Friday, August 5, 2016

සාක්කු පුරවන දේශපාලනය...

සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේ හැම කතාවකම තියෙන පොදු යෙදුමක් තමයි 'සාක්කු පුරවනවා 'කියන එක.  ඒ කියන්නේ භෞතික දේවලින් පුරවනවා කියන එක. රනිල් වෙළදාම ගැන ඔච්චර අදිනිශ්චය කරගෙන ඉන්නෙත් එකයි (බලන්න ත්‍රිමාණ පුවත් සඟරාවේ ළිපිය. සබැදියට යන්න). ඒ උනාට මිනිස්සු සාක්කු ගැන විතරක් බැලුවනම් අද රනිල් සහ මෛත්‍රී දෙදෙනාම ඔය පුටුවල නැහැ. උතුරේ මිනිස්සු කොච්චර පාරවල් බෝක්කු හදල තිබුනත් ඒවා බැලුවේ නැහැ. දකුණේ උනත් කොච්චර අධිවේගී මාර්ග හදනවා කිව්වත් මිනිස්සු ඒක දිහා බලල ම වැඩ කළේ නැහැ. අනික අපි වගේ රටවල් වල ආත්මය (spirit) තනිකරම භෞතික දේවල් වලින් පුබුදුවන්නත් බැහැ. රනිල් (මෙන්ම මෛත්‍රී) වෙනුවෙන් පෙනී සිටපු හුගක් අය පසුගිය කාලේ එයාව සාධාරණිකරණය කලේ තනිකරම ද්‍රව්‍යවාදී (materialist) අර්ථකයකින් නෙවෙයි. යුක්තිය, සාධාරණය, නීතිය, සමානත්මතාවය, දුෂණය පිටුදැකීම වගේ අධ්‍යාත්මික කලාපයක් ඔස්සේ. අනෙක් අතට බලන්න අදටත් මහින්ද සාක්කු පුරවන කතා නෙවෙයි කියන්නේ 'රට' 'ජාතිය' වගේ පාර -භෞතික කතා. ඒ කියන්නේ භෞතිකය ඉක්මවා යන දේවල් ...මම හිතන්නේ දේශපාලනය තියෙන්නේ ඒ වගේ පාර-අනුභූතික කලාපයක. 



මේ වෙලාවේ මෙහෙම කියන්න හේතුවක් අපට තියෙනවා. ආසියාතික අරුතකින් අපි බලමු මහත්මා ගාන්ධි කියන චරිතය ...අධිරාජ්‍යවාදීන්ගේ ඉන්දියාව ඔහුගේ අහිංසා වියාපාරය විසින් සම්පුර්ණයෙන්ම  අකර්මන්‍ය කළා එක මොහොතක අපි තුළ තිබුණ අල්පේච්ච බව පාදක කරගෙන. ඉතින් ජිජැක් කියනවා ගාන්ධි හිට්ලර්ටත් වඩා ප්‍රචණ්ඩයි කියල. ඒ කියන්නේ මේ තියන පරිබෝජන ආකෘතිය ට යම් අභියෝගයක් දෙනවා නම් අප තුළ ම තියන එක් 'නිරෝගී' අනන්‍යතාවයක් නැත්නම් 'අන්තර්ගතයක්' (healthy content) විප්ලවීයකරණය කළ හැකියි ජිජැක් පෙන්වා දෙන විදියට. ක රනිල් කියන භෞතික තත්වය ඉකමවවා යන එකක්. නමුත් රනිල් ගෙනෙන්න හදන වෙළඳපල මේ වෙලාවේ යහපත් කියල කියන්න පුළුවන්.  ඒ උනාට දීර්ග කාලීනව සාර්වත්‍රික අර්ථයකින් ප්‍රමාණවත් නැහැ. මොකද නව ගෝලීය අධිරාජ්‍යවාදය අප ඉදිරියේ තිබෙන සතුරෙක් නිසා. ඒක පරිකල්පනීය සතුරෙක් නෙවෙයි. 



  

No comments:

Post a Comment