Wednesday, August 3, 2016

පාද යාත්‍රාවේ විපරිත බව ...



සිරා එපා කීවට අපි ආවා කොළඹට ...රනිල එපා කීවට අපි යනවා කොළඹට...

'පාද යාත්‍රාව' ගැන හුගක් අය කතාකරනවා. පොඩි ළමයෙක් ගැන තමා හුගක්ම කියවෙන්නේ. ඒ ළමය ජනාදිපතිට අපහාස කළා කියනවා. නමුත් ඒ ළමයා කරේ තියාගෙන ගියේ නාමල් රාජපක්ෂ. එයා ගැන කතාවෙන්නේ නටන්න පිළිවන් කෙනෙක් හැටියට. මෛත්‍රී ගේ අය බයයි කතා කරන්න. පක්ෂෙ කැඩෙයි කියල. දැන් ඔය අටමගුල කැඩිලා ඉවරයි තවත් හොයනවා කන්‍යා බාවය මේ පිස්සෝ රැල. නමුත් මුළු පාද යාත්‍රාව ම පදනම් වුනේ 'ප්‍රමෝදය' මත (කියවන්න දීප්ති සංස්කරණය කළ 'විනෝදය' පොත. දීප්ති ල ඒවා මහන්සියයෙන්  කරලා තිබ්බ හින්ද දැන් අපිට ලොකුවට කියන්න පුළුවන් කියවපල්ලා කියල). ඒ අනුව ඔක්කොමල පොඩි ළමයි, පියාගේ තහනම අහිමි වෙච්ච. විපරිත පියා (pervert father) හැටියට මහින්ද රාජපක්ෂ බලාගෙන ඉන්නවා අනික් අය උල්ලංගනය කරනකල්. නියමයි .. ආයුබෝ ආවඩා !



මහින්ද නම් අවතාරයේ පුනරාගමනය සනිටුහන් කළ පාද යාත්‍රාව දවසෙම වගේ මේ බ්ලොග් එකත් පටන් ගත්තා. මොකද අදහස් දැක්වීම අවශ්‍ය කරලා තියෙනවා වගේ පේනවා.  මහා අනෙකා නැති අවකාශයක 'විනෝදයේ පාද යාත්‍රාව' (the march of jouissance) කියල තමා ඒකට කියන්න වෙන්නේ. ඉස්සරහට ගොඩක් වැඩ තියෙනවා කරන්න. ජිජැක් කියනවා වගේ මෙම සීමා රහිත විනෝදය නිසා මේ බ්ලොග් එකට නම තිබ්බා සින්තෝමය කියල. එහි අර්ථය රෝග ලක්ෂණය කියන එක නොවෙයි. රෝග ලක්ෂණය සහ ෆැන්ටසිය අතර සංස්ලේෂණය ට කියන ලැකානියානු නමයි -synthesis between symptom and fantasy. බලන්න,  The Sublime Object of Ideology (1989) කියන ජිජැක් ගේ පොතේ 81 පිටුව... හොඳයි නේද? (රෝගය තමයි අප පශ්චාත් යටත් විජිත අසමත් රාජ්‍යක් යන්න. රෝග ලක්ෂණය තමයි තරුණ කැරළි දෙකක් සහ උතුරේ යුද්ධය. මහින්ද අපගේ අත්තනෝමතික ෆැන්ටසිය. මම කියන්න හදන්නේ මේ දෙක අතර තියෙන විෂම සංස්ලේෂණය).  
...හරියටම කිවොත් ආසියාතික සින්තෝමය (Asiatic sinthome). 







No comments:

Post a Comment