Thursday, November 8, 2018

ටයිටැනික් නැවට ගොඩවූ මනමේ කුමරිය...

ෂෙලිනියානු මනමේ භූමියක සිට ලියමි...
මෛත්‍රිපාල කියන්නේ ලංකාවේ පසු නුතන මනමේ කුමාරි. මේ මනුස්සයා කොයි වෙලේ හරි ඉතිහාස ගත වෙනවා පාවා දීම ගැන. ඒ කියන්නේ මනමේ කුමාරය කොච්චර ආදරෙන් හිටියත් අන්තිමට කඩුව දෙන්නේ වැදි රජාටතමන් එක්ක හිටිය අය අමතක කරන්න ඔහුට ගත වෙන්නේ මහොතකින් දහයෙන් එකයි. අන්තිම මොහොත වෙනකල් කියන්න බැහැ මොන පිස්සුව නටයි ද කියල. ලංකාවේ ඉන්නේ මේ වගේ මනමේ කුමරියෝ තමයි (හොඳ කරන්න බැරි හිස්ටීරියාව හැදුන පිස්සු කුමාරියෝ!!). පුරෝ කථනය කරන්න බැහැ කිසිම දෙයක්. විශ්වාස කරලා වැඩක් කරන්නත් බැහැ. මේක ආත්මීය ප්‍රශ්නයක්.  
   
හැබැයි ටයිටැනික් කියන්නේ ආදරය මරණය දක්වා ගෙනියන නැවකට... රෝස් නැවේ කුඹ ගහ යට ඉන්නේ ශුන්‍ය ආකාශය දිහා බලාගෙන. තමා ඉදිරිපිට තියෙන හිස් බව වැළඳ ගන්න බලාගෙන. මෛත්‍රීපාල කරන්නේ හිස් බවට බයේ දුවන එක. දුවල දුවල ගිහිල්ල තමන්ගේ දුවා දරුවන්ට දේශපාලන අනාගතයක් හදන එක. එහෙම පුද්ගලික දෙයක් වෙනුවෙන් ජනතා පැතුම පාවා දෙන එක (The personal is political). ඉතින් මනමේ කුමාරි (මෛත්‍රීපාල) හරි යයිද ඒ වගේ ආදරය ගැන කියවෙන නැවකට??

හැබැයි මහින්ද කියන්නේ නම් අර පරණ වැදි රජා ම තමයි. පොර මාර කට්ටයි. මිනිහ කරන්නේ කොයි වෙලාවක හරි මේ හැමෝම පාවා දෙන චපල මනමේ කුන්ඩවාලිය නැවෙන් පල්ලෙහාට තල්ලු කරන එක (මහින්ද කරන්නේ චපල බව චපල බව ඔස්සේ ම විනාශ කරලා දාන එක). ඒ කියන්නේ පුර්ව නුතන ස්ත්‍රී චපල බව පරාජය කිරීමට ඔහු පාවිච්චි කරන්නේ පුර්ව නුතන දඬුවම් ක්‍රමයක්. ඒ කියන්නේ විනාශ කරලා දමන එක (සායනික වචනය වෙනුවට). ඔන්න මෛත්‍රී මුලින්ම දුන්නා වැඩේ මහින්ද ට. ඊට පස්සේ පුක නැති කළා යු. එන්. පී. කාරයන් ගේ.  අනික් අතට දැනටමත් මෛත්‍රී ය එක්ක ආපු ශ්‍රී ලංකා කාරයින්ටත් කෙලවෙලා තියෙන්නේ. ඉතුරු වෙලා ඉන්න මෝඩයෝ ටිකටත් කෙල වෙන්න ආසන්නයි...මරු. 

එක රැයෙන් එළිවෙන්නේ නැහැ කියනවනේ පරණ සිංහල මිනිස්සු. අපි ඉතින් ඉවසීමෙන් බලාගෙන ඉම්මු. 


2 comments:

  1. වර්තමාන දේශපාලන වෙනස්කම් සම්බන්දයෙන් බොහෝ අය විමතියටපත්වී ඇති අතර ඔවුන් මෙය විශාල දේශපාලන අර්බුධයක් ලෙස හඳුන්වයි. බොහෝ අය අපෙන්ද විමසා සිටින්නේ මේ සම්බන්දයෙන් අපේ අදහස කුමක්ද කියාය.
    පලමුව කිව යුත්තේ මෙම දේශපාලන වෙනස්කම් අර්බුධයක් ලෙස හැඳින්වීම වැරදි බවය. අප එසේ කියන්නේ ධනේශ්වර දේශපාලනයම අර්බුධයක් නිසාය. බොහෝ විට දේශපාලනයේ සිදු වන වෙනස්කම් අර්බුදයන් ලෙස උත්කර්ශයට නගන්නේ මාධ්‍ය හා උපයෝගීතාවාදී ලෙස දේශපාලන පක්‍ෂයය. ඔවුන් දේශපාලනය අර්බුධ වලින් තොර සුසංවාදී ලෙස පැවතිය හැක්කක් ලෙස නිරූපණය කරයි. නමුත් අපගේ අත්දැකීමට ලක්වන දේශපාලනය හැම විටම අර්බුධයකි.
    මෙහිදී කතාබහට ලක්වන අදහසක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. අපට අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදු සංකල්පයක් පමනි. රාජ්‍යට මිනී මැරීමට උවමනා වූ විට ප‍්‍රජාත්නත‍්‍රවාදීව මිනී මැරිය හැක. හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත එයට උදාහරනයි. හැම විටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්තවත් වී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන ප‍්‍රථිපක්‍ෂයක් වටාය. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හැඩයක් නැති අවශ්‍ය විටක උපයෝගීතා අර්තයෙන් භාවිතා කල හැකි දෙයකි.
    ව්‍යවස්තාව මෙකල සාකච්ඡුාවට ලක් වන අනෙක් අදහසයි. ව්‍යවස්තාව කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට අප කල යුත්තේ විවේකයෙන් එය කියවා බැලීමයි. එහි හැම ව්‍යවස්තපිත වාක්‍යකටම පරස්පර අදහසක් එහිම අන්තර්ගතය. උදාහරනයක් වශයෙන් විධායක ජනාධිපත්ගේ බලතලයක් වශයෙන් අගමැති පත් කල හැකි බව ව්‍යවස්තාවේ කියවේ. නමුත් පහල සඳහන් කර ඇත්තේ එසේ පත්කරන පුද්ගලයා පාර්ලිමේන්තුවේ සභිකයින්ගේ විශ්වාසය දිනාගත් අයෙකු විය යුතු බවයි. මේ අනුව ව්‍යවස්තාව යනු කොකටත් තෛලයක් බවට පත්ව ඇත. බොහෝ ලිබරල්වාදීන් මෙම පරස්පරතා දකින්නේ බලය තුලනය කිරීමට ව්‍යවස්තාව තුල ඇති ප‍්‍රතිපාදන ලෙසයි. නමුත් මෙහිදී සිදුවන්නේ ව්‍යවස්තාව යනු හුදු මනඃකල්පිතයක් බවට පත්වීමයි. එය ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය පරිදි අර්ත නිරූපණය කල හැක.
    මෙහිදී සඳහන් කල යුතු වැදගත් කාරණයක් වන්නේ ව්‍යවස්තාව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කි‍්‍රයාත්මක වන්නේ දේශපාලන අර්බුධ විසඳීමටය. යන ලිබරල්වාදීන්ගේ අදහස ජේ.ආර් ජයවර්ධන එදා විහිළුවට ලක් කල ආකාරයයි. ඔහු අර්බුධය විසඳීමට කලේ ආණ්ඩුවේ මන්තී‍්‍ර වරුන්ගෙන් දින රහිත අස්විමේ ලිපි ගැනීම හා හදිසි නීතිය යොදා විරුද්ධවාදීන් මර්ධනයයි.
    මෙහිදී සිදු වන අනෙක් කාරණය වන්නේ මෙම දේශපාලන අර්බුධ නිසා ජනතාව පීඩාවට පත්වනවා යන අදහසයි. එහි දෘෂ්‍යමානය එය වුවද සැබවින් සිදුවන්නේ වෙනකකි. මෙම අර්බුධ ලෙස හඳුන්වන දේශපාලන සිද්ධි විසින් පවතින දේශපාලන සම්බන්දයෙන්් වන මිනිසාගේ විශ්වාසය ආරක්‍ෂා කරයි. ඔවුන් පවසන්නේ මෙම අර්බුධ ඇති නොවන්නේ නම් අපගේ සියළු ප‍්‍රශ්න වලට විසඳුම් මේ දේශපාලනය හරහා ලබා ගත හැකි බවයි. ආර්ථික අර්බුධ වලින් ධනවාදය විනාශ නොවන බවත් එම විනාශයන් මතින් ෆිනික්ස් පක්‍ෂියෙක් ලෙස ජයග‍්‍රාහීව ධනවාදය නැගී සිටින බවට වන මාක්ස්ගේ අදහස මෙහිදී සිහිපත් කල යුතුය.
    බොහෝ අය මෙම දේශපාලනය සම්බන්දයෙන් පවසන්නේ අපේ රටේ දේශපාලනය බල්ලාට ගොස් ඇති බවත් යුරෝපයේ හෝ ඕස්ටේ‍්‍රලියාවේ නියම දේශපාලනය පවතින බවයි. නමුත් මේ සම්බද්ධයෙන් අපට පැවසිය හැක්කේ මෙම අදහස මෙම ජරාජීර්ණ සමාජය ඉවසීමට අප විසින්ම ගොඩනගාගන්නා ප‍්‍රබන්දයක් විනා අනිකක් නොවේ. ලොව කොතනක හෝ නීතිය ලෙස හෝ වෙනත් ආකාරයට දැනුම මත පදනම් වන ඕනෑම සමාජයක් තුල මෙම බලහත්කාරය,හිංසනය,අසමානතාවය පවතී.
    අවසාන වශයෙන් කිව යුත්තේ ධනේශ්වර දේශපාලනයම අර්බුධයක් බවයි. මෙම ධනේශ්වර දේශපාලනය ඇදගෙන යන ධාවකයන් වන්නේ් මෙම අර්බුධයන් ලෙස හඳුන්වන දේශපාලන සංසිද්ධීන්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ව්‍යවස්තානුකූල නීතිය යනු සාරයක් ලෙස පවතින දේ නොවේ. හුදු ප‍්‍රභන්දමය දැනුම් පද්ධතීන්ය.
    අප මෙහිදි අවධාරනයෙන් සඳහන් කරන්නේ් වර්තමානයේ දේශපාලනය ලෙස උත්කර්ශයට නගන පාර්ලිමේන්තු,මැතිවරණ, විරෝධතා ,ප‍්‍රජාතන්ත‍්‍රවාදය,නීතිය යනාදිය තුල දේශපාලනය නොපවතින බවයි.
    මෙම විශ්ලේෂණය කොමියුනිිස්ට් දේශපාලන පදනම මතින් කරන ලද්දකි.

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන ප්‍රශ්නය මගේ පැත්තෙන් ඉතාම සරලයි. වැඩි වංගු නැතුව කිව්වොත් මෙහෙමයි. 2015 දී අපි පරාජය කලේ පුර්ව නුතන රාජ්‍ය ව්‍යුහයක් (ඒ කියන්නේ රජෙක් පිළිබද රූපකයක්). ඒක නුතනත්වය පැත්තෙන් ප්‍රගතිශිලි දෙයක් (මාක්ස් ට අනුව වුවත් වැඩවසම් ප්‍රතිරූපයකට වඩා දනේශ්වර ක්‍රමය දියුණු දෙයක්). එහෙම දෙයක් වුනේ අධිපති විධායක ක්‍රමය තුල තිබුණු අත්තනෝමතික අන්තර්ගතය නිසා (සංවරණය සහ තුලනය අහිමි වීම). 19 සංශෝදනය ගේන්නේ ඒක නිසා. නමුත් මෛත්‍රිපාල විසින් කලේ එම ප්‍රගතිශීලි පියවර අනෙක් පැත්තට කැරකීම (නැවත අත්තනෝමතික බවට යෑම). එය දියුණු තත්වයක් නොවේ කියන එක තමා මගේ ස්ථාවරය (ලෝක ප්‍රජාව ඔහු ප්‍රතික්ෂේප කරන්නේ ඒකයි). පිට රටකට යන්න බෑ මේ කරපු වැඩේ නිසා. නැවත අප නුතන ලෝකයෙන් පස්සට ගිහින් ආසියාතික වුණා නේද? ඒකට සමාව දෙන්න බැහැ ඔහුට...

      Delete