මේ සිංහල අපගේ රටයි (II කොටස)
අපි මචං නම් කණ්ඩායමක් විසින් නවීකරණය කර ඇති 'මල් සුගන්දේ දම් සුගන්දේ' ගීතය විමසා බැලීම වෙනුවෙන් ලියවෙන මෙම සටහන 'දම් සුගන්දේ මල් සුගන්දේ..' යනුවෙන් මුලින් මා විසින් නම් කර තිබුණත් අද දවසේ ලංකාවේ ථෙරවාද බුද්ධාගම ගමන් කරන්න තතනන දිශාව දෙස බලපුව ම 'මල් සුගන්ධය', 'සිල් සුගන්ධය' හරහා 'ලේ සුගන්ධය' ට ඉව කිරීම... යනුවෙන් වුව ද මෙම ලිපියේ මාතෘකාව අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන්. 'මල් සුවඳ' සහ 'සිල් සුවඳ' කැටි කරගත් සංකේතනය තුළින් අද බුද්ධාගම ගමන් කරන්න පටන් ගෙන තියෙන්නේ කාටත් ක්ෂිතියක් වන මරණීය යථාවක් දිශාවට. එයින් අදහස් කරන්නේ අවිහිංසාවාදී බුදුදහම අද වනවිට කොතරම් දේශපාලනික වී ඇත්ද, කොතරම් අනේකත්වය බල්ලාට විසිකර දමා ඇත්ද යන්න පෙනෙන්නේ එය හිට්ලර් කෙනෙක් වී හරි මේ රට හදන්න යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ට අනුශාසනා කරපු වෙඬරුවේ උපාලි හාමුදුරුවෝ විසින් කරපු ප්‍රකාශය දැක්කම. හිට්ලර් කියන්නේ තමාගේ රටේම හිටපු වාර්ගික අනෙකා වන යුදෙව්වන් සමුළ ඝාතනය කරපු කෙනෙක්. ශිෂ්ට සමාජය විසින් එම ක්‍රියාව සහමුලින් හෙළා දකිනවා විතරක් නෙවෙයි ශිෂ්ට (ලිබරල්) කතිකාව හරහාම එවැන්නෙක් බිහිවුනේ කොහොමද කියන එක ගැන දැන් සියවස් බාගයක් පමණ තිස්සේ ඉඳල විශාල දේශපාලන සාහිත්‍යක් බටහිර විසින් නිර්මාණය කරලා තියෙනවා. හිට්ලර් කියන්නේ බටහිරට ම ක්ෂිතියක්. ආපතික ප්‍රපංචයක්. සමහර විට මිහිඳු හිමියන් එන්න කලින් යක්ෂයෝ වන්දනා කරපු අපිට හිට්ලර් කියන්නේ මහා ලොකු දෙයක් නොවෙන්නත් බැරි නැහැ. අපිට පෙනෙන හැටියට නම් මේ 'යක්ෂයාගේ භුමිය' (Devil's Ground) තුළ සැබෑ බුද්ධාගම වුනත් අසරණ වෙන්න ඇති. ෂෙලින් කියන ආරම්භයට පෙර දෙය විසින් (before the beginning) ඇතැම් විට බුද්ධාගමේ අන්තර්ගතය පවා තමන්ට වුවමනා ලෙස වෙනස් කරගන්න ඇති (ගස් වන්දනා කරපු අයට බෝ ගස, ගල් වන්දනා කරපු අයට දාගැබ, ප්‍රතිරූප වන්දනා කල අයට බුද්ධ ප්‍රතිමාව හමු වුනාට අධ්‍යාත්මික බුදු දහම හමු වුනාද යන්න ගැටළුවක්). ඒ නො-හමුවීම නිසා මොන බුද්ධාගම ආමිස පුජා වශයෙන් මතුපිට තිබුනත් නියම වෙලාවට යක්ෂයා බුදු දහමත් ඉරාගෙන භූමියෙන් ඉස්මතු වෙනවා... ඉතිං 'අපි මචං' ලා සුදු ඇඳුම් ඇඳගෙන නටබුන් අතර ඇවිද්දට මොකද සුදු ඇඳුමට යටින් ඕනි වෙලාවක මිහිඳු හිමියන් විසින් 'යටපත් කළ' යක්ෂයා ඉස්මතු වෙනවා ෆ්‍රොයිඩ් ට අනුව (සත්‍යය යනු යටපත් කල දෙයයි = repressed is the truth!). ෆ්‍රොයිඩ් ට අනුව න්‍යායගත කලොත් "ලාංකික බුදු දහම යනු මිහිඳු නොවන දෙය යි"(යටපත් කල යක්ෂයා ගේ අන්තර්ගතය). යටපත් කළ යක්ෂයා යනු යථාවේ පුනරාගමන යයි. වෙඬරුවේ උපාලි යනු සැබෑ භුමියේ ආමන්ත්‍රණ යයි (repressed truth of the land) කියන්න වෙන්නේ මේ නිසයි.
ඉතින් මේ භුමිය වෙනස් කරන්න හදන තරුණ විප්ලවවාදීන්ට අපිට කියන්න තියෙන්නේ මේකයි. 'කමක් නැහැ අපි උත්සාහ ගම්මු යම් වෙනසක් කරන්න. නමුත් මේ අපි හැපෙන්න හදන්නේ යක්ෂයාගේ භුමිය එක්ක'. ඒක අමතක කරන්න එපා. එහෙම භූමියක මිනිස් ජිවිත වලට වැඩිය වටිනාකමක් නැහැ. මොකද හැමෝම හදන්නේ බුදු දහමට කලින් තිබුණ යක්ෂයාගේ ලෝකය නැවත මතු කර ගන්න (බොදු බල සේනා, රාවණා කල්ලි වගේ ඒවා මේ සඳහා උදාහරණ). බුදුන් වදාළ ධර්මයෙන් කාටවත් වැඩක් නැහැ. හැමෝටම ඕනි 'බුද්ධ වචනයට පෙර' පැවති යක්ෂ යථාව වෙත යන්න. ඒ නිසා බුද්ධ වචනය සමග ගැලපෙන කාන්ටියානු සදාචාරය කොච්චර කතා කලත් මේ භුමියේ වැඩක් නැහැ. නමුත් කාන්ට් ගේ දර්ශනය සහ බුද්ධ වචනය ජපානය තුළ පැල වුණා. ඒක නිසා තමයි විශිෂ්ට රචකයෙක් වන කවබත යසුනරි වගේ විශ්වීය අවධානය දිනා ගත්ත ලේඛක යකුට ඉස්මතු වෙන්න පුළුවන් වුණේ ජපන් භූමියෙන්. අපරදිග දර්ශනය මුණ ගැසීම වෙනුවෙන් පෙරදිග දර්ශනය සහ මහායාන බුද්ධාගම නුතනත්වය තුල නැවත ස්ථාපිත කරන්නේ ජපානයේ වැදගත්ම චින්තන ගුරු කුලයක් වන කියෝතෝ චින්තන ගුරුකුලය විසින් Kyoto School of Thoughts (කියවන්න). ඔවුන්ගේ ඥාණ විභාග උත්සාහය උනේ සම්ප්‍රදායික චින්තනය නුතන බටහිර සංකල්ප තේරුම් ගැනීම සහ තම රටට ගලපාගැනීම වෙනුවෙන් ඇති ශක්‍යතාවය අධ්‍යනය කිරීම. බටහිර වචන සහ 'බටහිර සබුද්ධික සංකල්පීය වෙස්මුහුණක්' (Western rational mask) තම දේශීය චින්තනයට දමනවා වෙනුවට ඔවුන් කලේ තමන්ගේ ම වූ 'අපුරු චින්තනයක්' (original thoughts) බිහි කරපු එක. නමුත් ඔවුන් බිහි කල දර්ශනය වනාහී එකහෙලාම පෙරදිග මීට පෙර පැවති දෙයද නොවෙයි (their philosophies are far too original to be straightforwardly equated with preexisting Eastern thoughts). තම රටේ ඓතිහාසික ස්ථර මත පැටවුණු තවත් එක් ස්තරයක් ලෙස බටහිර චින්තනය තේරුම් ගැනීම ඔවුන්ගේ උත්සාහය උණා. එහෙම නැතුව බටහිර ප්‍රතික්ෂේප කිරීම හෝ අතීතය වර්ණනා කිරීම ඔවුන් කළේ නැහැ (ලාංකික අප ඉන්නේ මේ අන්ත දෙකේ නිසයි අපිට එකපාරටම විශ්වීය සදාචාර සිමාවන් අමතක වෙලා හිට්ලර් ගැන සිහින දකින්න වෙන්නේ).
සාන්දෘස්ටික තැනක තිබ්බොත් කියෝතෝ ගුරුකුල චින්තනයේ කේන්ද්‍රය වුනේ 'පරම ශුන්‍යතාවය' (absolute nothingness) ගවේෂණය කිරීම. "විෂය මුලික බවත් වාස්තවික බවත් අනුභූති උත්තරව බැඳ තබන හුය වනාහි ශුන්‍ය බව" හැටියටයි නිශිදා කිතරෝ (Nishida Kitaro) ගේ අදහස මෙම පාසැලේ ඉගැන්වෙන්නේ. එවිට සිදුවන්නේ බටහිර ද්‍රව්‍යයේ තර්කය (logic of things) වෙනුවට ශුන්‍ය බවේ තර්කය (logic of (no)thingness) ඉස්මතු වීම (සහ මේ දෙක සම්බන්ද වීම). ඉතින් D.T. Suzuki වගේ කෙනෙක් බටහිර ට යන්නේ මේ පසුබිමින්. බටහිරට බාහිර ලෝකයේ ද්‍රව්‍ය (substance) තේරුම් ගැනීම සාරාර්ථ වේදය (ontology = study of the nature of being) වනවිට (ඇරිස්ටෝටල්) නිෂිදා උත්සාහ කලේ නොපැවැත්මේ සාරාර්ථය (meontology = study of what does not exist) ගවේෂණය කිරීම. මේ අනුව පෙරදිග ශුන්‍යතාවය සහ බුදුන්ගේ ධර්මය ඉතාම පැහැදිළි ලෙස බටහිර දර්ශනය සහ මහාද්වීපික දර්ශනය සමග සම්බන්ද කල පළමු වැන්නා බවට පත්වන්නේ නිෂිදා (Nishida was the first to thoroughly expand the Eastern notion of nothingness in the Continental paradigm and is thus responsible for bringing to the West a clearer understanding of the Buddhist notion of non-being). පැවැත්මේ නැත්නම් පදාර්ථයේ (substance) උත්කෘෂ්ට ම තත්වය ලෙස බටහිර විසින් දෙවියන් කරා ගමන් කරන විට නිෂිදා ගේ ගුරු කුලය ඇසු පැනය නම් 'ශුන්‍යතාවය යනු කුමක්ද' යන ගැටළුවයි. එවිට දෙවියන් සම්බන්ද සාරාර්ථවේදය onto-theology යනුවෙන් හෛඩගර් තේරුම් ගන්නා විට එය නිෂිදා තේරුම් ගත්තේ me-ontology නැත්නම් නොපැවැත්මේ වේදය ලෙසය. ශුන්‍යතාවය (ශුන්‍යත්) හරහා ලෝකය තේරුම් ගන්නා නිෂිදා කිතරෝ තම ජපාන පුනරුද ආලෝකය (Japanese Enlightenment) ලෙස අර්ථකතනය කරන්නේ 'පුර්ණ ශුද්ධ අත්දැකීමකි' (pure experience). පංචේන්ද්‍රිය අනුභූතිය (sensory perception) ඉක්මවා යන අත්දැකීමක් විස්තර කරන ඔහු කියන්නේ මලක ලස්සන දැකීමට පෙර ම අප තුල ඇති ලස්සන පිළිබද අදහස අත්දැකීම ඉක්මවා යන්නක් බවයි. එනයින් එය ශුද්ධ අත්දැකීමකි. An Inquiry into the Good (1905) නම් ඔහුගේ දෙවැනි කෘතිය හරහා මෙම ශුන්‍ය සහ ශුද්ධ අත්දැකීම ජර්මානු දර්ශනය සමග බටහිරට සම්බන්ද කරන කිතරෝ එහි මුලයන් හෛඩගර්, ෂොපන්හවර් සහ ඉතා වැදගත් ලෙස එමානුවෙල් කාන්ට ට සම්බන්ද කරයි.
මේ අනුව ශුද්ධ අත්දැකීම අපගේ අහං භාවයේ (පුද්ගලික) අවබෝධය සමග සම්බන්ද නොවෙයි. අනුභුතියට පෙරම අනුභූති (උත්තර) ඥානයක් මිනිසාට ඇති බැවින් ඔහු කියන්නේ 'දකින්නෙක් නැතිව දැකිය හැකි බවත්, අසන්නෙක් නැතිව ඇසිය හැකි බවත්ය' (seeing without a seer, hearing without a hearer). මේ අනුව 'දකින්නා' නම් විෂය මුලික ආත්මය කිතරෝ විසින් ශුන්‍ය කරනු ලබයි. ඒ අනුව මිනිසා තුලම සැඟවුන විශ්වීය ප්‍රපංචයීය අත්දැකීමක් ඔස්සේ ලෝකය තේරුම් ගත හැකි බව කිතරෝ කියයි. ශුන්‍යතාවය නම් මනස් කැඩපතේ වැදී පරාවර්තනය වන සියල්ල ම ශුන්‍ය දේ බවට ම පත්වන බව සදහන් කරන කිතරෝ එයින් මිනිසාට ලබා ගත හැකි එකම ස්වයං-අවබෝදය (self-awareness) බවට පත් කරන්නේ ශුන්‍ය බවම ය (ශුන්‍යතාවයේ ප්‍රපංච ආකෘතිය). එනයින් 'ස්ව-ආත්මය' නොමැතිව 'අවබෝදය' තිබිය නොහැකි බැවින් ඔහු මෙම වචන දෙක අනිවාර්ය ලෙස එකතු කරයි (ස්වයං + අවබෝදය). නමුත් මෙම තත්වය විවේචනය කරන කියෝතෝ පාසලේම තනබේ හජිමි (Thanabe Hajime) ප්‍රකාශ කරන්නේ ඉහත ස්වයං අවබෝදය ආගමික දෙයක් මිස දාර්ශනික ප්‍රවේශයක් නොවන බවයි. ඔහු කියන්නේ 'ගඟක් යනු ගඟක් මය. කන්දක් යනු කන්දක් ම ය. සියල්ල එසේම පවතී' (the mountain is mountain, the river is river, and all beings are just as they are) වැනි තැනකට තල්ලු වන නිෂිදා ගේ දර්ශනය පාර භෞතිකයක් වීමට ඉඩ ඇති බවයි. 'ජපන් දර්ශනය මෙයයි' යන්න ලෝකයට ප්‍රදානය කිරීමට උත්සාහ කල කියෝතෝ ගුරු කුලය තම දර්ශනය එවන් ආත්ම මුලික තැනකට නැත්නම් තමාගේම ලෝකයක් තුලට තල්ලු වීම (නලින්ගේ 'මගේ ලෝකය' වගේම) ගැටළුවක් ලෙස දුටුවේය. බටහිර දර්ශනය තමාගෙන් ඔබ්බෙහි පවතින අනෙක්ත්වයක් (otherness) සමග සම්බන්ද වන විට තමාගේම අන්තරීක්ෂ ලෝකයක (cosmic world) ගිලුණු කිතරෝ ගේ වන් ආගමික දර්ශනයක් ලෝකයට ගෙනයන්නේ කෙසේද යන්න ඔවුන්ට විසඳා ගත යුතු විය. ඩී. ටී. සුසුකි සම්බන්ද ව ජිජැක් කරන විවේචනය වැදගත් වන්නේ මෙතනදීය. අනෙකා මරා දැමීම පිණිස සුසුකි භාවිත කරන්නේ අපුරු උදාහරණයකි. මා අසිපත ගෙන ඔබව මරණවා නොව මාගේ විශ්වීය නර්තනය තුළදී ඔබගේ ඇස මගේ කඩු මුණත මතට වැටුණා විය හැකිය යනුවෙන් සුසුකි දක්වා සිටි. 'තමාගේ ම අන්තරීක්ෂ නර්තනයක (cosmic dance) නිරත වන මිනිසා හට තම නර්තනයේදී තමාගේ අසිපත මතට අනෙකාගේ ඇස වැටිය හැකිය' යන සුසුකි ගේ උදාහරණයේ නරුම දුරස්ථ බව ජිජැක් ප්‍රශ්න කරයි. මෙතැනදී සිදුවන්නේ කිතරෝ සහ ඔහුගේ සමකාලින සුසුකි විසින් තම නව දර්ශනය ඔස්සේ තමා තුලට ගමන් කිරීම (inner journey) තුළ අනෙකා අමතක කිරීමයි. කෙසේ වුවද කියෝතෝ ගුරු කුලයේ අරමුණ වුවේ ශුන්‍යතාවය කේන්ද්‍රීය දර්ශනයක් ලෙස නුතනත්වය වෙතට ගෙන ඒමයි (හෙවත් ශුන්‍යතාවය ඔස්සේ නුතනත්වය අභියෝගයට ලක් කිරීමයි overcoming modernity). පවත්නා දාර්ශනික ආකෘතිය (form) වෙනුවට ආකෘතියක් නැති බව (formless) ඒත්තු ගැන්වීමටය.
නිෂිදා වරෙක මෙසේ කියයි, 'බටහිර දර්ශනයෙන් සහ එහි ආකෘතියෙන් ඉගෙනීමට ඇති දේ බොහෝය. පැවැත්ම පිළිබද ඔවුන්ගේ දාර්ශනික ආකෘතියත් යහපත පිළිබද ඔවුන්ගේ චින්තන ආකෘතියත් සිත් ඇද ගන්නා සුළුය. එසේ වුවද, අපගේ පෙරදිග සංස්කෘතිය තුල සැඟවී ඇති සහ වසර දහස් ගණනක් ඔස්සේ අපේ මුතුන් මිත්තන් අපට උරුම කර දී ඇති සිතුවිලි ඇතුලත සනිටුහන් කර ඇති 'ආකෘතියක් තුල ආකෘතියක් නැති බව' (form of the formless) සහ 'නිශ්ශබ්ද බව තුල ම ඇති හඬ' (voice of the voiceless) අපට නොඇසෙන්නේද? අපගේ හදවත සහ මනස මොරගා කියන්නේ කුමක්දෝ යමක් සොයන ලෙස නොවේද? මේ පැනයට දාර්ශනික පදනමක් සැපයීම මගේ ව්‍යායාමය යි (නිෂිදා කිතරෝ From That Which Acts to That Which Sees (1926)). නිෂිදා තම දර්ශනය මෙහිදී පදනම් කරන්නේ මහායාන බුද්ධාගමේ ශුන්‍යතා සංකල්පය (සංස්කෘත - ශුන්‍යත්) ප්‍රතිජීවනය කිරීම ඔස්සේ ය. බුද්ධාගමේ 'පරායත්ත මුලය' (interdependent origination) යන සංකල්පය ඉදිරියට ගෙනෙන ඔහු කියන්නේ සියල්ල තවත් දේවල් වල පැවැත්ම මතින් තීරණය වන බැවින් යමක් ස්වාධීනව නොපවතින බවයි. එනයින් සියල්ල (වාස්තවික) ඒ අපට පෙනෙන සැටියෙන්ම නොපවතින අතර ඒ සියල්ල දෙස බලා සිටින අපද (ආත්මය) වෙනස් වන බැවින් බලා සිටින අප සහ අප බලා සිටින දෙය යන දෙකම අතර ඇත්තේ ශුන්‍ය බවකි. සිදුවන්නේ එකම දෙයකි. එනම් 'මා පවතින විට ම මා දකින දෙය ද පැවතීමයි' (මා නොමැති නම් මා බලා සිටින දෙයක්ද නැත). බුදු දහමේ එන පටිච්ච සමුප්පාදය (pratītya-samutpāda; Japanese engi) නිෂි දා විසින් නුතන ශුන්‍යතාවය අර්ථ ගැන්වීම සඳහා භාවිතා කරන්නේ ඒ අයුරිණි. සියලු සත්වයින් ඔවුන්ගේ අහං-භාවයන් සමගම පැටලී ඇත්තේ නිමක් නැති ප්‍රවාහයකය (all beings, including the ego, are interconnected and in a flux). අහම විසින් දේවල් තදින් අල්ලා ගන්නා අතර දේවල් වල හිස් බව තේරුම් ගැනීම සඳහා මේ අනුව බාධා කරන්නේ ආත්මයයි (නැත්නම් අහමයි = egoity). දේවල් තුලම වූ පැවැත්මක් නැති බව තේරුම් ගැනීම යනු මේ අනුව ශුන්‍ය බව අවබෝධ කර ගැනීමයි. එවිට අහමේ මායාවෙන් අපට ගැලවි ගත හැකි බව නිෂිදා කිතරෝ පෙන්වා දෙයි. නාගාර්ජුන ගේ අදහස සමඟ වඩාත් සමීප වන මෙම ශුන්‍යතා දර්ශනය (නිර්වාණය) සංසාර (samsāra) හෙවත් ප්‍රපංච ලෝකයෙන් පාර -අනුභූතික පලායාමක් නොවන අතර එය නාස්තික පසුබැසීමක් වන්නේද නැත (neither a transcendental escape nor a nihilistic extinction from the phenomenal world). මිනිසාට ද්‍රව්‍යය (substance) සහ ආත්මය (subject) මුණ ගැසෙන ආපතික, අහේතුක භුමිය (පොළොව) නම් ඉපදීම සහ මිය යාමය. එතැනදී සිදුවන්නේ ප්‍රභේදයන් දෙකක (ආත්මය සහ ද්‍රව්‍යය) අහඹු මුණගැසිමක්ය. ඉහත දැක්වුවේ නිෂිදා ට අනුව පැවැත්ම පිළිබද පෙරදිග සද්භාවය සහ එය බටහිරට සම්බන්ද වන දියුණුම ආකෘතියයි (නැත්නම් ආකෘතියක් නැති බවයි).
කෙසේ වුවද මෙම ශුන්‍යතාවය පිළිබද කිතරෝ ගේ අදහස තවත් ඉදිරියට ගෙන යන කිතරෝ ගේ ගෝලයෙකු වූ කීජි නිශිතානි (Keiji Nishitani) පවසන්නේ මෙවැන්නකි. ඔහුට අනුව ශුන්‍යතාවය අර්ථ කථනය කිරීමේදී කිතරෝ මෙන්ම අනිත් අය විසින්ද මුලික ඥාන විභාගත්මක වරදක් කරනු ලබයි. එනම් ඔවුන් විසින් ශුන්‍යතාවය ම 'දෙයක්' (thing) බවට පත් කිරීමයි. අනෙක් අතට තමා (නොපවතින) සහ අනෙකා (නොපවතින) සම්බන්ද කරන විශ්වීය ආකෘතියක් නිෂිදා ගේ දර්ශනය තුළ දක්නට නොලැබේ. යම් කිසි විදියකින් හමු වනවානම් ඒ සඳහා ඇති එකම ආකෘතිය බවට පත් වන්නේ පරම ශුන්‍යතාවයයි (absolute nothingness). ඇතැම් විට ඒ සඳහා ඔහුට ඉහත 'ශුද්ධ අත්දැකීම' යෝජනා කල හැකි වුවද එය ප්‍රයෝගික යමක් නොවේ. තමා තුලම ඇති අන්තර් ඥානයකින් (intuition) අනෙකා හමුවිය හැකිය යන්න කාන්ටියානු සත්‍ය යක් වුවද, තම අහම අහෝසි වීම ඔස්සේ සිදුවිය හැක්කේ සත්‍ය හමුවීමක් යන්න පවා සත්‍යයක් වුවද (ගාන්ධි), තමාව අනෙකා හරහා පරාවර්තනය කරගන්නේ කෙසේද යන මනෝ විශ්ලේෂී ගැටළුවට විසඳුමක් මෙහිදී ලැබේද යන්න සැක සහිතය. නමුත් ශුන්‍යතාවය අවබෝධ කරගත් අයෙකුට ඇතැම් විට අනෙකා විනිවිදීම අවශ්‍ය නොවන බවට ඇතැමෙකුට තර්ක කල හැකි බවද මෙහිදී අපි පිළිගනිමු. අහම අවසන් වීම හරහා අනෙකාට සම්බන්ද වීම යන්න මෙහිදී ජපන් ජාතිකත්වයේ සුවිශේෂී බව තේරුම් ගැනීම සඳහා වැදගත් වෙයි. අප සැමවිටම පවසා ඇති පරිදි ජපන් ජාතිය යනු ලෝකයට පරමාදර්ශ ලබා දෙන ජාතියකි. ඉතාම මෑතක ලෝක පාපන්දු තරඟාවලියක් අවසානයේ ජපන් ජාතිකයින් අපුරු දෙයක් කළේය. එනම් තම රට ජයග්‍රහණය කළාට පසු ඔවුන් විසින් තමන් සිටි ක්‍රීඩාගාරය සම්පුර්ණයෙන් ශුද්ධ පවිත්‍ර කිරීමය (කියවන්න ජපන් ක්‍රීඩා ලෝලීන් ප්‍රේක්ෂකාගාරය ශුද්ධ කරයි- ගාඩියන් ලිපිය). පිළිවෙල කවදත් අගයන ජපන් ජාතිකයින් එතනදිත් ලෝකයට පෙන්වුවේ තමන් කවුද යන්නය. ඔවුන් අනේකත්වයට සම්බන්ද වන විශ්වීය ආකෘතිය අපුරුය. 'ශුන්‍යතාවයේ මනස' (mind of nothingness) ඔවුන් සම්බන්ද කරන්නේ ගැඹුරු සෙන් ඉගැන්වීමක් වන 'මේ මොහොත, මෙතැන' (here and now) යන සංකල්පයටය. අප පැවතිය යුත්තේ අතීතයේ හෝ අනාගතයේ නොව අපගේ අවබෝදය නැත්නම් සිහිය (consciousness) පැවතිය යුත්තේ මේ මොහොතේය. ක්‍රියාත්මක විය යුත්තේ මේ මොහොතේය (pragmatism). සත්තකින්ම බුදුන් වදාළ ධර්මය එයයි. ඔවුන් කරන්නේ එය විශ්වීය ප්‍රයෝගිකත්වයක් බවට පත් කිරීමයි. අප කරන්නේ 'අපි මචං' මෙන් ගල්කණු වටා යෑමය. දුටුගැමුණු නැවත අවතාරයක් ලෙස හෝ ගෙන්වා ගැනීමටය. මුල් කෘති නැත්නම් ත්‍රිපිටකය කර ගසා ගෙන නොයන සෙන් බුද්ධාගම කරන්නේ මුල් කෘතියට භක්තිමත් වෙමින් එයින් ඛණ්ඩනය වීමය. සත්‍ය බුද්ධාගම හමු වන්නේ එවිටය (බුදුන් දේශනා කළේද එසේය. බැලිය යුත්තේ ඇඟිල්ල දෙස නොව සඳ දෙසය. ත්‍රිපිටකය යනු මාර්ගය පෙන්වන ඇඟිල්ල මිස සඳ නොවේය).
තවත් වැදගත් දෙයක් අපි මතක තියාගන්න ඕනි ඉහත ගුරු කුලය ගැන කියන කොට. ඒ තමයි සියලු ශුන්‍යතාවය සහ අහමේ අහෝසි වීම කියන කරුණු කෙසේ වුණත් නිෂිදා වගේම අනෙත් අයත් ඔවුන්ගේ බටහිර ගුරුවරයා වගේම නාසි වාදයට සහ ජාතික වාදයට සහයෝගය දුන්නා කියන එක. ඒ කියන්නේ පෙරදිග දර්ශනයේ දියුණුම අවධියකට වුනත් නාසි වාදයෙන් ගැලවෙන්න බැරිවුණා. ඒ කියන්නේ ඒ භූමිය පවා ලේ ඉල්ලා සිටියා. ඇතැම් විචාරකයින් කියන්නේ කියෝතෝ ගුරු කුලය තරම් ජපන් ෆැසිස්ට්වාදයට ලංවූ වෙනත් කණ්ඩායමක් ජපානයේ නොතිබූ බවයි (no group helped defend the state more consistently and enthusiastically...none came closer to defining the philosophical contours of Japanese fascism). එක් අතකින් නිෂිදා සමස්තතා රාජ්‍යයකට විරුද්ධ වෙන ගමන්ම ජපන් අධිරාජ්‍ය යේ ඓතිහාසික අවශ්‍යතාවය සහ ලෝකය ශිෂ්ට කිරීමේ ජපන් වගකීම ගැන බොහෝ උද්‍යයෝගයෙන් කතා කරලා තියෙනවා. ඇත්තම ලෞකික ලෝකයක් හැදීමට ජපානය ලෝකය මුළුල්ලේ උත්සාහ කරන්න ඕනි කියන මතයේ ඔහු එක් අතකට ඉඳල තියෙනවා. එක වහලක් යට වූ ලොවක් (all the world under one roof) ගැන ඔහු අධිරාජ්‍ය වාදී සිහිනයක් දැක තිබෙනවා. බුද්ධාගම සහ ශුන්‍යතාවය ගැන දියුණු මතයක් ලෝකයට ගෙනියපු නිෂිදා පවා ජපානය විසින් කලයුතු ආසියාවේ ආධිපත්‍ය ගැන සිහින දැක්කනම් ඉතින් වේඬරුවේ උපාලි ගැන කුමන කතාද? ඉතින් මමත්වය (ජාතිය) කියන එක කොහොමවත් නැති වෙලා නැහැ කොච්චර දියුණු වුනත්.
ඉහත දීර්ඝව විස්තර කලේ බුද්ධාගම බටහිර ට ගමන් කරන ගැඹුරු මාර්ගය සහ නුතනත්වය හමුවේ කියෝතෝ ගුරු කුලය ඒ සඳහා සිදු කරලා තිබෙන මහන්සිය. නමුත් නුතනත්වය සමඟ එකතුවෙන්න අපි කරන්නේ මොකක්ද කියන එක තමා ප්‍රශ්නය. අපි කරන උපරිම දෙය නම් සිංදු වීඩියෝ හදන එක. එක්කෝ නටබුන් අස්සේ රිංගනවා (ඉහත ගීතය වගේ) නැත්නම් කුණුහරප වීඩියෝ හදල යු ටියුබ් දානවා (මල්ලි /Malli බලන්න). නලින් ද සිල්වා පවා උත්සාහ කරන්නේ බටහිරින් වෙන්වෙන්න මිසක් මේ දෙක සම්බන්ද කරන්න නෙවෙයි. අපි අපේ දෙය සොයාගන්න ගමන්ම අපි එය ලෝකයට සම්බන්ද කරන්න ඕනි. ඉහත 'මල්ලි' කියන ගීතය තුල කරන්නේ බටහිර sex සඥා ලංකාවේ ස්ත්‍රී ශරීර කිහිපයක් හරහා මාකට් කරන එක විතරයි. ජපන්නු නුතනත්වය වෙතට තම ඥානය දෙන විට මොකක්ද අපේ කියල අපි ලෝකයට දෙන දෙය? කාගේ හෝ මුඩුක්කුවක පළල් දොරෙන් ඇතුල් වෙන එකද? නැත්නම් දියුණු දාර්ශනික මානයක් අත්කර ගත්ත බුද්ධාගම පවා ආපතික ලෙස ගමන් කල මාර්ගය ගැන නැවත සිතන එකද? එහෙම නැතුව අපට අනාගතයක් ගැන සිතන්න පුලුවන්ද මේ වඳුරු වීඩියෝ කරලා?
ඉහත පසුබිම මතක තියාගෙන අපි දැන් පොඩ්ඩක් 'මල් සුගන්දේ' ගීතයට නැවත යමු. එතකොට පෙනෙනවා සුදු ඇඳුම ඇන්දට සුදු ඇඳුමට යටින් තියෙන අවුල. 'දම් සුගන්දේ මල් සුගන්දේ ' නම් ඉහත ගීතය ගායනා කරන්නේ බෙග් මාස්ටර් (සුජාතා අත්තනායක සමඟ). එයා උපතින් මුස්ලිම් මනුස්සයෙක්. බෞද්ධ ගීත කිව්වා කියල එයාගේ සමාජය එතරම් එයාව ගණන් ගත්තේ නැහැ. ඉතින් තමන්ගේ මුස්ලිම් සමාජයේ වටිනාකම් වලින් (ඒ කියන්නේ එයාගේ සමාජයේ සංකේත පිලිවෙලින්) එළියට ඇවිල්ල තමයි බෙග් මාස්ටර් අපේ සමාජයට ලස්සන බෞද්ධ ගීත ටිකක් තිළිණ කරේ. භෞතිකව ගත්තම ඒක අමරදේව කළ දෙයට වඩා රැඩිකල් දෙයක් හැටියට තමා හිතන්න වෙන්නේ. ඉතින් රාජ්‍ය සම්මාන ගොඩක් අමරදේව මාස්ටර්ට ලැබෙන කොට බෙග් මාස්ටර්ට මුකුත් ලැබෙන්නේ නැහැ. හුගක් අය හිනාවෙනවා බෙග් මාස්ටර් සිංහල වචන උච්චාරණය කරන විදියට. නමුත් අපි එහෙම කරන්නේ නැහැ අමරදේව මාස්ටර් ට. ඒ කියන්නේ බෙග් කියන හැඟවුම සහ අමරදේව කියන හැඟවුම අතර 'කථනයේ සහ භාෂාවේ පරතරය' බලපානවා සංකේත පිළිවෙල කියන එකට. අනික් හැම සමාජයකම වගේ සිංහල සමාජයෙනුත් එළියට දමනවද ඇතුලට ගන්නවද කියන එක තීරණය කරන්නේ එතකොට භාෂාව විසින්. මේ සටහන සමඟ තියෙන 'අපි මචං' කියන ගායක කණ්ඩායමේ අයගේ උච්චාරණය 'නියම සිංහල' නිසා වෙන්න ඇති ඒක හුඟක් අය බලනවා ඇත්තේ. බෙග් මාස්ටර්ගේ 'හඬ' වෙනුවට ඔවුන් පාවිච්චි කරන්නේ ළමා කට හඬක්. සමහර විට සිංහලේ අනාගත පරම්පරාව නියෝජනය කරන්න හිතාගෙන වෙන්න ඇති ඔවුන් එහෙම කරන්න ඇත්තේ. නමුත් මම හිතන්නේ මේ වනවිට ලංකාවේ සුපර් ස්ටාර් වැඩසටහන් එක්ක ළමා හඬවල් අර්චන වෙලා තියෙනවා කියල.
ඉතින් ගායකයෙක් හැටියට බෙග් මාස්ටර් බිහිවෙන්නේ තමාගේ පැත්තෙන් විශාල පිරිවැයක් දරල. සංස්කෘතික කැපකිරීමක් කරලා. ඒක ටිකක් නුතන වැඩක්. නමුත් 'අපි මචං' ල කරන්නේ පොඩ්ඩක් එහෙන් මෙහෙන් වැඩක් දාල (තව පොඩි එකෙකුත් දාල) කරන ජනප්‍රිය වැඩක්. ඉතින් ඇත්ත කතෘ මැකිලා යනවා විතරක් නෙවෙයි නව කතෘ කෙනෙක් බිහිවෙනවා. 'මචං' ල කිසිම පිරිවැයක් නැතුව යූ ටියුබ් එකේ වැඩ කිඩ දාල පෙන්වනවා. ඒක මේ දවස්වල පුළුල්ව තිරගත වෙන ජාතිකවාදී චිත්‍රපටයට හොඳ තේමා ගීතයක් වෙනවා. දේශපාලනයේත් වෙන්නේ මේ වගේ දේවල් තමයි.
හරියට ඉංග්‍රීසි දන්නේ නැති අය උසස් සමාජයෙන් එලියට දමන යාන්ත්‍රනය වගේමයි ඉහත බල ව්‍යුහය විසින් බෙග් මාස්ටර් කියන කතෘ මකල දාන්නේ. දැන් රජයේ මාධ්‍ය පාලනය කරන අයත් තමන්ගේ මුල අමතක කරලා මෙම කතෘ මකල දාන වැඩේම තමා කරන්න හදන්නේ. ඒ අය විසින් කරන්න හදන්නේ විමුක්ති දේශපාලනය විසින් ගොඩනැගුව තමන්ගේ ම පසුබිම අමතක කරලා වෙනත් අනන්‍යතාවයක් බුර්ෂුවා දේශපාලනයට විකුණලා දාන එක. සත්‍ය වෙනුවට මිත්‍යාවක් වෙළඳ පොලට ගේන්න. ඉතින් අනාගත හිටලර් මාදිලියකට එරෙහිව මතවාදී සටනක් ගෙනියන්නේ කොහොමද මේ වගේ අනාගතය පුරෝකථනය කරන්න බැරි රජයේ මාධ්‍ය අධ්‍යක්ෂක වගේ වාහෙලා දාගෙන. ජාතිකත්වය කියන්නේ එකක්, හිට්ලර් රෝග ලක්ෂණය කියන්නේ තව එකක්. ජාතිකත්වය කියන්නේ එක කණ්ඩායමකට ලියල දුන්න සින්නකර ඔප්පුවක් නෙවෙයි. ඒ වගේම ලාංකික පොළොව තුලින් (Ground) හැමවිට ම බුද්ධාගම රාක්ෂ වෙස් ගන්නවා නම් (සියලු කැරළි මර්ධනය කිරීම බුද්ධාගම ඉවසුවේ උපේක්ෂාව යටතේ නම් වගේම අනාගත හිට්ලර් කෙනෙකුටත් එම බුද්ධාගම අත වනන්නේ නම්...) එහි සදාචාරය ප්‍රශ්න කරන්නත් අපිට සිංහල බෞද්ධයෝ හැටියට අයිතියක් තියෙනවා. මොකක්ද මේ බුද්ධාගමේ තියෙන අඳුරු, ආලෝකය ගමන් නොකරන, කලාපය (night of the world)? වල පල්ලට ගිය තරුණ අරගල තුනකින් පස්සෙත් තවත් මොනවද මේ බුද්ධාගමට වුවමනා වෙලා තියෙන්නේ? හිටලර් කෙනෙක් යෝජනා කරන්න තරම් සියම් නිකායට අවශ්‍ය වෙන සද්භාවී අවර ගැස්ම (ontological backlash) මොකක්ද? ඒ අවරගැස්ම තුලද සියම් නිකායට මල් සුවඳත් (සිල් සුවඳත්) එක්ක ලේ සුවඳ අවශ්‍ය වෙලා තියෙන්නේ? (අවරගැස්ම කියන්නේ 'පසු බැසීම' කියන අර්ථයයි = recoil. 'උපේක්ෂාව' සහ 'අවිහිංසාව' පදනම් කරගත්ත 'සිංහල බෞද්ධ' නම් අමු අමුවේ දේශපාලනික වෙච්ච ථේරවාද බෞද්ධ ප්‍රවර්ගයට වැම්පයර් ලේ වුවමනා වීම නම් පසුගාමී පරස්පරය). මොකක්ද මේ බෞද්ධයින් තිගස්සන සුළු විපරීතභාවය? මේකද අපි 'බෞද්ධ කම' යනුවෙන් ලෝකය ට තිලිණ කරන්නේ?
අපට බුදුන් වහන්සේ සංකේතීය පෞරුෂයක් වන්නේ ඇයි? එතුමා ගිහි සැප අත්හැර, දුෂ්කර ක්‍රියා කර (වේදනාව), දුකට හේතුව (බටහිර හේතුව නොවිය හැකිය) සහ සංසාරේ අපි සැරිසැරීමට හේතුව අපිට හොයල දීපු නිසා තමයි අපි නොපැකිලව එතුමන් ඉදිරියේ වැඳ වැටෙන්නේ. ප්‍රචණ්ඩ බවට එරෙහිව ධර්මය දේශනා කල නිසා තමයි එතුමා අපිට 'අපිට වඩා වැඩි' ලොකු කෙනෙක් වන්නේ (more than ourselves). අපි පෘතග්ජන වනවිට (නලින්, අමරසේකර, මහින්ද වගේම) බුදුන් වහන්සේ ලෝකෝත්තර වන්නේ එතුමා තුළ තිබුණ සදාචාර අන්තර්ගතය නිසා. සාමාන්‍යයෙන් අපි වගේම අනිත් මිනිස්සු එක්ක රණ්ඩු වල පැටලුණා නම්, බැන වැදුනා නම්, ගහ ගත්තා නම්, එතුමාත් පෘතග්ජන වෙනවා කියල එතුමා දැනගෙන හිටිය. ඉතින් ප්‍රචණ්ඩ පාලකයෝ එතුමා අතින් වර්ණනා වුනේ නැහැ. මොකද එවැනි දෙයක් තමන්ගේ ආගමේ මුලධර්ම එක්ක පටහැණි වෙනවා සහ එම පරස්පරය නිසා උපදින්නේ යථාවක් හෙවත් ෆැන්ටස්මතික යක් කියන්න ඕනිම කෙනෙකුට තේරෙනවා. සදාචාර සහ අධ්‍යාත්මික අර්ථයෙන් දුටුගැමුණු සහ අශෝක යන රජවරුන් ගැන අපිට ඇතැම් තැන්වල දෙගිඩියාවක් (ethical doubts) තියෙන්නේ මෙම තත්වය නිසා වගේම විශ්වීය බව නලින් ද සිල්වා ප්‍රතික්ෂේප කරන්නේ මේ නිසා. මොකද මොන තත්වයක් යටතේ වුනත් බුද්ධාගම විශ්වීය ආගමක්. අනිත්‍ය කියන්නේ විශ්වීය සංකල්පයක්. දුක නැති කිරීම සහ සංසාර ගමන නතර කීරීම තමයි හැමෝගෙම මුලික පිළිගැනීම (overcoming suffering and the cycle of death and rebirth). සෙන්, මහායාන, ථෙරවාද, හීනයාන, වජ්‍රයාන යන සියලු බෞද්ධ ප්‍රවර්ග බැඳ තබන හුය එම විශ්වීය හැඟවුමයි.
සමකාලින වෙඩින් ෂූට් සිහිගන්වන මෙම ගීතයේ රූප රාමු වල පෙන්වන දෙයක් තමයි 'අපි මචං' කියන කට්ටිය පොළොන්නරුවේ නටබුන් අතරින් යමින් වන්දනා මාන කරන එක. බෙග් මාස්ටර් බෞද්ධ කමට කටහඬ දුන්නට වඩා අර්චන යමක් මචං කට්ටිය කරනවා. ඒ තමයි නව දේශීය සඥා ටිකක් ගීතය තුලට ගේන එක. ඉතින් ඒක නව විනෝද අවකාශයක් ජනිත කරනවා. මෙතනදී රෝලන්ඩ් බාත් කියන විශ්ලේෂකයා ටික කාලෙකට කලින් ඔහුගේ Empire of Signs (1982) කියන පොතේ වැදගත් දෙයක් කියනවා. ජපානයේ අධිරාජ්‍ය ගොඩනැගිල්ල දෙස බලල බාත් මෙහෙම කියනවා, 'පෙරදිග සාරය යන්න මට පෙනෙන්නේ නොවෙනස් වන උපේක්ෂා මය දෙයක් හැටියට. එය අපරදිග ඇසකට පෙනෙන්නේ විනෝදවීම පිණිස භාවිත කල හැකි සංකේත පද්ධතියක් හැටියට. එසේ වන විනෝදය තුල යමෙකුට අපගේ බටහිර සංකේත පද්ධතියෙන් සම්පුර්ණයෙන් ඛණ්ඩනය විය හැකියි' (පිටුව 3-4). ඒ කියන්නේ බටහිර කෙනෙක් පෙරදිගට ඇවිල්ලා භාවනා කරන්න වගේ ගත්තොත් ආයේ ආපසු යාමක් නම් වෙන්නේ නැහැ කියන එක තමා බාත් කියන්නේ. ඉතින් අර කතරගමට පයින් යන ටීම් එකට වැටුන බටහිර කෙනෙක් දිගටම එම 'තර්කයට අසු නොවන' වතාවතේ (ritual) නිරත වෙනවා මිසක් ආයේ ආපසු යාමක් නම් නැහැ.
ඉතින් බාත් ගේ මතය තමයි පෙරදිග විසින් වෙනස්ම සඥා පද්ධතියක් (sign system), පාර භෞතිකයක් (metaphysics) හෝ ඥාණයක් (wisdom) නිෂ්පාදනය කරනවාට වඩා සිදුවන්නේ වෙනස් නිශ්ශබ්ද භාවයක් (a different mutation) නිෂ්පාදනය කරනවා කියන එක. ඒ නිශ්ශබ්ද බවට අපි කියන්නේ ධ්‍යාන වඩනවා කියලා. අවසාන කාලයේ සිදුවෙච්ච දේවල් හරහා ඉහත ජපන් ගුරු කුලය පවා පෙන්වා දෙන්නේ මෙම ගුප්ත පසුබැසීම තුළ වෙනස් ස්වරූපරාගයක් නිෂ්පාදනය වීම (narcissism) තමයි. වෙන කෙනෙකුගෙන් (අනෙකා ගෙන්) වැඩක් නැතුව තමන් තමන්ට ම කරන ආශාවක් තමයි මෙම ස්වරූප රාගය විසින් ගෙන එන්නේ. අන්තිමට ඒක නොදැනීම ගැට ගැහෙන්නේ ජාතිවාදය එක්ක. 'අපේ කම' 'අපේ කම' කියල මේ නව පරම්පරාව මතුරන්නේ නව පශ්චාත් නුතන ජාතිවාදයක්. ස්වරූපරාගයක්. ඒ කියන්නේ ද්‍රව්‍යමය ලෝකය සහ ඒ තුල ජිවත් වන අනෙකා සමග සම්බන්ද වෙන්න (objective world and otherness) බැරිවීම නිසා ඇතිවන භාෂාවේ හිස්බව තමයි ඔවුන් මේ කියන්න හදන්නේ. සම්බන්ද වෙන්න පුළුවන් එකම දෙය තමයි ඉතිහාසය. මොකද ඒක නිශ්ශබ්දයි නේ. කිසි කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ පැරණි දෙය දිහා බල බලා හුල්ල හුල්ල ඉන්නවට වඩා මේ දෙක සද්භාවී ලෙස සම්බන්ද කරන්න. කවුරුවත් හිතන්නේ නැහැ මාක්ස් ගේ ප්‍රාග්ධන සමුච්චනය වගේ දෙයක් ධාතුසේන රජතුමා තමාගේ ධනය ලෙස කලාවැව පෙන්නන එක අතර තියෙන සද්භාවී වෙනස අද දවසේ සංකේතනය තුලට ගෙනෙන්නේ කොහොමද කියන එක.
ඕනි නම් කෙනෙකුට කියන්න පුළුවන් මාක්ස් නුතන ලෝකයේ ප්‍රාග්ධනය ගැන කියපු දේවල් පුර්ව නුතන යුගයේ ධාතුසේන රජතුමාට අදාල වෙන්නේ කොහොමද කියල. නමුත් අපි තාමත් හිතන්නේ ඒ කාලේ සද්භාවය ඇතුලේ නම්, අපිට සිතීම ගැන නුතන ඛණ්ඩනයක් කියල දෙයක් නැත්නම්, අපිට තාමත් ධාතුසේන රජතුමා අදාලයි. එච්චරයි. නිෂිදා ගේ ගෝලයා වන නිශිතානි තමාගේ දර්ශනය අහවර කරන්නේ පැරණි ජපන් අතීතයට ආපසු යමු කියන යෝජනාවෙන්. තවත් කියන්න දෙයක් නැහැනේ...
අපි මචං නම් කණ්ඩායමක් විසින් නවීකරණය කර ඇති 'මල් සුගන්දේ දම් සුගන්දේ' ගීතය විමසා බැලීම වෙනුවෙන් ලියවෙන මෙම සටහන 'දම් සුගන්දේ මල් සුගන්දේ..' යනුවෙන් මුලින් මා විසින් නම් කර තිබුණත් අද දවසේ ලංකාවේ ථෙරවාද බුද්ධාගම ගමන් කරන්න තතනන දිශාව දෙස බලපුව ම '

No comments:
Post a Comment