හදිසි අනතුරකින් හොරණ රබර් කර්මාන්ත ශාලාවේදී මියගිය සහ රෝගී වූ කම්කරුවන් වෙනුවෙන් මෙම ගීතය උපහාරයක් ලෙස පළකරමි. කාර්මික පරිසරයක් තුල අනතුරු බහුල අතර ඒ සඳහා ආරක්ෂක ක්‍රම වේදයන් (safety measures) පාවිච්චි කල යුතුය. නමුත් අප වැනි රටවල එවන් ක්‍රමවේද නැති බව (truth) දැන ගන්නේද සිද්ධියකට පසුවය (after the event). රැමස්ටීන් (Rammstein) යනු ලොව ප්‍රකට ජර්මානු කාර්මික රොක් ගායක කණ්ඩායමකි. Ich Tu Dir Weh නම් මෙම ගීතයෙන් කියවෙන්නේ මිනිසා විසින් තම අනෙකාට අත්විදීමට සලසන වේදනාව (ජර්මානුවන් විසින් දෙන ලද යුදෙව් වේදනාව) තුළ ඇති පරපීඩා ස්වභාවය ගැනය. කෙසේවුවද රැමස්ටීන් නාසි වාදයට පක්ෂ ගායක කණ්ඩායමක් ලෙස සැලකේ.
ඉතින් මෙම සෝචනීය මොහොතේ ගීතයක් දමන්නේ ඇයි දැයි ඔබ විමසනු ඇත. නමුත් සෑම භයානක සිදුවීමක් සමගම ඒ හා බැඳුනු සෞන්දයක් අපට ඉතිහාසය තුළ මුණගැසේ. එම දුර්දාන්ත මොහොතේ නපුර අප අමතක කරන්නේ ඉහත සෞන්දර්යය හරහාය (යුදෙව්වන් ඝාතනය කල නාසීන් කියවුයේ භගවත් ගීතාවයි. අපේ අය ඇසුවේ ඇල්ලේ ගුණවංශ ගේ ගීතය). අප මුහුණදෙන ක්ෂිතියෙන් අපට ආපසු පැමිණිය නොහැකි වුවොත් මිනිස් විෂය උමතුවට පත් වනු ඇත. යථාව තුළ අපට දිගටම සිටිය නොහැක. මිනිස් පැවැත්මේ අඳුර තුලින් මිනිසාට නැවත සාමාන්‍ය බව වෙත පැමිණිය යුතුය (සුවපත් විය යුතුය). ඉහත කම්කරුවන්ගේ ඥාතින් ලෙස ජිවත් වන අයට එය අවශ්‍ය ය. අවම වශයෙන් ජර්මානුවන්ට පවා එය අදාලය. බොහෝ අය දේශපාලනයෙන් ඉවත් වී පවුල් පන්සල් වීමේ යතුර ඇත්තේ මෙතනය. නමුත් සිදුවන්නේ (විශේෂයෙන් වමේ) දේශපාලනය අත්හැර (දකුණට) ගිය බොහෝ අය රෝගී වීමය. එයින් කියවෙන්නේ යථාවෙන් නිදහස ලැබීම හිතන තරම් පහසු දෙයක් නොවේය යන්න ය.
ස්ලාවෝ ජිජැක් ට අනුව අනෙකා මුණගැසීම අසීරු දෙයකි (real-impossible). බොහෝ විට අප අනෙකාගේ සංස්කෘතියේ දේවල් වන වෙනස් කෑම වර්ග (තෝසේ, වඩේ), වෙනස් සමාචාර විධි, වෙනස් සංගීත විධි යනාදිය මුණගැසීම අනෙකා මුණගැසීම බවට වැරදි ලෙස අර්ථ කථනය කරන බවට ඔහු චෝදනා කරයි (සංචාරකයින් 'තේමා ගම්මාන' වලට ගොස් අපගේ කැවුම් කිරිබත් කෑවට සිංහලයා මුණ නොගැසේ. සැබෑ සිංහලයා සිටියේ දෙමලා මරා කැවුම් කෑ දිනයේය යන්න මෙහි අර්ථයයි). ජිජැක් ට අනුව අනෙකා යනු අප ඔහුගේ හෝ ඇයගේ යථා ව (Real) ලෙස දකින දෙය තුලින්ම ඉස්මතු වන දෙයයි). උදාහරණ ලෙස ඉන්දියානුවා යනු කුල ක්‍රමය යන අප පිළිකුල් කරන දෙය දරා ගත් තැනැත්තායි. කුළ ක්‍රමය අහෝසි වූ වහාම ඉන්දියානු බවද අහෝසි වී යයි යන්න ඔහුගේ මතයයි. එය හරියටම පර්දාව ගැලවූ වහාම ඉස්ලාම් බව අහෝසි වී යනවා බඳුය. සමලිංගික බව අහෝසි කල විගසම සමලිංගිකයා අහෝසි වී යයි. එසේ නම් අනෙකාගේ වේදනාව අප අවබෝධ කරගත යුත්තේ අනෙකාගේ යථාව තුලිනි. අනෙකාගේ යථා වේ සිගරට් දුම්රොටු, ගංජා දුම්, නිකොටින්, මත්පැන්, සිරින්ජර් අතරිනි.
අනෙකාගේ වේදනාව වෙනුවෙන් සංවේදී නොවන අයෙකුට විමුක්ති කාමියෙක් විය හැකිද යන්න අප ඉදිරියේ ඇති විශාලම ගැටලුවයි. පිරිමියාගේ අනේකත්වය ගැහැණිය නම් ඇයගේ නිදහස අපගේ ද නිදහසක් කර නොගන්නා පිරිමි දේශපාලනයකට සැබෑ විමුක්තිකාමී දේශපාලනයක නිරත විය හැකිද? ඇයගේ වේදනාව අපගේද වේදනාවයි. සමලිංගික අනෙකාගේ වේදනාව ද අපගේ වේදනාවයි. බටහිරයින් විසින් අපමත පැටවූ වික්ටෝරියානු සදාචාරයෙන් බැටකන අරගලකරුවෝද අපගේ ම අරගලයේ කොටස් කරුවෝය. සංක්‍රාන්ති මනුෂ්‍යයෝ තුල ද ඇත්තේ එකම වේදනාවකි. කුමන තැනක අපි සිටියද අප සියල්ලෝම එකතුවන සාර්වත්‍රික හැඟවූම (universal signifier) 'ක්‍රිස්තියානි වේදනාව' නම් සමකාලින විමුක්තියේ එකමුතුව (solidarity) එයයි. එකතු විය හැක්කේ එසේනම් අනෙකාගේ වේදනාව ඓන්ද්‍රීයව දැනෙන අයට පමණි (නිර්ධනීන්). අධිපති පාලනයෙන් පීඩිත සියල්ලෝම එකතුවෙන තැන එසේනම් අපද සිටින තැනයි. එකමුතු ව සටන් වදිනවාද නැතිනම් අනෙකාගේ වේදනාව ඉදිරියේ ඔබ භගවත් ගීතාව කියවනවාද? ඔබ ම තීරණය කරන්න.
සමාජවාදී, කම්කරු, ස්ත්‍රීවාදී, ජාතිවාදයට එරෙහිවන්නන්, පරිසරවාදී කොටස් සහ සංක්‍රමිකයින් ඇතුළු සියලු නිර්ධනිනි එක්වව්!
'ආශාව සහිතව ගැහැණියක් දුෂණය කිරීම ආශාවෙන් තොරව ඇයව දුෂණය කරනවාට වඩා මිලි මීටරයකින් සදාචාරවත් යැයි සැලකිය හැකිය' (ජිජැක්).
Lacanian Real and Culture
https://www.youtube.com/watch?v=aR_UGQmMUT0

No comments:
Post a Comment