අප මවට මුලින්ම භාෂාව හරහා සම්බන්ද වන්නේ අයගේ කටහඬ ඔස්සේය. එය අපගේ මුල්ම මෙලන්කොලික අත්දැකීමයි. එම උණුසුමේ අත්දැකීමට ලොල් වීම යනු මවගෙන් කැඩී සංස්කෘතියට ඇද වැටීමට දක්වන විරෝධයයි. ජාතියක් ලෙස අප ඒ දරු නැලවිල්ලට සහ එම හඬට තවත් ආශා කෙරේනම් අප තවදුරටත් කප්පාදු විරෝධී මෙලන්කොලික ජාතියකි ... ප්‍රකෘතිය බෙදා ගෙන බෙදා ගෙන ගියවිට අවසානයට නොබෙදිය හැකි යමක් ප්‍රාථමික සමාජයකට ශේෂ වේ. ඒ උත්කෘෂ්ට දෙය නම් ෆැල්ලසයයි. අප දැන් නටන්නේ ඒ වටා ගිනිමැලයක් ගසා පැල් කවි කියමින්ය. රැහේ නායකයා අප්පච්චී සතුටින් අප නටන අයුරු බලා සිටී. කප්පාදුවට අකමැති ස්ත්‍රී අභිනයක් සමස්ථ ක්‍රියාව පුරාම දක්නට ඇත. හේතුවේ ආගමනයට ඔවුන් විරුද්ධ ඒ නිසාය. ඒ වෙනුවට දිගටම දරු නැළවිල්ල තුළ නිමග්න වීමට ආශා කරමු (මිට ටික කලකට පෙර ජනප්‍රිය වූ 'අම්මා' නම් බණ කැසට් එකේ ගායනා ශෛලිය සිහිපත් කරන්න. පොඩ්ඩක් බිව්ව ගමන් සිංහල සමාජයේ අය මුමුනන්න ගන්නේ කපුගේ 'උලලේනෝ', 'දම් පාටින් ලා සඳ' වගේ දුක මිශ්‍රවූ ගීත).
එම නැළවිලි හඬට තව තවත් අප සවන් දීමට කැමති වේ නම් අපට කවදා 'නුතන' විය හැකිද?
බටහිර ආත්මය එම මවගේ හඬින් ඛණ්ඩනය වෙයි. ඒ වෙනුවට නාගරික 'අතෘප්තියේ හඬ' තුල ම ඉදිරියට යයි.
No comments:
Post a Comment