අන්තිමට මත්පැන් සහ ස්ත්‍රී නිදහස කතිකාව හරහාම ස්වර්ණා මල්ලවාරච්චි පවා අධිකරණයට යාමට පෙළඹී ඇත. ධනවාදයේ සිමාව තුලම ඔවුන්ට අන් කවරදාවත් නොතිබූ කථිකා අවකාශයක් විවර වී ඇත.. බොහෝ විට ධනවාදය පවත්නා සම්ප්‍රදායික සිමාවන් සමග අනුගත වන අතර (චීනය ඉන්දියාව) සම්ප්‍රදායික අගතීන් වෙනස් කරනවා වෙනුවට ඒවා තව තවත් ශක්තිමත් කරයි. මෛත්‍රිපාල මහතා විසින් සිදුවන්නේ මෙයයි. නමුත් සත්‍යය නිදහස යනු Leaving Las Vegas (1995) චිත්‍රපටයේ මෙන් මත්පැන් බි මිය යාම නම් එය නිදහසක් ලෙස ගත හැකිද? එම චිත්‍රපටයේ සිදුවන්නේ නාගරික විගලිතභාවයෙන් මිදීම සඳහා මත්පැන් පානය කිරීමයි. එය ඩොලර්ස් ඕ රියෝඩන් (Dolores O Riordan) ගේ පැවැත්මේ ප්‍රශ්නයට සමානය. ඔවුන් ධනවාදයේ ශුන්‍යතාවයට මුහුණ දෙන්නේ මත්පැන් සහ මත් ද්‍රව්‍ය හරහාය (කාවින්ධ්‍යා මත්පැන් විකුන්නනේ ඔවුන්ටය). මෙම විගලිත බව තුල අපත් එසේ විය යුතුද? නැත්නම් විගලිතභාවයට මුහුණ දීම සඳහා නිර්මාණශීලි අවකාශයක් (alternative spatiality)සකස් කර ගැනීමද? ඉගෙනීමට යන තරුණයෙකුට හෝ තරුණියකට මත්පැන් විකුණනවා වෙනුවට අධ්‍යාපනය නිර්මාණශීලි කර ගැනීමට අවස්ථාවක් අතිරික්ත ප්‍රාග්ධනය ඔස්සේ දීම නුතන ශිෂ්ටාචාරයේ වගකීම නොවේද? පවත්නා අසමානතාවය තුල එතැනදී අවශ්‍ය වන්නේ නව පිතෘත්වයක් නොවේද?
උසස් අධ්‍යාපන අවස්ථාව තුල ම සේවා ආර්ථිකයට එකතු වෙලා කියක් හරි හොයාගන්නවා කියන එකෙන් මතුවන කාරණය නම් ධනවාදයේ අසමානතාවය පිළිබද ප්‍රස්තුතයයි. වැඩ කරන එක නරක දෙයක් නෙවෙයි නමුත් අප වැනි රටවල ශ්‍රමය තවදුරටත් සූරා කනවා හැරෙන්නට කේන්ද්‍රයේ ධනවාදයට පුළුවන් වෙලා තියෙනවද ඊට වඩා හොද අවකාශයක් කාවින්ද්‍යා ට දෙන්න. එක් වරක් යටත් විජිත සූරා කෑම, ආයිත් ගෝලීය අධ්‍යාපන සූරා කෑම. කවද්ද මේක නතර වෙන්නේ? අරක්කු විකිණීම 'රැඩිකල්කරණය' කිරීම දක්වා මෙය පහලට වැටිලා. එයින් කියන්නේ මිලදී ගැනීමේ හෝ පානය කිරීමේ හෝ ඒ තැන්වල සේවය කිරීමේ සමානාත්ම බව නැතිකරන්න ඕනි කියන එක නෙවෙයි. අපි කියන්නේ මෙම සමාන බව ව්‍යාජයක් කියන එක. අපි එකතු වෙන්න ඕනි එතනට.
අරක්කු විකුණන ස්ත්‍රිය අර්චනකරණය කරනවා විතරක් නෙවේ. එය නුතන 'නිදහසේ' රූපකයක් ලෙස පිළිගැනීමටත් ඔවුන් අපට බල කරනවා. නිදහස කියන්නේ 'වෙළඳපල නිදහස' නෙවේ කියලයි අපිට කාවින්ද්‍යා ට කියන්න වෙන්නේ. එය වහල් භාවයක්. නො නිදහසක් .... කාවින්ද්‍යාගේ මුලින්ම බි බි සී (BBC) එකේ ගිය චායරූපය ලක්ෂණ මිමන්සාවට ලක්කරපුවාම (semiotics) පෙනෙන 'නිදහස් ස්ත්‍රිය' ධනවාදයේ වසඟයක් පමණයි (seduction). හරි විදියට නම් උසස් අධ්‍යාපනයේ ඉන්න ඇය අතිරික්ත කාලය තුල පර්යේෂණ පත්‍රිකාවක් හරි නිර්ක්ෂණයක් හරි කරමින් සිටියානම් තම අධ්‍යනයට සමපාතව කොච්චර හොද ද ? නිකම් බලන්න ඔවුන්ගේ අයෙක් වෙච්ච ස්ටීවන් හෝකින්ස් ගේ උසස් අධ්‍යාපන අවධිය The Theory of Everything (2014) කියන චිත්‍රපටයේ විදහා දක්වන ආකාරය . එයා කොහෙවත් වැඩකරන්නේ නැහැ කීයක් හරි හොයාගන්න.. නමුත් අපේ රටවල්වල සහ එම රටේම පහල පන්තික කොටස් වලට එහෙම කරන්න වෙලා තියෙනවා..ඒ කියන්නේ ධනවාදයට බැහැ සත්‍ය පරස්පරතා මකා දමන්න . සම්ප්‍රදායික සිමා වලම එයත් හිරවෙනවා සහ එම හිරවීම ඇතුලෙම බඩු විකුණනවා අර සිමා ස්වභාවික කරමින් .. එක තමයි සත්‍ය ය. උඩරට බොදු ගොවි ආත්මය තුලම හිරවෙලා අපිට මුල් ඇදුම් විකුණන්න තරම් ධනවාදය වේශ නිරුපනය කරනවා. මෙතැනදී මාක්ස් කිව්ව සියලු ද්‍රව්‍යමය දේ වාෂ්ප කරනවා වෙනුවට ඒවා තවත් ශක්තිමත් කරනවා පසු නුතන ධනවාදය . ඒ නිසයි විසි එක්වන සියවසේ අරගලය වෙනස් වන්නේ. ධනවාදයත් මාක්ස්වාදයත් දෙකම වෙනස් කරන්න වෙනවා අරගලය තුල....
ඩොලර්ස් ඔබ මියගොස් ඇත... තවත් අය එම මියයාමේ නිදහස ඉල්ලා පෝලිම් වල ඇත (සමානව මියැදීමේ නිදහස). සමහරු එම නිදහස ඉල්ලා නඩු මගට බැස ඇත. සම්ප්‍රදායික පියා ඔවුන් විසින් අභියෝගයට ලක් කර ඇත. ධනවාදයේ මරණය අබියස මා සිතන හැටියට තවමත් සම්ප්‍රදායික පියාගේ භූමිකාව අදාලය (මෙය පරස්පර ප්‍රකාශයක් විය හැක). මෙම මරණිය යුගයේ ගැහැණියක් ලෙස මවක් ලෙස එම 'සමානාත්ම නිදහස' ස්ත්‍රිය විසින් ම ප්‍රතික්ෂේප කර 'නො-නිදහස' ඒ වෙනුවට ඉල්ලීම වඩාත් රැඩිකල් නොවිය හැකිද? එම 'නො-නිදහස' වඩාත් පරමාදර්ශී නිදහසක් නොවිය හැකිද (un-freedom as true freedom)? දිනපතා මියයන නිල් චිත්‍රපට නිලියන්, සදාචාරය, මියගිය පියා, ධනවාදය, ආදරය සහ නිදහස පිළිබද අප සංවාද කරමු. කාවින්ධ්‍යා එන්න මල් පිපීදැයි බලන්න....!
No comments:
Post a Comment