බටහිර කේන්ද්‍රීය ආශා මොඩලය අනික් පැත්තට හරවයි කියල අපට හිතන්න බැහැ. ඉතිං මනුෂ්‍ය තෘප්තිය සඳහා ඔවුන්ට කළ හැකි උපරිම දෙය නම් බටහිරින් හරි, චීනෙන් හරි, ඉන්දියාවෙන් හරි පුළුවන් තරම් විනෝද පාරිිභෝගික භාණ්ඩ ලංකාවේ වෙළඳපොල තුල ගොඩ ගහන එක. ඒ ඔස්සේ අවුරුදු කාලෙට හාල් හරි, පොල් හරි, පරිප්පු, හාල්මැස්සෝ වගේ දේවල් වල ගණන් ටිකක් අඩු කරන එක. දැන් හරි. රනිල්ගෙ, රවිගෙ මොලයට අනුව දැන් ‘ජනතාව’ තෘප්තිමත්. හාල් පොල් වගේ ද මොබයිල් ෆොන්, වයි ෆයි, ඉන්ටනෙට් ඩේටා වගේ දේවලත් මිල අඩු කලොත් හොඳයි කියල රනිල්ගේ චුයින්ගම් මොලයට තේරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. විසි වන සියවසේ භාණ්ඩ වලට සහ එම ද්‍රව්‍යවාදයට මිනිසා සුවපත් කරන්න බෑ කියල ගාන්ධි කියනවා (එත් මිනිසා 'තෘප්තිමත්' නැහැ. භෞතික දේවල් කොච්චර දුන්නත් මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය ඇදගෙන වැටුණා). එතකොට මිෂෙල් ෆුකෝ ගැන රොහාන් මෙහෙම ලියනව;
Zizek, S. (1994). The Metastases of Enjoyment. Six Essays on Woman and Causality. London. Verso.
පසුව ලියමි: ආසියාතික ගැහැණිය විශේෂයෙන් ලාංකික බෞද්ධ ගැහැණිය විප්ලවීය නොකළ නිසා රෝහණ විජේවීර සහෝදරයා ට චිත්‍රාංගනී නම් තම බිරිද ගෙන් ලැබුනේ අනුමෙවෙනි පමණකි. දෝෂාරෝපණ පමණි. මැන්ඩෙලා හෝ ගාන්ධි සම්බන්දයෙන් ඔවුන්ගේ ස්ත්‍රීන් එසේ අනුමෙවෙනි කියනු අපට ඇසී නැත. එසේනම් ලංකික ගැහැණිය පිළිබද දාර්ශනික පරමාණුව රොහාන් පෙරේරා විසින් 88-89 සංහාරයෙන් පසුව සොයාගෙන තිබියදී X කණ්ඩායම ට වරදින්නේ ඇයි? ඒ බුද්ධිමය කුසීත කම නිසාද? නැත්නම් නොසැලකිල්ල නිසාද? නැත්නම් නරුමවාදය නිසාද? මේ එකක් හෝ සියල්ලම නිසා එසේ සිදු නොවන්නට ජ. වි. පෙ. 'විප්ලවීය උරුමය' X කණ්ඩායම විසින් ප්‍රතිජිවනය කිරීම රොහාන් හරහා සිදුවීමට ඉඩ තිබුණි. එවිට එය අප සැමගේම උරුමය යි.

‘හැබැයි එයාට (ෆුකෝට) සිද්ධ වුණු දේ ඊට හාත්පසින් ම වෙනස්. එයා ලිංගිකත්වයේ ඉතිහාසය හොයන්න වෙහෙසුනේ ‘අපි කවුද’ කියල හොයා ගන්න. ආශාව විශ්ලේෂණය කරන එක ගැන එයා විවේචනය කලේ, ‘තෘප්තිය ගොඩ නැඟීම කේන්ද්‍ර කර ගත යුතුයි’ කියා ගෙන මිනිස් ජීවිතයේ කේන්ද්‍රීය තත්වයක් (සත්‍යයක්) හැටියට ලිංගිකත්වය භාර ගත්ත නිසයි ෆුකෝ අපි කවුද කියලා හොයා ගන්න ලිංගිකත්වය විෂය කර ගත්තේ. ආසියාවේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙනවා අපි කව්ද කියලා හෙවීමේ. ඒ වුනත් එතැන ලිංගිකත්වය යතුරක් නොවෙයි’ (ඉහත පිටුව 103).
මීට අමරතව රොහාන් පෙරේරා
විසින් නිරීක්ෂණය කරන දෙයක් තමයි ෆුකෝ ගේ ප්‍රවේශය තනිකරම බටහිර වාදියි කියන
එක. ‘අනික ජීවිතය ගැන කතා කරන්න තෘප්තිය
භාවිතා කළ ගමන් ආයෙමත් එතැන යතුර ලිංගිකත්වයම යි. සංසර්ගයෙන් දේවල් හොයන බයිබල් සම්ප්‍රදාය මතක් වෙනවා’ (105). මෙම අර්ථයෙන් ගත්තහම රොහාන් පෙරේරා ‘බටහිර
ආශාව’ කියන එක පෙරදිග අර්ථයෙන් ප්‍රථම වරට විසංයෝජනය කරනවා. ඒ අර්ථයෙන්ම සුරතාන්තය කියන එක පෙරදිගකරණය
කරනවා බටහිර විනිවිදීම වෙනුවට. සංසර්ග කේන්ද්‍රීය බටහිර පුරුෂ බව මතු නොව
පෙරදිග කාම සුත්‍රය පවා සුත්තර පුංචා තත්වයට විවේචනය කරනවා. නමුත් ජිජැක්ට අනුව (ලැකාන් හා ෆ්‍රොයිඩ් පදනම්
කර ගනිමින්) ‘විනිවිදිම’ ප්‍රතික්ෂේප කිරීම තුලින් ආශාවට ඇඳ වැටීම සහ ක්ෂිතිය මුණ
ගැසීම මඟ හැරිමක් සනිටුහන් වෙනව. ගැහැණිය
නම් ‘කළු කුහරය ට’ ඇතුල්විම ප්‍රතික්ෂේප කිරීම මඟින් එම විනිවිදිමෙන් පසු ඇතිවන
‘හිස්බව’ වෙතින් අප පලායෑමක් මෙහිදී නිශ්චය වෙනව. ‘ආශාව’ ව්‍යුහගත වන්නේ ම මෙම හිස් කලු කුහරය වටා (ජිජැක් 1994: පිටුව
96). අප ආශා කරන්නේ මෙම ආශා කළු කුහරය හරහා යන්න. එම ක්ෂිතිය තරණය කරන්න. මෙය ෆ්‍රොයිඩියානු බටහිර අභිනයක් බව සත්‍යයක්. අප මෙම ආශාව තරණය කිරීම මග හැරියොත් මොකද වෙන්නේ? යම් නිශ්චිත භෞතික ආශාවක් තෘප්තිමත්
කර ගැනීම වෙනුවෙන් වු ලිබිඩෝ ශක්තිය ආශාව හා සම්බන්දයක් නැති ‘වස්තුවක්’ වෙත ප්‍රක්ෂේපණය කිරීමට අපට (පිරිමියාට) සිදු වෙනව. (හින්දි චිත්‍රපටවල වගේ හැමදාම ගස් වටේ කැරකි කැරකි නටන්න වෙන්නේ මේ
නිසා). රොහාන්ගේ පෙරදිග විචාරයේ
තියෙන මෙම බටහිර-ආශා ප්‍රතිවිරෝධතාව (පිරිමි අර්ථයෙන්) විසඳා ගත්තොත් එය විප්ලවීයකරණය කළ
හැකියි. නැත්නම් බිහිවන්නේ ආශාව විනිවිදය
නොහැකි සින්තෝමයක්. රොහාන් කියන්නේ මෙම ලිංගික ඇසින් ආශා වස්තුව දෙස නොබලන අනේකත්වයක් ගැන. ආශාව ඉවත් කරපු අනේකත්වයක් ගැන. පෙරදිග අර්ථයෙන් එයට ලොකු ශක්තියක් තියෙනව. මක්නිසාද පෙරදිග ලෝකයේ වගේම බටහිර ලෝකයේත් උත්තරීතර මිනිසුන් බිහිවෙලා තියෙන්නේ 'ආශාව' ඇතුලේ නෙවෙයි 'වේදනාව' ඇතුලේ (මේ ප්‍රවාදය රොහාන් එතරම් ඉස්මතු කරන්නේ නෑ). ගාන්ධි, මැන්ඩෙලා, බුදුන් වහන්සේ, ජෛන මහාවීර, යේසුස් වහන්සේ... තව ඕනෙතරම් උදාහරණ තියෙනවා. උත්තරීතර මනුෂ්‍යත්වයකට,
මෙම ආශාව හඹා යාමේ ලිබිඩෝ ශක්තිය ‘උත්කෘෂ්ඨ යමක්’ (Sublime Object) වෙනුවෙන් වැය කල
හැකිනම් එය වඩාත් වැදගත් විය හැකි නොවේ ද?
පෙරේරා, රොහාන්. (1995). ස්ත්‍රී පාරභෞතිකවාදය. (ප්‍රවාද 1995: ජුනි කලාපය). සමාජ විද්‍යාඥයින්ගේ සංගමය. Zizek, S. (1994). The Metastases of Enjoyment. Six Essays on Woman and Causality. London. Verso.
පසුව ලියමි: ආසියාතික ගැහැණිය විශේෂයෙන් ලාංකික බෞද්ධ ගැහැණිය විප්ලවීය නොකළ නිසා රෝහණ විජේවීර සහෝදරයා ට චිත්‍රාංගනී නම් තම බිරිද ගෙන් ලැබුනේ අනුමෙවෙනි පමණකි. දෝෂාරෝපණ පමණි. මැන්ඩෙලා හෝ ගාන්ධි සම්බන්දයෙන් ඔවුන්ගේ ස්ත්‍රීන් එසේ අනුමෙවෙනි කියනු අපට ඇසී නැත. එසේනම් ලංකික ගැහැණිය පිළිබද දාර්ශනික පරමාණුව රොහාන් පෙරේරා විසින් 88-89 සංහාරයෙන් පසුව සොයාගෙන තිබියදී X කණ්ඩායම ට වරදින්නේ ඇයි? ඒ බුද්ධිමය කුසීත කම නිසාද? නැත්නම් නොසැලකිල්ල නිසාද? නැත්නම් නරුමවාදය නිසාද? මේ එකක් හෝ සියල්ලම නිසා එසේ සිදු නොවන්නට ජ. වි. පෙ. 'විප්ලවීය උරුමය' X කණ්ඩායම විසින් ප්‍රතිජිවනය කිරීම රොහාන් හරහා සිදුවීමට ඉඩ තිබුණි. එවිට එය අප සැමගේම උරුමය යි.
No comments:
Post a Comment