"නව ලෝකයක් සොයා යාමට තවමත් ප්‍රමාද නැත"
(Tis not too late to seek a newer world)
මෙම පද පේළිය මා සොයා ගත්තේ ඉතා ප්‍රකට වික්ටෝරියානු කවියෙකු වූ ඇල්ෆ්‍රඩ් ලෝඩ් ටෙනිසන් නම් කවියාගේ 'යුලීසිස්' නම් කවියෙනි. කිසිදා තරණය කළ නොහැකි යයි සිතු ලෝකය සුදු ස්වාමියා විසින් තරණය කිරීම සඳහා උත්ප්‍රේරණය ලබා ගත්තේ ටෙනිසන් වැනි කවින්ගෙනි (ලංකාවේ සාහිත්‍ය කරුවන් කරන්නේ මිනිසුන්ගේ තියෙන මොරාල් එකත් කඩා දැමීමය. නැත්නම් මොරාල් එක ජාතිවාදී කිරීමය). ටෙනිසන් පවා ඉංග්‍රීසි ජාතිකත්වය උත්කෘෂ්ට කල කවියෙක් ලෙස සැලකේ. ඒ කෙසේ වුවද මා මේ කියන්න හදන්නේ වෙනත් දෙයකි. එනම් කල නොහැකි (impossible) යැයි අප සිතන දෙය කිරීමට අපි යොමුවන්නේ කෙසේද සොයා බැලීමය.
සිංගප්පුරුව තම දියුණු අවධිය වෙත ලඟා වීමට යන ගමනේදී මුලින්ම කලේ තම ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමයි. ඕනෙම අභියෝගයක් ජය ගැනීමට පෙළඹ වීමයි. සාමුහිකව අභියෝග ජය ගැනීමයි. කණ්ඩායම් හැඟීමයි. වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යාමයි. ධෛර්යවන්ත භාවයයි. ඒ සඳහා ඔවුන්ට උපකාරී වුවේ නොවිධිමත් අධ්‍යාපනයේ අංගයක් ලෙස සැලකෙන බාහිර ක්‍රියාකාරකම්ය (බාහිර කේන්ද්‍රීය පුහුණුව- Outward Bound Training). ලොව හොදම බාහිර ක්‍රියා ආයතනය ඇත්තේද ඔවුන්ටය. Outward Bound යන නාවික නම මුල්ම එංගලන්ත පාසැල විසින් පාවිච්චි කරන ලද්දේ ටෙනිසන් ගේ ඉහත අභිලාශය සිහිපත් කරමිනි.
විෂයේ මාධ්‍ය පිහිටන්නේ විෂය තුළ නොව විෂයට පිටින්ය (ex-timacy) යන්න මෙහිදී නැවත සිහිපත් කළයුතුව ඇත. අපගේ ආශා වස්තුව අපෙන් බාහිර ලෝකය තුල සොයා ගත යුතුව ඇත. නිශ්ක්‍රියව උදාසීනව සිට එය කළ නොහැක. විරාගයේ අරවින්ද පන්නයේ ලංකිකයින් හට මෙවන් බාහිර ලෝකයට නැඹුරු වුන පුහුණු ඉතා වැදගත් විය හැක. බටහිර ආත්මය තම ආශාව බාහිරට කේන්ද්‍ර කරන්නේ, බාහිර ලෝකය ගවේෂණය කරන්නේ තම තුලම පැලපදියම් වී ඇති කිසිදා පිරවිය නොහැකි හිස්බව නිසාය. නමුත් අප සිතන්නේ අප අභ්‍යන්තර යෙන් පිරි ඇත යනුවෙනි. නමුත් අපද හිස්ය.
නමුත් මෙම හිස්බව කපටිකම් වලින් වසාගත නොහැක. එසේ කල යුතුද නොවේ. ඕස්ට්‍රේලියන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට වුවේද ජයග්‍රහණය වෙනුවෙන් සහ මුදල් වෙනුවෙන් මෙම 'කෙටි පරිපථ' සොයා යාමේ භයානක ක්‍රීඩාවයි. ඔවුන් තමා පමණක් නොව තම රටද විකුණා දැම්මේය. අද දවසේ 'දියුණු ශිෂ්ට බටහිර' විසින් කරන මට්ටමේ කපටිකම් සහ වංචනික වැඩ අපගේ 'නරක, අශිෂ්ට, ඉතිහාසයක් නැතැයි' කියන පෙරදිග තුන්වන ලෝකය විසින්වත් කරන්නේ නැත. කේම්බ්‍රිජ් ඇනලිටිකා සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වංචාව මෙයට සමීපම උදාහරණ වේ.
අවම මට්ටමෙන් ගත්විට කිසිම් චාරයක් නැතැයි කියමින් බටහිර උදේ හවා විවේචනය කරන සෝමාලියානු කොල්ල කරුවන් වත් ස්ටීව් ස්මිත් වර්ගයේ වැඩ කරන්නේ නැත (බලන්න මෑතදී තිරගත වූ The Pirates of Somalia චිත්‍රපටය). ඩේවිඩ් වෝනර් ලා මෙසේ කරන්නේ අධි සුඛෝපභෝගී ජිවිත ගෙවන ගමන් බිමට වතුරවත් නැති දකුණු අප්‍රිකානුවන් සමගය. දියුණු රටවල් දුප්පත් රටවල් සමග ක්‍රිකට් ගසන්නේ මෙසේය.

කිසිවක් අලුතෙන් සිතා ක්‍රියාත්මක කල නොහැකි අපගේ දේශපාලඥයින් මුලින්ම මෙම Outward Bound පුහුණුව ලබා ගත යුතු යයි සිතමි. එකිනෙකාගේ පශ්චාත් භාගය හපා කමින් සිටින කාලකන්ණි යටත් විජිත කුලල් කා ගැනීමෙන් එවිට වත් අපට ගොඩ එනු හැකි වේද?
Peter Blue Nautical Sign
Peter Blue Nautical Sign
No comments:
Post a Comment