|
නිර්භිතයින් සදාකාලික වනු ඇත Fearless lives forever! |
'මගේ ලෝකයෙන් පසු ලෝකය' ලියවෙන සන්දර්භය වනාහී ක්ෂිතිමය එකකි. ඒ ලංකාවේ සිංහල බෞද්ධ මහජනයා දෙමළ අනෙකා ගේ මරණය අබියස කිරිබත් කෑ යුගයක් පසු කිරීමේ ක්ෂිතියයි. අප දන්නා අහිංසක බුද්ධාගම යක්ෂයෙක් ලෙස විපරිණාමය වීම අපේ පැත්තෙන් අධ්‍යයනය කළ යුතු යමක් විය. එම බෞද්ධ අහිංසක බව විසින් මීට පෙර පවා විප්ලව දෙකක් පොළොවටම චප්ප කර දමා තිබුණ සන්දර්භයක් තුළ ඒ පීඩනයට ලක් වුවන් තුළින් පවා මේ අධ්‍යයන වගකීම ඉටු වුවේ නැත. මෙවන් දෙයක් අමාරුවෙන් කරද්දී පවා වමේ ම පාර්ශව වෙතින් අප වෙත ප්රක්ෂේපණය කලේ කුණුහරප වීම තවත් දෛවෝපගත බුද්ධාගමේ ම සංවර්ධනයක් විය. අපේ ව්‍යායාමය පරිපුර්ණ යැයි අප නොකියමු (පරිපුර්ණ බව අවසන් වන්නේ සමස්තතාවය තුලින් ය). කිසිවක් නොතිබීම වෙනුවට පවතින දෙය රෝග ලක්ෂණයක් බව ද අපි දනිමු. දැන් ඉතින් අවම වශයෙන් රෝග ලක්ෂණයක් හෝ ඇත. එයින් අදහස් කරන්නේ රෝග ලක්ෂණය ඔබ දන්නේ නම් සායනික ඇඳ මත තැබීමට දෙයක් දැන් ඇති බවය. මෙතෙක් එය (රෝග ලක්ෂණයක්) වත් පැවතුනේ නැත. ශුන්‍යතාවයට නලින් බිය වුවාට අප බිය නැත. ශුන්‍යතාවයෙන් (නිවනින්) ගැලවීමට ඔහුට සිංහල අනන්‍යතාව අවශ්‍ය වේ. නමුත් මෙලොවට විසි කර දමා ඇති අපට ශුන්‍යතාවය යනු අලුත් දෙයක් නොවේ. නිවන ඇත්තේ සියල්ල අතහැරීමට අප සුදානම් වන තැනය. අප තුළ කිසිවක් නැති බව පිළිගැනීමට ධෛර්යක් තිබිය යුතුය. නීර්භීත බවක් තිබිය යුතුය. අනෙකා තුළ කිසිවක් නොමැති බව දැන දැනත් ඔහුව හෝ ඇයව වැළඳ ගැනීමට නම් ඊටත් වඩා ධෛර්යක් තිබිය යුතුය. එනම් කොකා කෝලා බිමට නීර්භීත බවක් අවශ්‍ය ය. කොකා කෝලා යනු ඒ ශුන්‍යතාවයේ නමයි. පිටත ඇතුලත යන දෙකම හිස් ය. ඉතිං (වී වෙනුවට) රෝස මල (ශුන්‍යතාවය) ඇත්තේ මෙතැනය. ඔව් මෙතන නටන්න!
ජනවාරි 29 දා 3.00 ට මහවැලියට එන්න.
No comments:
Post a Comment