Thursday, December 29, 2016

යහපාලනය: ඇත්තටම සිදුවන්නේ කුමක්ද?

හපාලන ආණ්ඩුව පත්කිරීමට උරදුන් බොහෝ අයට බොහෝ බලාපොරොත්තු තිබුණි. ඒ බලාපොරොත්තු බොහෝ සෙයින් ආත්මාර්ථකාමී ඒවා නොවිය. බහුතරයක් බලාපොරොත්තු වුයේ යහපත් හෙට දවසකි. කුඩා පිරිසක් සාක්කු පුරවා ගැනීමට තැත් කලත් බහුතර පිරිසකගේ බලාපොරොත්තු යහපත් ඒවා විය. මහින්ද රාජපක්ෂ බලයට පැමිණියේ නරක (ආත්මාර්ථකාමී) බලාපොරොත්තු ඇතිවය. බලයට පැමිණි පසු ඔහු ඒවා ක්‍රියාවේ යෙදවිය. නමුත් යහපාලනවාදීන් පැමිණියේ හොද දේ කිරීම සඳහාය. නමුත් සිදුවුවේ ආපතික ලෙස ප්‍රතිවිරුද්ධ දෙයකි.  එසේ වන්නේ ඇයි යන්නට ඇති න්‍යායික පිළිතුර කවරේද? මෙම ගැටලුවට පිළිතුරු නැතිව කුමන දෙයක් කලත් පලක් වේද? සත්‍ය ම ගැටලුව නම් 'නරක අය පැමිණ නරක දේ කිරීම නොව හොඳ අය පැමිණ නරක දේ කිරීමය'. විසිවන සියවසේ සමාජවාදයට සිදුවුවේ මෙයයි.... 




No comments:

Post a Comment