මේ වෙලාවේ ලියල වැඩක් නැති වුනත් මෙය කොතැනක හරි ලියල තියන්න ඕනි කියල හිතුවා...මොකද කවදාහරි කාටහරි තේරෙයිනේ භූමිය කොහොමද තියෙන්නේ කියල. මේක ලියන්නේ භුමියේ යථාවේ ක්ෂිතියෙන් ආපු කේන්තියකින්. අර සීගිරි ගීයේ 'බුදල්' ලියල වැඩක් නැහැ කියල ලිව්වා වගේම පරස්පර වැඩක් මේක (නමුත් එම පරස්පරය ම තමයි යථාවේ සහ සංකේතනයේ සත්‍යය).
ඊයේ මම පොඩි වැඩකට බැංකුවට ගියා. එතැන හිටපු මම තරමක් දන්නා දුප්පත් තරුණයෙක් මට ගිණුම් පොතක් පෙන්නලා කිව්ව් මෙහෙම. "අයියේ මේ මගේ පොඩි එකාගේ බැංකු පොත. මට පුළුවන් කමකට නෙවෙයි, එත් මම පොඩි එකාගේ නමට පොඩි මුදලක් දාල තිබ්බා. බලන්න ඒකෙනුත් රුපියල් දහ තුනක් (13) කපාගෙන මුන්. මීට වැඩිය හොඳ නැද්ද මුන් අශුචි පුච්චගෙන කෑවනම්..." (සාමාන්‍යයෙන් ගම්වල කියන්නේ ගූ පුච්චගෙන කනවා කියල. ඒ කියන්නේ කන්න ම දෙයක් නැති වුනාම කරන පහත් ම දෙය).
ආණ්ඩුවේ මාධ්‍ය නම් කියන්නේ අපි ළමා ගිණුම් වලින් සතයක් වත් ගන්නේ නැහැ කියල. එහෙනම් මේ කැපිල තියෙන්නේ 'ගල් කපනකොට' කැපිච්ච එකක්ද? අනේ පලයව් යන්න. බොරු කියනවාට වඩා හොඳයි පුටුවෙන් බැහැල යන එක.
ඒ කතාවත් අහගෙන මම පොළට ගියා. මිනිස්සු බනිනවා කියන එකේ ඉවරයක් නැහැ. "හාල්මැස්සෝ ග්‍රෑම් සීයක් රුපියල් සීයයි. පොල් ගෙඩියක් ගන්න හිතන්න වත් බැහැ. අනේ මුන්ට හෙණවත් ගහන්නේ නැති හැටි!" ඔන්න කියන ප්‍රශස්ති ගී. කඩ කාරයෝ කියන්නේ දැන් ඉතින් කඩ වහලා දාන්න ඕනි කියල.
පොළෙන් එළවලු පොඩ්ඩකුත් අරගෙන මම බස් එකේ නැග්ගා. බස් එකේ මිනිස්සු පලු පැලෙන්න බනිනවා. "රුපියල් දහයට ගිය එකට දැන් දහ තුනක් දෙන්න ඕනි. අනේ දෙයියනේ අර මහින්ද මහත්තයා වත් එන්නේ නැද්ද අපේ දුක බලන්න...අළුත්නුවර දෙයියනේ මේ කාලකන්ණි මක බෑවිලා යන්නේ කවද්ද!". මේ අපේ දුප්පත් භුමියේ හඬ. හැබැයි කොළඹ විචාරකයින්ට නම් මේ දුක් ගැනවිල්ල ඇහෙන්නේ නැහැ.
ගෙදර ඇවිල්ල නිව්ස් බැලුවා ම අර බැදුම්කර එකාගෙන් හැමෝම සල්ලි අරගෙන. ගත්තේ නැති එකෙක් නැති තරම්. මිලියන විස්ස තිහ ගත්ත එවුන් එක එකා මාධ්‍ය සාකච්චා දාල තමාගේ පාරිශුද්ධ පොජ්ජ ගැන කලිසම් ගලවල පෙන්වනවා. පෙන්නන වෙලාවේ නම් ජුන්ඩ ඇකිලිලා තමයි තියෙන්නේ ඒ වුනාට හැමෝගෙම සස්පෙන්ඩර් වල ශ්‍රුකානු තැවරිලා කියල ඈතට ම පේනවා. විශේෂයෙන් පුරවැසි එවුන්ගේ සහ අලුත් පරපුරේ පාරිශුද්ධ පොජ්ජ නම් මරේ මරු... මුදල් වලට තමන්ගේ දේශපාලන ආත්මය විකුණුව එක ගැන කාටවත් වරද කාරිත්වයක් නැති හැටි බලමුකෝ. තව තියපල්ලා මාධ්‍ය සාකච්චා..තව කියපල්ලා ලස්සන වචන...
ගම්මිරිස් ගොවියෝ වහ බොනවා. මුන් ගම්මිරිස් පිටින් ගෙනත් කලවම් කරනවා. කරුංකා වලටත් මිලක් නැහැ. එළවලු, වී, තේ, රබර්, සුළු අපනයන ගොවියෝ ඔක්කොම එක මල්ලේ. මොකක්ද උඹලාගේ දැක්ම මේ රට ගැන තියෙන? නිකම් පව් දෙනවා විතරයි.
ඇහුවොත් කියයි මේ රටේ හදනවට වඩා කොච්චර ලාභද පිටින් ගෙන්වන එක කියල. ගෝලීය ලෝකයක මොනවටද අපි වැඩි මිලට හදන්නේ? ඔන්න උත්තර.
මේ කාලකන්ණි ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් ශක්තියෙන් මිනිස්සු පසුගිය ප්‍රාදේශීය සභා චන්දෙන් උත්සාහ කළා. මිනිස්සු තමන්ගේ කතාව කිව්වා. නමුත් ටොම් ඇන්ඩ් ජෙරී වගේ මේක තාම වැනි වැනී තියෙනවා. කෙලවෙලාම යන්න කලින් විසුරුවා ගන්න ඕනි වුනත් දැන් විසුරුවන්න බැරි විදියට තමා දහ නම වෙනි සංශෝදනේ ගෙනත් තියෙන්නේ අර ජයම්පති කියන එකාගේ මොලේට පින් සිද්ද වෙන්න. මේවා තමයි නියම මොළ. ඉතින් චන්ද කල් දමන, පිස්සු කෙළියට එළවගන්න බැරි, පිස්සු සාමාන්‍යකරණය කරන මේ වගේ ආණ්ඩුවක් සමස්තතාවාදී (totalitarian) නොවන්නේ කොහොමද? මේ ආණ්ඩුව තුළ තියෙන්නෙත් තාර්කික නොවන අන්තර්ගතයක්නේ (irrational content). මම කියන දේ ගැටළු සහගත නම් නිකමනට බලන්නකෝ ජිජැක් ගේ Did Somebody Say Totalitarianism: Five Interventions in the (Mis)use of a Notion පොතේ 66 වෙනි පිටුව. බැඳුම්කර සිද්දියේදී හෙළි වුනේ නැද්ද රනිල් ට තියෙන්නෙත් හිට්ලර් ට වගේම විනිවිදිය නොහැකි කළු කුහරයක් කියල (impenetrable black hole). කවදාකවත් වරදකාරී හැඟීමක් ගැන දැනිලවත් තියෙනවා ද රනිල් ට? ඉතින් පස්සෙන් යන අනික් උන් ගැන කුමන කතාද.
රනිල් මෛත්‍රී කියන ගූ පුච්චා ගෙන කන 'නායකයෝ' දෙන්නට සහ බැඳුම්කර සල්ලි වලින් තමන්ගේ දරුවන්ට ගූ කන්න දෙන පාර්ලිමේන්තු පාරහයින් හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි. "ගූ පුච්චා කකා උඹල හොඳින් හිටපල්ලා. අපි නම්බු පිටින් හිඟා කන්නම්".
මෙහෙම ඉන්නවට වඩා හිඟා කන එක නම්බුයි රනිල්.... කොහොමත් මෛත්‍රී දිහා දැක්කම හොඳටම පේනවා එයා ඉන්නේ අහම ගොඩක් තුවාල කරගෙන කියන එක. කවුරුවත් එයාට ගරු කරන්නේ නැති එකෙන් එයා බිමට ම වැටිලා තියෙන්නේ (මොකද අදටත් මහින්දට මිනිස්සු බිම දිගාවෙලා වඳිනවා කියල එකත් එයාට පෙන්වා ඇතිනේ). විෂාදය හැදිලා නතර වුනොත් ඇති තව මොනවා හරි හැදෙන්නේ නැතුව. සත්‍යයට පිටුපාන හැමෝම නතර වෙන්නේ මානසික රෝහල් වල. තනතුර දමල ගහල මිනිස්සු ළඟට එන්න, සත්‍ය කතා කරන්න, එතකොට නිකම්ම විෂාදය සුව වෙනවා මෛත්‍රී (අනෙකා ට තමයි විෂාදය සුව කළ හැක්කේ. වෛද්‍යවරුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ). බලන්න චර්චිල් කරන දෙය Darkest Hour (2017) චිත්‍රපටයේ.
අන්තිමට ගෝඨා ට හරි වෙන රාජපක්ෂ කෙනෙකුට හරි රටේ නායකයා වෙන්න චන්ද ඕනි නැහැ. මිනිස්සු මැදමුලනට ගිහිල්ලා වැඳලා කියයි අනේ අපිව බේරගන්න ආපහු එන්න 'උතුමාණෙනි' කියල (ඇත්තටම මහින්ද ඉන්නෙත් එතකම්). ගැටලුවට උත්තරේ ගෝඨා නෙවෙයි තමයි. නමුත් වෙන මොකක්ද විකල්පය? ඉතින් රජවරු බිහිවෙන්නේ හෝ බිහිකරන්නේ කවුද? ඔය තුට්ටු දෙකේ බුර්ෂුවා කාලකන්ණි විසින්ම යි. මිනිස්සු විසින් නෙවෙයි...
බඩ බොක්කෙන්ම සුද්ද සින්හලෙන් කියාපු මේ වචන ටික මසුරන් වටී සහෝ...
ReplyDeleteDan thamayi meyalata therila thiyenne...kamak ne
ReplyDelete